December 28, 2016

දියකර නොයැවියයුතු දියකිරි


වර්ථමානයේ මෙරට ජනතාවගේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යයක් බවට කිරිපිටි පත්වී ඇත. දිනෙන් දින ඉහළ යන කිරිපිටි මිල හම්වේ කිරි ආශ්‍රිත නිෂ්පාදන පරිභෝජනය සදහා විශාල මුදලක් දැරීමට මෙරට ජනයාට සිදු වී ඇත. මෙයට විසදුමක් ලෙස ආනයනික කිරිපිටි වෙනුවට දේශිය දියර කිරි පරිභෝජනය සදහා යොමු වීම ඉතා කාලෝචිත පියවරකි. කිරිපිටි හා සැසදීමේදී  දියර කිරි පෝෂණිය ගුණයෙන් ඉහලින් මට්ටමක පවතියි.
මනුෂ්‍ය ශරීරයට අවශ්‍ය කැල්සියම් ලබා ගත හැකි එක් මාර්ගයක් වන්නේද දියර කිරි පරිභෝජනයයි. දියර කිරිවල ඇති කැල්සියම් ඉතා පහසුවෙන් ශරීරයට අවශෝෂණය කර ගන්නා බැවින් දියර කිරි පරිභෝජනය ඉතා ඵලදායී වේ.දියර කිරි වල ප්‍රෝටීන් 3%ක්, කාබෝහයිඩ්‍රේට් 5%ක්, මේදය 4%ක් සහ ජලය 87%ක් අන්තර්ගත වන අතර ඊට අමතරව පොස්පරස්, මැග්නීසියම්, කැල්සියම්, සින්ක් හා විටමින් A,E,B සහ විටමින්  D ද අඩංගු වෙයි.
විටමින් D සිරුරට ලැබෙන ප්‍රධානතම මාර්ගය වනුයේ උදෑසන හිරු එළයයි. විටමින් D ඌනතාවය හේතුවෙන් අස්ථි භග්නයන්ටද ලක්විය හැක. වර්ථමාන ජීවිත රටාවන් සමග මිනිසුන් හට උදෑසන හිරු එළයට නිරාවරණය වීමට තරම් කාලයක් නොමැති හෙයින් විටමින් D ලබා ගැනීමේ පහසුම ක්‍රමය දියර කිරි පරිභෝජනයයි.
එසේම දියර කිරිවල පොටෑසියම් බහුලව අඩංගු වන අතර රුධිර පීඩනය අවම කරලීම ඔස්ටියෝ පොරෝසීස් වැනි රෝගයන්ට ගොදුරු වීමේ අවදානමෙන් මිදීමටද  දියර කිරි  පානය ඉතා වැදගත් වේ.
පිටි කිරි නිෂ්පාදනයේදී අමු කිරි ඉතා අධිකව රත්කිරීම හා නොයෙකුත් රසායනික ද්‍රව්‍ය එකතු කිරීම වැනි ක්‍රියාවලට බදුන් කරන බැවින් නැවුම් දියර කිරිවල අඩංගු බොහොමයක් විටමින් වර්ග වියලි පිටිකිරි වල අඩංගු නොවේ.

ශ්‍රී ලාංකික ජනයා පිටිකිරි වලට හුරු වීම බහුජාතික සමාගම්හි වෙළද ප්‍රචාරණයට හසු වී සැදුන පුද්ගල මානසිකත්වය මත සිදු වුවත් දියුණු බටහිර රටවල් පිටිකිරි වෙනුවට නැවුම් එළකිරි භාවිතය මිට කදිම නිදසුනකි. කරුණු අවබෝධ කර ගෙන දියර කිරි පරිභෝජනයට යොමු වීම ආර්ථිකයට ශක්තියක් මෙන්ම පෝෂණ අවශ්‍යතා සපුරාලීමට මහත් පිටිවහලක් ලබාදෙයි. 

0 comments:

Post a Comment