December 21, 2016

කඩොලාන


 
වෙරළබඩ පරිසරයට කොරල්පර, වැලි කඳු, වෙරළ, ගල් සහිත වැල්ල, කඩොලාන, ලවණ වඟුරු බිම්, මුහුදු පැළෑටි, පුනීල මෝය පත්ල, කලපු, මුහුදු බොකු සහ වෙරළාසන්න ජලාශ යනාදිය ඇතුලත් වේ. මෙකී පරිසර පද්ධති අතරින් කඩොලාන පිළිබඳ දැඩිව අවධානය යොමු වූයේ 2004 දී ඇති වූ ඉන්දීය සාගර සුනාමියත් සමඟ වන අතර යෝධ සුනාමි රළ පහත දරා ගැනීමට සහ එමඟින් වෙරළබඩ ප්‍රදේශවලට හානි පමුණුවමින් ඇතිවීමට ගිය භෞතික විනාශය අවම කරවීමට කඩොලාන සමත්වූ බවට පෙන්විය හැකි සාක්ෂි ප්‍රමාණය අති විශාලය. කඩොලාන විනාශ කිරීම, සුනාමිය මඟින් ජීවිත සහ දේපළ විශාල ලෙස විනාශ වීමට හේතු වූ බව කියැවේ. ශ්‍රී ලංකාවේ වයඹ දිග වෙරළ තීරයේ වරක සිදු කෙරුණු ඉස්සන් කොටු සහ වැලි ආකර සෑදීම වැනි වෙනත් ඉඩම් පරිහරණ කටයුතු උදෙසා සම්පත් භාවිතය පිණිස ඉවත් කරන ලද කඩොලාන, වැලි කඳු සහ අනෙකුත් වෙරළබඩ ශාක ප්‍රජාවේ වටිනාකම තේරුම් ගැනීමට මිනිසාට ඉතා ඉහළ මිලක් ගෙවීමට සිදු වීම ඉතාමත් අවාසනාවන්ත සිදුවීමකි.

කඩොලානවල අද්විතීය භාවය

ප්‍රාථමික නිෂ්පාදිතතාවය, නොඑසේනම්, ඒකීය කාලයක් තුළ ප්‍රභාසංශ්ලේෂණ ක්‍රියාවලිය ඔස්සේ නිපදවන කාබනික ද්‍රව්‍ය ප්‍රමාණය ගැන සැලකීමේදී කඩොලාන නිවර්තන වර්ෂා වනාන්තරවලට දෙවැනි නොවේ. මෙකී පරිසර පද්ධති දෙකටම කාබනික ද්‍රව්‍ය දළ වශයෙන් වසරකට වර්ග මීටරයකට ටොන් 250 ක් නිපදවීමේ හැකියාව තිබේ. මෙම ඉහළ නිෂ්පාදිතතාවය, අන්තර් උදම් කලාපයටම ආවේණික ගැටළු මඟ හැරීමට වසර මිලියන ගණනක් තිස්සේ සිදු වූ පරිණාමය මඟින් කඩොලාන ලබා ගත් අනුහුරුවීමේ සමුච්ඡිත ප්‍රතිඵලය වේ. අස්ථාවර උපස්ථරයක් මත සෘජුව රැදී සිටීමට ආධාර වන කයිරුමුල් සහ කරු මුල් මූල පද්ධතිය ජලය යට තිබියදී පවා වාතය ලබා ගැනීමට හැඩ ගැසුණු ශ්වසන මුල් (වායුධර) ලවණ පිට කිරීමට විවිධ කායකර්මීය උපක්‍රම සහ අහිතකර තත්ව මග හරිමින් බීජ ප්‍රරෝහණය සහතික කිරීමට ජලාභූජතාවය, එනම් මව් ශාකයෙහි තිබියදීම බීජ ප්‍ර රෝහණය වීම, යනාදිය සම්ච්ඡිත ප්‍රතිඵලය මඟින් පෙන්නුම් කෙරේ.
එනිසා, ජීවීන් පවත්වාගෙන යාමට කඩොලාන අද්විතීය දායකත්වයක් ලබාදේ. කඩොලාන වලින් ලැබෙන කාබනික ද්‍රව්‍යවලින් යැපෙන මත්ස්‍යයින් සහ ක්‍රස්ටේසියාවන් මත පදනම් වූ වෙරළබඩ මත්ස්‍ය කර්මාන්තයේ පැවැත්ම සහතික කරයි.මෙම ශාක ප්‍රජාව, ඛාදනයෙන් සුළඟින් සහ කුණාටුවලින් වෙරළ රකින්නන් ලෙස ද ක්‍රියා කරයි. වර්ථමානයේදී පෘථිවි ග්‍රහයා අත්දකිමින් සිටින දේශගුණ විපර්යාස මඟින් ඇති කෙරේ යැයි පුරෝකථනය කෙරෙන කුණාටුවල තීව්‍රරතාවය සහ හටගැනීමේ අවස්ථා වැඩිවීමට පාත්‍රවූ වෙරළ ආරක්ෂාකිරීමට ආර්ථික විකල්පයක් කඩොලාන මඟින් සපයනු ලැබේ.

අද්විතීය කඩොලාන සේවාවල චිරස්ථායී භාවිතය


ශ්‍රී ලංකාවේ කඩොලාන ප්‍ර දේශ කළමනාකරණය සඳහා ප්‍රජා සහභාගීත්වය අවම මට්ටමේ පවතින හෝ සැබැවින්ම නොමැති බව හෝ කිව යුතුය. ඊට හේතු වන්නේ සියලුම මහා පරිමාණ කඩොලාන ප්‍ර දේශ රජයට අයත් වීම වන අතර අදාල රේඛීය ආයතන මඟින් කළමනාකරණය කරනු ලැබීමයි. “වදුලු උද්‍යාන“ මත්ස්‍ය කර්මාන්තය සිදු කරන ධීවරයින් මඟින් සම්ප්‍රදායක ලෙස කඩොලාන වගාකිරීම සහ කළමනාකරණය සිදු කළ මීගමු කලපුව මේ වන විට වන සංරක්ෂණ දෙපාර්තමේනතුව යටතට ගෙන ඇති අතර එනිසා කලපුවේ උතුරු කොටසේ වූ කඩොලාන ප්‍ර දේශවලින් වැඩි කොටසක් වගා කරන ලද කඩොලාන භාවිත කරන්නන් (ධීවරයන්) හට එම අයිතිය නැතිවී තිබේ. මීගමුව කලපුවේ රිටි දැල් මත්ස්‍ය කර්මාන්තය සඳහා පැවති සම්ප්‍රදායක කළමනාකරණ ආදර්ශ රජයේ දෙපාර්තමේන්තු මඟින් සම්ප්‍රදායානුකූලව අනුගමනය කරනු ලබන ඉහළින්-පහළට කළමනාකරණයට වඩා ස්වාභාවික සම්පත් කළමණාකරණය බොහෝ දුරට ඵලදායී බව ප්‍රමාණවත් ලෙස ඔප්පු කොට ඇති අතර එනිසාම වර්ථමානසන්දර්භය යටතේ සම-කළමනාකරණය වඩා සුදුසු කළමනාකරණ ආකෘතිය වන බව කිව හැකිය.

කඩොලාන පරිසර පද්ධති සහ සමාජ පද්ධති අතර සම්බන්ධතාවය














සැකසුම:- අයි.එස්. තරංගනී - විද්‍යා හා තාක්ෂණ නිලධාරී දෙවිනුවර

0 comments:

Post a Comment