December 29, 2016

හිරු එළිය මගින් ජීවින්ට සිදුවන අයහපත් බලපෑම්


                        හිරු එළිය මගින් ජීවින්ට සිදුවන අයහපත් බලපෑම්

  මුලු ලෝකයෙහිම සත්ව හා ශාක සංහතියේ පැවැත්ම හිරු එළිය මත රදා පවතී . හිරු එළිය නොවැටේ නම්  එතැන  සජීවි  ලෝකයක් පැවතිම  අසීරුය.  නමුත්  ජීවයේ  පැවැත්ම  සදහා  අත්‍යවශය  වන  හිරු කිරණ  සත්වයිනට අයහපත් බලපෑම්ද ඇති කරයි.


හිරු එළියට සම නිරාවරනය වීම නිසා අයහපත් ප්‍රතිඵල ගණනාවකට ලක් විය හැක.

සූර්යා ලෝකය කොතරම් දීප්තිමත් වුවද දිගු වේලාවක් ඇස සූර්යා ලෝකයට නිරාවරණය වීම නිසා  ඇසේ කාචය හරහා ප්‍රධාන  වශයෙන්ම UV (පාරජම්බුල කිරණ) ඇතුල් විය හැක. එමගින් ඇස් දැවිල්ල හා ඇසේ කාචය  පිලිස්සීම සිදු විය හැකි අතර මෙය ඇසේ සුද ඇති වීමට  හේතුවේ. එවිට කාචයේ වළාකුලු පටලයක් බැදුනා සේ දැනෙන අතර පෙනිම අපහැදිලි වේ.

 දින කිහිපයක් හිරු එළියට අනාවරණය වීමෙන්  අධික ලෙස ශරීරයේ ජලය ඉවත් වී නැවත ස්වාභාවික තත්වයට පත් වීමට අපහසු වේ. එවිට ශරිරය විඩාවට පත් විම , කරකැවිල්ල, හිසරදය වැනි රෝග ඇති විය හැක. මෙය නොසලකා හැරිය යුතු තත්වයක් නොවන අතර එමගින් හදිසි ආබාධ ඇති විය හැක.මෙහිදී උෂ්ණත්වය එක වරම මිනිත්තු කිහිපයක් තුල අංශක 104 ට වඩා ඉහල යා හැකි අතර එමගින් මුලු ජීවිත කාලය පුරාම ප්‍රතිකාරගත යුතු ආකාරයට හෘදයට,  මාංශ පේශීන්ට, වකුගඩු වලට මෙන්ම මොළයට පවා හානි විය හැකියි.

 අවිවට පිලිස්සීමද අහිතකර සෞඛ්‍ය ගැටලු මතු කරන තවත් කරුණකි. මෙහිදී පැය 4ක් පමණ යන තුරු පැහැදිලි රෝග ලක්ෂණයක් දැකිය නොහැකි අතර පැය 24 -36 ක් පමණ යන තෙක් එමගින් සිදුවන අහිතකර බලපෑම් පවතී. මෙමගින් ඇතිවන පොදු රෝග ලක්ෂණ වනුයේ සමේ වේදනාව ඇති වීම , හිසරදය , උණ, බිබිලි,  ඕක්කාරය වැනි අපහසුතාය.  එනිසා මෙය වහාම ප්‍රතිකාර ගත යුතු තත්වයකි.
 හිරු එළියට සම නිරාවරණය වීම නිසා ඇතිවන තවත් ප්‍රධානතම සෞඛ්‍ය ගැටලුවක් වනුයේ සම තුවාල වීම,  චර්ම පිළිකා  හා අකලට පැසුනු සමක් ඇති වීමයි. මේ සදහා හේතු වනුයේ සූර්යා ලෝකය සමග සමට වැටෙන පාරජම්බුල කිරණයි.

 බොහෝ විට සම රුලි වැටීම සිදු වනුයේ  වයසට යාමත් සමගයි. නමුත් හිරු එළියට නිරාවරනය වීමෙන් හිරු එළියේ ඇති පාරජම්බුල කිරන  නිසා සමේ ඇති  කොලැජන් හා තන්තු බිද වැටි සම රුලි වැටීම සිදු වේ. UV කිරණ කොලැජන් තන්තු වලට හානි කිරිම නිසා ඉලාස්ටින් සැදීම වැඩි කරයි. එවිට ඉලාස්ටින් තන්තු නැවත වරක් කොලැජන් තන්තු ගොඩ නැගීමට උත්සාහ ගනියි. නමුත් මෙහිදී නැවත ගොඩ නැගෙන විට නිවරදි ආකාරයට සැකසීම සිදු නොවේ. මෙහි ප්‍රථිපලය වනුයේ ඇදෙන සුලු ස්වභාවය අඩු විමයි. එම නිසා සමේ රැලි ඇති වි වයසට යාම වේගවත් වේ.

 ප්‍රතිජීවක භාවිතය, විශාදනාශක භාවිතය සමෙහි හිරු එලියට ඇති සංවේදීතාවය වැඩි කරයි.

 අසාමාන්‍ය කෙන්ඩා පෙරලීම නාඩි වැටිමේ වේගය වැඩිවිම වැනි රෝග ලක්ෂණ නිතර නිතර නොවූවද ඇතැම් විට ඇති විය හැකියි. කෙසේ වුවද අධික හිරු එළියට බොහෝවේලා නිරාවරණය වීම සෞඛ්‍ය ගැටළු ගණනාවක් ඇති කිරීමට හේතු වේ.  

https://www.unitypoint.org/livewell/article.aspx?id=9a64f6ba-8855-44dd-82d7-fe32b00f4e06
http://www.healthcommunities.com/sun-safety/harmful-effects-of-the-sun.shtml

0 comments:

Post a Comment