December 30, 2016

කරපිංචා වල ඖෂධීය වටිනාකම....

ආහාර සකස් කිරී‍මේදී අද නැතිවම බැරි ස්වභාවික රස කාරකයකි. කරපිංචා එසේම මෙහි ඉතා ඉහල ඖෂධීය මෙන්ම පෝෂනීය වටිනාකමක් ද ඇත.
කරපිංචාවල  අඩංගු Flavonoids හා කෙදි නිසා කරපිංචා රුධීරයේ  LDL කොලොස්ටරෝල් පාලනය කරන බව පරීක්ෂණ මගින් සොයා ගෙන ඇත.මෙය කෙදි සහිත නිසා කොලෙස්ටරෝල් අවශෝෂණය බාල කරනු ඇත. තව ද අවශෝෂනය අඩු කරනු ලබයි. එම නිසා ‍මෙය හෘද රෝගීන් සදහා දිව ඔසුවකි.
තවද කරපිංචාවල යකඩ සැලකිය යුතු ප්රමාණයක් අඩංගු වේ. කරපිංචා මේ නිසා (විටමින් A සහ C) හොද ඔක්සිහාරකයකි. එනම් ශරීරයට ඇතුළු වන වස විෂ ද දියවැඩියා රෝගීන්ගේ රුධීර ග්ලුකෝස් පාලනය ද, කිරිමේ හැකියාව මෙයට ඇත.
කරපිංචාවල විටමින් A සහ C ද අඩංගුය,නමුත් මේවා එලෙසින්ම වැදගත් වන්නේ අමුවට ආහාරයට ගැනිමෙනි. වියළීමේ දී සමහර විටමින් කොටස් විනාශ වීයනු ඇත.
තවද සර්ප විෂට කොළ මිශ්රණය අඹරා යුෂ පානය කිරිමට ෙන්නේ ද මෙහි තිබෙන ඖෂධීය ගුණය නිසාය.
අප කළ යුත්තේ ආහාරයට එක් කරන කරපිංචා විසි කිරීම නොව ඒවා හොදින් සපා කෑමය. මෙවිට එහි ඇති ගුණය,පෝෂණය හා ඖෂධීය වටිනාකම අපට ලැබේ.              
සෑම ගෙදරකම කරපිංචා ශාකයක් වැවීම ඉතාමත් පලදායකය. දිනපතා උදේ පාන්දරම කොළ කැද සාදා කරපිංචා පානය කළහොත් ශරීරයට ඉතා ගුණදායකය.
කරපිංචා ඉතා හොද ප්රසිද්ධ කුළු බඩුවකි. මෙමගින් ආහාරයට සුවදක් , රසයක් , ප්රනීත බවක් ඇති කරය. එය සිදු කරන්නේ එහි ඇති Flavonoids නිසාය.
කරපිංචාවල අඩංගු ප්රතිඔක්සිහාරක ගුණය නිසා පිළිකා සෛල නැසීමෙ ගුණය ද, සෛල චක්‍රය දික්කර වේගය අඩු කොට වයස් ගත විමද අඩුකිරීමේ ගුණයද ඇත.
කරපිංචා භාවිතය නිරෝගී දිවියක් සදහා උපකාරී වන බව කිවහැක.

1 comments:

කරපිංචා පවුඩර් ඕන අය කියන්න අපිලග තියෙනවා 0711208967

Post a Comment