December 31, 2016

දේශගුණ බලපෑමෙන් ජීවීන් වෙනස් වන අයුරු

දේශගුණ වෙනස් වීම නිසා ලෝකයේ විවිධ ප්‍රදේශවල දැකිය හැකි ජීවී වි‍ශේෂවල ඇති වන වෙනස්වීම් පිළිබදව කරුණු අනාවරණය කරන අධ්‍යයන වාර්තාවක් පසුගිය දා පළ වී ඇත. ඒ අනුව ලෝකයේ උෂ්ණත්වය ඉහළ යෑමත් සමග ජීවී වි‍ශේෂ, නව ජීවි ප්‍රජාවන් ඇති වීම දැකිය හැකි වනු ඇත. ඒ  දේශගුණ බලපෑම නිසා ජීවී වි‍ශේෂවල සුලබතාව හා ව්‍යාප්තිය වෙනස් වීම නිසාය.

මේ වෙනස්කම් සිදු වන ආකාර තුනක් මේ අධ්‍යනයේ දී හදුනාගෙන ඇත. ඉන් පළමුවැන්න වන්නේ දේශගුණ නව්‍යතාවයි (climate novelty). එහි දී සිදු වන්නේ නව දේශගුණ තත්වයක් ඇති වීමය. ඇතැම් වි‍ශේෂ මේ තත්වයට හුරු වන අතර තවත් ව්ශේෂ වලට එසේ කළ නොහැකි වේ.දෙවැනි ආකාරය වන්නේ දේශගුණ වෙනස් වීමේ වේගයයි (speed of climate change). විවිධ වි‍ශේෂ  දේශගුණය වෙනස් වන වේගයට අනුගත වීම සිදු වන්නේ වෙනස් ආකාරවලටය. එවිට පැවැති ජීවී ප්‍රජාව වෙනස් වී නව ජීවි ප්‍රජාවක් ඇති වේ.

අවසන් ආකාරය වන්නේ දේශගුණ අපසාරිතාවයි (climate divergence). එනම් දේශගුණ විචල්‍යතාවල වෙනස් වීම් හා වෙනසේ අවකාශීය දිශානතියයි. ඒ අනුව වි‍ශේෂවල පැතිරීම විවිධ දිශා ඔස්සේ වෙනස් විය හැක. මේ අනුව නව වි‍ශේෂ සම්බන්ධතා ඇති විය හැකි ප්‍රදේශ හා වෙනස්කම් මේ අධ්‍යනයේ දී සිතියම් ගත කර ඇත. නිදසුනක් ලෙස ගත හොත් ඇමරිකාවේ මහා තැනිතලා, සෞම්‍ය කලාපීය වනාන්තර, ඇමසන් ප්‍රදේශය, දකුණු ඇමරිකානු තෘණභූමි මේ අතර වේ.
(මූලාශ්‍රය‍: Nature Climate Change, DOL: 10. 1038/ nclimate3127)







N. S. Medagedara
Vidatha  Resources Centre   
Udunuwara

0 comments:

Post a Comment