December 15, 2016

ආහාර කර්මාන්තයේ දී යොදා ගන්නා අමුද්‍රව්‍ය වල ගුණ

ආහාර කර්මාන්තයේ දී යොදා ගන්නා අමුද්‍රව්‍ය ,ඒවායේ භෞතික ගුණ සහ මින්ස් සිරුරේ ක්‍රියාකාරිත්වය සදහා දායකත්වය පිළිබද  කෙටි විස්තරයක් පහත වගුවේ දැක්වේ. ඒඅනුව ආහාර කර්මාන්තයේදී මෙම අමුද්‍රව්‍යය කෙසේ යොදා ගන්නේද සහ අප ආහාර ගැනීමේදී තෝරා ගත යුත්තේ කුමක්දැයි සම්බන්ධව දළ අදහසක් ලබාගැනීමට ඔබට පහසු වේ. 

E අංකය
අමුද්‍රව්‍ය
ගුණ
10
ලුණු
අත්‍යාවශ්‍ය සංඝටකයකි. ලුණු රස පිරිසිදු කුඩකි. හෝ කැට ලෙස පවතී. ආහාර කර්මාන්තයේ දී රසය වැඩි කිරීම සදහා භාවිතා කරයි. එයට අමතරව ආහාර සංරක්ෂක ලෙස ද භාවිතා කරයි. බේකරි කර්මාන්තයේ දී Gluten වල ශක්තිය වැඩිකිරීම සඳහා භාවිතා කරයි.තවද yeast වල පැසවීමේ  ක්‍රියාවලිය පාලනය කිරීමේ හැකියාවක් ඇත. රසය උළුප්පා දෙන ද්‍රව්‍යකි.
08
එළවළු තෙල්
සංතෘප්ත මේදයකි. ආහාර පිස ගැනීමට භාවිතා වේ. ඇලීම වලක්වා ගැනීමට උපකාරී වේ. විවිධ මාජරීන් වර්ග නිපදවා ගැනීමට යොදා ගනී.
20
දියර ග්ලූකෝස්
වර්ණ, උකු ගණ පැණියකි. අඩු පැණි රසයක් ඇති කෑම වර්ගවල සීනි ස්ඵටික වීම මගහරවයි. Shine එකක් ලැබීම හා විනිවිද පෙනෙන (Transparency) ගතියක් ලැබේ.
37
සීනි
පැණි රසය, උණු කොට තැබූවිට නැවත ස්ඵටික වේ. අධික උෂ්නත්වයේ දී කැරමල් වේ. (177 0C) ඇසිඩ් සමඟ ඉන්වර්ට්   සීනි සෑදේ. ආහාර සංරක්ෂකයකි. ආහාරවල වර්ණය ලබාගැනීමට භාවිතා කෙරේ.
01
සිට්‍රික් අම්ලය
ඇඹුල් රසයි. සිනිවල පෙනුම ඇති සුදුපාට ස්ඵටිකයති. ජලයේ දියවේ. කල්තබාගැනීමේ කාරකයකි. සීනි ඉන්වර්ට්   කරයි. වර්ණ වෙනස් වීම වලක්වයි.
34
ආප්ප සෝඩා
සුදු කුඩකි. ලවණ ගතිය හා කට හාරවන ගතිය ඇත. රත් කිරීමේ දී පිපීම ලබාගැනීමට හා පිටි ආහාර වල වර්ණය ලබාගැනීමට යොදා ගැනේ. ජලයේ දියවේ.                              
09
අයිසිං සීනි
සුදු පැණි රස කුඩකි. ජලයේ දියවේ. කෑම හැඩ කිරීම විචිත්‍ර කිරීම ආදියට යොදා ගැනේ. සීනි ආශ්‍රිතව නිපදවේ. සුවද අවශෝෂණය කිරීමේ හැකියාව ඇත.
07
MSG
මොගො සෝඩියම් ග්ලුමේට් (අජිනමොටෝ) සීනි පෙනුම ඇති ස්ඵටිකයකි. ස්වාභාවිකව අපගේ ශරීරයේ ඇත. රසය උළුප්පා දෙන ද්‍රව්‍යයකි.
12
SMS
සෝඩියම් මෙටා බයි සල්ෆයිඩ්- සුදු කුඩා කැටති සහිත කුඩකි. ගෙන්දගම් ගඳ සහිතය. කල්තබාගැනීමේ කාරකයකි. යොදා ගැනීම ඉතා ස්වල්ප වශයෙනි. කහට පිපීම වලක්වයි. (දුඹුරු පාට) ඊට අමතරව දිලීර හා බැක්ටීරියා පාලනය කිරීමට හෝ විනාශකිරී‍මේ හැකියාව ඇත.
211
යීස්ට්
ක්‍රියාකාරී ක්ෂුද්‍ර ජීවියකි. කෑම පිපීමට යොදා ගනී.  ක්ෂණික හා වියලි යනුවෙන් වර්ග දෙකකින් මිළට ගත හැකිය. ක්ෂණික  යීස්ට් අබ ඇට මෙන් ඉතා කුඩා කැට වශයෙන් පවතින අතර   ක්ෂණිකව      ක්‍රියාකරයි. වියලි යීස්ට් තරමක් ලොකු කැට වශයෙන් පවතින අතර ක්‍රියාකරීත්වය ප්‍රමාදයි.
512
තිරිඟු පිටි
ජලය සමඟ ඇලෙන හා ඇදෙන සුළු පිටි වර්ගයකි. තැම්බූ විට ඉදේ. පාන් සෑදීමට යොදා ගනී. ප්‍රෝටීන් වැඩි පිටි වර්ගයකි. ග්ලූටන් තිබෙන ප්‍රමාණය අනුව නිපදවීමට ගනු ලබන ආහාර වර්ග එකිනෙක වෙනස්ය.
402
ජෙලටීන්
සත්ව කොටස් වලින් හා මුහුදු ඇල්ගී වලින් නිස්සාරණය කර සාදයි. දියවෙන සුළු ප්‍රෝටීන් වර්ගයකි. ඇදෙන සුළු නිසා විශේෂ රස කැවිලිවලට යොදා ගැනේ. 80 0C උෂ්නත්වයේ දී දියවේ.
710
වැනිලා එසන්ස්
රසකාරකයකි. ලා දුඹුරු වර්ණයක් ඇත. ද්‍රාව්‍යක් හා ගණයක් වශයෙන් ඇත. ප්‍රධාන වශයෙන් භාවිතා කරනුයේ අයිස් ක්‍රීම් හා චොක්ලට් කර්මාන්තයේ දීය.
28
ආහාර වර්ණක
ආහාර වර්ණ කිරීම සඳහා යෙදා ගත හැකි ස්වාභාවික හෝ කෘතීම ආහාර වර්ණකයන්ය.
100
හාල්පිටි
සුදු හෝ දුඹුරු පැහැතිය. තන්තු ප්‍රමාණය වැඩි රළු පිටි වර්ගයකි. ආවේනික රසයෙන් හඳුනාගත හැක. තන්තු බහුලය. විටමන් බී වැඩිය. ග්ලූටන් නොමැත. සමහර ආහාරවල උකු ගතිය වැඩිකරයි.
05
කිරිපිටි
මෘදුය. ආවේණික රසයකින් හා පෝෂ්‍යදායී ගුණ වලින් යුක්තය. ආහාරවල සුවඳක්, රසයක්, හා වර්ණයක් ලබාදීමට යොදා ගැනේ.
305
කොකෝ පවුඩර්
කොකෝවා ඇට වියලා එහි ඇති තෙල් අයින් කර ඇඹරීමෙන් ලබාගනී. ආහාර කර්මාන්තයේ සුවඳ, පැහැය, රසය ලබාගැනීම සඳහා යොදා ගැනේ. ආහාර මුඩු වීම වලක්වයි.
438
බී හයිව් මාජරීන්
ඝණ මේදයකි. බනිස් කේක් වැනි බේකරි කෑමවලට යොදා ගනී. ලා කහ පාටය. මෘදුය.
31
ග්ලූටන්
ග්ලූටන් බේකරි නිෂ්පාදනය සඳහා කාබන්ඩයොක්සයිඩ් වායුව රඳවා ගැනීම සඳහා ව්‍යුහයක් සාදනු ලබයි. ග්ලුටන් යනු ග්ලයඩීන් සහ ග්ලූටනින් එකතුවකි. මෙය ප්‍රධාන වශයෙන් තිරිඟු, බාර්ලි, රයි යන නිෂ්පාදනවල දැකගත හැක.
214
එසන්ස් වර්ග
ජලයේ දියවීම තරමක් අඩුවුවත් සහ ආහාර වලට යෙදිය හැකි කෘතීම හෝ ස්වාභාවික ආහාර රසකාරකයන්ය.

උපුටා ගැනීම:-             කැති රිච් අනුස්මරණ ආහාර සැකසුම් පුහුණු මධ්‍යස්ථානයේ පැවති පුහුණු වැඩසටහන ඇසුරිණි.

1 comments:

හුත්තිගෙ පුතෝ අහන එකට නෙමෙයි නේ උත්තර දීලා තියෙන්නේ

Post a Comment