December 26, 2016

බැක්ටීරියා බලයෙන් බැටරියක්


Binghamton විශ්වවිද්‍යාලය, නිව් යෝර්ක් රාජ්‍ය විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් කණ්ඩායමක් විසින් තනි කඩදාසි පත්‍රයක් මත බැක්ටීරියා බලයෙන් බැටරියක් නිර්මාණය කර ඇත. මෙම නිෂ්පාදන තාක්ෂණය හේතු කොට ගෙන  පිරිසැකසුම් කාලය සහ වියදම අඩුවීම නිසාත් දුරස්ථ, අනතුරුදායක හා සම්පත්  සීමා ස්ථානවල  බල ප්‍රභවයක් ලෙස ජෛව බැටරි භාවිතයට ගැනීමට හැකිවීම විප්ලවීය වෙනසක් විය.

සහකාර මහාචාර්ය චෝයි සහ PhD උපාධි අපේක්ෂක යැං ගාඕ යන අය විසින් අධිශෝෂණය භාවිතයෙන් සංයෝග විශ්ලේෂණය කිරීමේ කඩදාසි කැබැල්ලක භාගයක් මත සිල්ව නයිට්රේට් පීත්ත පටියක් තබා ඊට යටින් තුනී ඉටි ස්ථරයක් තබා කැතෝඩය නිර්මාණය කර ඇත. මේ දෙදෙනා පසුව ඇනෝඩය ලෙස කඩදාසි කැබැල්ලේ අනෙක් භාගය මත සන්නායක බහු අවයවික පිටත ජලාශයක් කළේය. පසුව එක්වරක් නිසි ලෙස නවා බැක්ටීරියා පිරුණු ද්‍රව බින්දු කිහිපයක් එකතු කර ක්ෂුද්‍ර ජීවීනගේ සෛලීය ස්වසනය  මගින් බැටරියට බලය දෙන ලදී.

මෙම සොයා ගැනීම කඩදාසි බැටරි සංවර්ධනයේ නවතම පියවරක් බව සහකාර මහාචාර්ය චෝයි මහතා පවසයි. එම කණ්ඩායම 2015 වර්ෂයේදී පළමු කඩදාසි මූලාකෘතිය සංවර්ධනය කල අතර එය matchbook වැනි නැමිය හැකි බැටරියක් විය.

https://www.sciencedaily.com/releases/2016/12/161221110606.htm

0 comments:

Post a Comment