December 30, 2016

රතු ළූණු වල වටිනාකම

රතු ළූණු  යන අන්වර නාමයෙන් හැදින්වෙන ළූණු, ශ්‍රී ලංකාවේ සියළුම ප්‍රදේශ වල පාහේ ආහාර රස ගැන්වී‍මේ කාරකයක් ලෙස එකතු කෙරේ. බොහෝ විට ශ්‍රී ලංකාවේ භාවිතා වන්නේ ඉන්දියාවෙන් ආනයනය කරන ලද බී ළූණු නම් විශේෂයකි. පුරාණයේ සිට ලාංකිකයන් භාවිතා කළ ව්‍යවහාරික රතු ළූණු, උඩරට කදුකරයේ ආහාර වලට ගෙන එන්නේ ආනයනික ළූණු වලින් ලබාගත නොහැකි රසයකි. ස්වාභාවිකම රතුළූණු යනු ඉතා ප්‍රබල ප්‍රතිජීවකයකි. ප්‍රතිශක්තිය වර්ධනය කරමින් රතුළූණු මගින් ලබාදෙන අපගේ අවධානය යොමු නොවූ කරුණු කිහිපයක් සලකා බලමු.

1.      මුඛ කුහරයට

රතු ළූණු අල කැබැල්ලක් දිනකට විනාඩි 3-4 ක් අතර කාලයක් සැපීමෙන් මුඛ කුහරයේ ශ්ලේෂ්මලය සම්පූර්ණයෙන් විෂබීජ වලින් තොර ගැනීමේ හැකියාව ඇති බව සොයාගෙන ඇත.

2.      අන්තරාසර්ග ග්‍රන්ථ වලට
හෝමෝන ස්‍රාවය සිදුවන ග්‍රන්ථින් අන්තරාසර්ග ග්‍රන්ථින් ලෙස හැදින්වේ. තයිරොයිඩ් ග්‍රන්ථියෙන් හා අග්න්‍යාසයෙන් හෝමෝන ස්‍රාවය වීම උත්තේජනය කර සිරැරේ සමස්ථිතිය ක්‍රමවත්ව පවත්වා ගැනීමට  රතුළූණු  වලට හැකිය.

3.      ස්වශන පද්ධතියට
රතුළූණු වලට කැස්ස, සෙම්ගෙඩි, සෙම්ප්‍රතිශ්‍යාව, බ්‍රොන්කයිටීස්, නියුමෝනියාව හා ඇදුම යන රෝග සදහා සහනය ලබා දීමේ හැකියාවක්ද සහිතය.

4.      අන්ත්‍ර තුළ
මහා අන්ත්‍රය හා කුඩා අන්ත්‍රය තුළ රෝග කාරක ක්ෂුද්‍ර ජීව් විශේෂයන්ගේ වර්ධනය නිෂේධනය කරමින් ආන්ත්‍රික ශ්ලේෂ්මලය රැක ගැනීමට හැකියාව ඇත. එ‍‍මෙන්ම අන්ත්‍රය තුල  ඇතිවන ආසාදන වලට සහනයක් ලබාදීමට ද රතුළූණු  වලට හැකිය.

5.      ආහාර ජීර්ණයට
ආහාර ජීර්ණය වේගවත් කර මල බද්ධය මග හැරවීමට කටයුතු කරයි.

6.      වකුගඩු වලට
මෙම ස්වාභාවික ප්‍රතිජීවකය මගින් වෘක්ක වලින් බහිස්‍රාවය කාර්්‍යෂම කර මුත්‍රාශයේ දැවිල්ල වැනි රෝග සමනය කරයි.

7.      අස්ථි සහ සන්ධි වලට
රතුළූණු මගින් දේහයෙන් ජලය හා විෂ ද්‍රව්‍ය බැහැර කිරීම කාර්්‍යක්ෂම කරයි. එමෙන්ම සන්ධි ඉදිමීම, දණහිස් අමාරුව වැනි රෝග තත්වයන්ට ගොදුරු වීමේ හැකියාවද කරයි.

Source  http://elakiriwada.blogspot.com

0 comments:

Post a Comment