December 27, 2016

අපවිත්‍ර ජලයේ ඇති බැක්ටීරියා මගින් ශක්තිය ලබා ගත හැකි බැටරියක්.

විද්‍යාඥයින් විසින් අපවිත්‍ර ජලයේ ඇති බැක්ටීරියා මගින් ශක්තිය ලබා ගත (bacteria-powered battery) හැකි තනි පත්‍රයක බැටරියක් නිපදවා ඇත. වඩා ලාභදායි සහ පහසු අයුරින් නිෂ්පාදනය කළ හැකි ලෙස නිපදවා ඇති මෙය වෛද්‍ය කටයුතු වලදී සංවේදකයක් ලෙස භාවිතා කළ හැක.
මෙහි විශේෂත්වය වන්නේ මෙය නැමිය (හැකිලිය) හැකි පත්‍රයකි. මෙය අප දන්නා කාබනික ද්‍රව්‍යය මගින් ලබා ගන්නා ශක්තිය ගබඩා කර ගන්නා ජීව බැටරි සහා නවතම උදාහරණයයි. මෙහි තවත් එක් විශේෂත්වයක් වන්නේ අපවිත්‍රජලයේ ඇති බැක්ටීරියා මගින් මේ සහා ශක්තිය ලබා ගැනීමයි.මෙම පත්‍රානුකූල හැඩය (paper-based design) නිසා පර්යේෂකයන් නව ක්ෂේත්‍රයක් පිළිබ පර්යේෂණයන්ට පෙළඹී ඇත. එනම් Papertronics ලෙස නම් කරන ලද (Paper + electronics)  ක්ෂේත්‍රයයි. තවද මෙම බැටරිය භාවිතය ඉතා පහසුවන අතර වෙනත් විදුලි ප්‍රභව නොමැති අවස්ථාවලදී මෙය භාවිතා කළ හැක.


මෙම බැටරිය නිෂ්පාදනය සහා පර්යේෂකයන් විසින් පත්‍රයක (සංයෝග විශ්ලේශණය කර ඇති- chromatography paper) සිල්වර් නයිට්‍රේට් පටියක් අතුරා එහි තුනී ඉටි තට්ටුවක් අතුරා ධන අග්‍රය  (කැතෝඩය) සකස් කර ඇත. සෘණ අග්‍රය (ඇනෝඩය) සහා පත්‍රයේ අනෙක් පස සන්නයන බහුඅවයවකයක් භාවිතා කර එහි බැක්ටීරියා සහිත අපජලය බින්දු කිහිපයක් එකතු කර ඇත. පත්‍රය නැමීමේදී කැතෝඩය සහ ඇනෝඩය සම්බන්ධවීමෙන් බැක්ටීරියා (bacterial metabolism) ක්‍රියාවලිය සිදුවීමෙන් බැටරිය සහා ශක්තිය ලැබේ.(cellular respiration)
විවිධ පර්යේෂකයන් විසින් මෙවැනි ජීව බැටරි නිෂ්පාදනය සහා විවිධ විද්‍යාත්මක ක්‍රම අත්හදා බලමින් සිටී.

මෙහි ගබඩා වන ශක්තිය භාවිතා කර ඇති පත්‍රයේ ප්‍රමාණය සහ එය නැමිය හැකි වාර ප්‍රමාණය මත වැඩි ශක්තියක් ලබා ගත හැක. පහත රූපයෙන් එය නිරීක්ෂණය කළ හැක.
  
නමුත් මෙම බැටරිය භාවිතයෙන් ඉතා විශාල ලෙස විද්‍යුත් ශක්තිය අවශ්‍ය වන උපකරණ ක්‍රියාත්මක කළ නොහැක. මෙය භාවිතා කළ හැකි වන්නේ විද්‍යුත් ශක්තිය නොමැති අවස්ථාවන් වලදී ඉතා සියුම් ලෙස සිදු කරන වෛද්‍යමය කටයුතු සහා භාවිතාකරන සංවේදක වැනි උපකරණ සහාය.
පර්යේෂකයන්ගේ බලාපොරොත්තුව වනුයේ අනාගතයේ මෙම තාක්ෂණය පිළිබ අධ්‍යයනය කරමින් ඉතා හො ශක්ති ප්‍රභවයක් නිර්මාණය කිරීමයි.
 

සකස් කළේ-
ඩී.එස්.උඩහේන්තැන්න
විද්‍යා හා තාක්ෂණනිළධාරි
ඉහළ කෝරළේ
උපුටා ගැනීම්-



 

0 comments:

Post a Comment