
කාමරංගා ශාකයේ ගෙඩි පමණක් නොව, කොළ සහ පොතුද
ඖෂධීය ගුණයන්ගෙන් යුක්ත වේ.
කාමරංගා ආහාරයට ගැනීමෙන් ලගා කර ගත හැකි සෞඛ්‍යමය ප්‍රතිලාභ බොහොමයකි. ඉන්
සමහරක් නම්,
- කාමරංගා වල ඇති විටමින් C මගින් ප්‍රතිශක්තීකරණ පද්ධතිය ශක්තිමත් කර, ලෙඩ රෝග වලින් ශරීරය ආරක්ෂා කරදෙයි.
- විටමින් A මගින් ඇස්වල නීරෝගීතාව ඇති කරයි.
- එහි ඇති සෝඩියම්(Na) සහ පොටෑසියම්(K) සංයෝග නිසා රුධිර පීඩනය, කොලොස්ටරෝල් මට්ටම පාලනය කරයි.
- මැග්නීසියම්(Mg) මගින් සුවබර නින්දක් ලගා කර දෙයි.
- කාමරංගා වල ඇති සින්ක්(Zn) කුරුලෑ සහ විවිධ අසාත්මිකතා නිසා සමේ ඇතිවන රතු ලප සුවකරගැනීමට මහෝපකාරී වේ.
- හිසකෙස් වල සෞඛ්‍ය ආරක්ෂා කරදෙයි.
- එහි ඇති තන්තුමය ස්වාභාවය මගින් ආහාර දිරවීම වේගවත් කරන අතරම, ග්ලූකෝස් සිරුරට උරා ගැනීම නතර කර, සීනි පාලනය කරයි.
- කාමරංගා වල ඇති ජලය නිසා බඩවල් පිරිසිදු කරයි.
- කාමරංගා මගින් හෝමෝන පද්ධතියේ නිසි ක්‍රියාකාරිත්වය ඇති කරයි.
- ගර්භනී මව්වරුන්ට අවශ්‍ය ෆෝලික් ඇසිඩ්, විටමින් B සැලකිය යුතු ප්‍රමාණයක් කාමරංගා වල අඩංගුය. එමගින් කුසේ සිටින දරුවාගේ මොළයේ වර්ධනය වැඩිකරයි.
- දරු ප්‍රසූතියෙන් පසුවත් කාමරංගා ආහාරයට ගැනීමෙන් මව්වරුන්ගේ කිරි එරීම වැඩිකරයි.
සැ.යු. – කාමරංගා වල ඇති ඔක්සලික්
අම්ලය නිසා වකුගඩු රෝග සහිත පුද්ගලයින්ට විවිධ සංකූලතා ඇතිවිය හැකි බව පරීක්ෂණ
වලින් තහවුරු කරගෙන ඇත.
උපුටා ගැනීම :-
පොත පත සහ
අන්තර්ජාලය ඇසුරිනි.
සැකසුම:- ඒ.ටී.
පතිරත්න - විද්‍යා හා තාක්ෂණ නිලධාරී, බියගම විදාතා සම්පත් මධ්‍යස්ථානය
0 comments:
Post a Comment