December 15, 2016

උණුසුම් හා ශීත කුටීර සකසා ගැනීමේ පහසු මගක්

අඩුවියදමින් පහසුවෙන් යොදාගත හැකි මෙම උපකරණය මගින් එක් කොටසක ඉහල උෂ්ණත්වයක් රදවා ගැනීමත් අනෙක් කොටසේ ඉතා අඩු උෂ්ණත්වයක් රදවා ගැනීමත් එක්වර සිදුවේ.ශිතකරණ සදහා යොදාගන්නේ නම් වායු හා වායුපීඩක භාවිතයකින් තොරව යොදාගත හැකිවීම. වාසියක් වන අතර සිසිල් හා තාපකුටීර සදහා එක්වර යොදා ගත හැකිවීමද තවත් වාසියකි.

මෙම උපකරණයෙහි සිසිලනය පෙල්ටියර් බලපෑම මත සිදුවේ මෙම බලපෑම යනු වර්ගයේ හා වර්ගයේ අර්ධ සන්නායක දෙකක් අතර තාප  හුවමාරුව මගින් උෂ්ණත්වයේ වෙනසක් ඇති කිරීමයි. සන්නායක සන්ධිය දෙපස විභව අන්තරයක් ඇතිවිට ඒ හරහා යම් ධාරාවක් ගලයි. සන්නායක හරහා ධාරාව ගලන විට එක් සන්ධියකින් තාපය ඉවත්වී අනෙක් සන්ධියෙහි තැන්පත් කරනු ලබයි.

           මෙම උපකරණයෙහි ප්‍රධාන කාර්යය සිසිලනය වූවත් අතුරු ඵලයක් ලෙස තාපය පිටකිරීම සිදු කරයි. මෙම තාපය අවශෝෂණය හා පිට කිරීම සදහා අපට අවශ්‍ය පරිදි යොදා ගතහැක.

                                           මෙහිදී තාපය හොදින් පිටවීමට සැලසීමෙන් තාප අවශෝෂණය වන පෙදෙසෙහි උෂ්ණත්වය අඩු අගයකට ගෙනඒමේ හැකියාව ඇත. මෙම උපකරණය සදහා සපයනු ලබන විදුලිධාරාව සරල ධාරාවක් වියයුතු අතර 12 V 24 V 48 V ආදී වශයෙන් විද්‍යුත්ගාමක බලයන්ගෙන් ලබාගත හැක. එමෙන්ම විවිධ වූ ක්ෂම තාවයන්ගෙන්ද ලබාගත හැකි මෙම උපකරණය නොයෙකුත් විද්‍යුත් උපකරණ සිසිලනය සදහාද යොදා ගත හැකි අතර නොයෙකුත් ගෘහ උපකරණ සදහාද දැනට ලෝකයේ භාවිතා වේ. ජංගම සිසිලන හා උණුසුම් කිරීමේ උපකරණ සදහා වායු භාවිතයෙන් තොර බැවින් මෙය සුවිශේෂී උපකරණයක් වනු ඇත. එමෙන්ම විශේෂ වායූන් භාවිතයක් නොවන බැවින් පරිසර හිතකාමී උපකරණයන් ලෙසද හැදින්විය හැක.
   
    
     



උපුටා ගැනීම - අන්තර්ජාලය ඇසුරින්


ඉදිරිපත් කිරීම - J.M.A.S ජයලත්, විද්‍යා හා තාක්ෂණ නිලධාරී-කුණ්ඩසාලේ

0 comments:

Post a Comment