December 18, 2016

ඔබ ගේ USB සහ SSD වලින් මකා දමන ලද Files ඕනෑ ම අයකුට නැවත ලබා ගත හැකි යි

පරෙස්සම් වන්න! ඔබ ගේ USB සහ SSD වලින් මකා දමන ලද Files ඕනෑ ම අයකුට නැවත ලබා ගත හැකි යි
USB උපකරණ සහ SSD කාඩ්පත් යනු පහසුවෙන් දත්ත ගබඩා කොට පරිගණක අතර හුවමාරු කර ගැනීම සඳහා අප කවුරුත් භාවිත කරන ක්‍රමවේද දෙකකි. අදාළ කාර්යය ඉටු කර ගැනීමෙන් අනතුරු ව හෝ එම උපකරණවල මතක ධාරිතාව නිම වූ පසු නව දත්ත ඇතුළත් කිරීම සඳහා හෝ අපි පවතින Files මකා දමමු. ඒවා වෙන කෙනෙකු අතට පත් විය හැකි යැයි අප සිහිනෙන් හෝ සිතන්නේ නැත.

මෙහි අවාසියක් වන්නේ ඉතා පහසුවෙන් එම තොරතුරු අන් අය අතට පත් වීම යි. එහෙත් මෙහි වාසියක් ද පවතී. එනම්, අතපසු වීමකින් delete කරන ලද යම් තොරතුරක් නැවත ලබා ගැනීමේ හැකියාව පැවතීම යි.

සාමාන්‍ය hard drive එකකින් ඔබ යමක් delete කළ විට සිදු වන්නේ එම දත්ත සම්පූර්ණයෙන් මැකී යෑම නොව, ඒවා නොවැදගත් දත්ත ලෙස ලකුණු වීම යි. ඔබ ගේ මෙහෙයුම් පද්ධතියට වැඩි ඉඩකඩක් අවශ්‍ය වූ විට, කිසිදු ගැටලුවකින් තොර ව එසේ ලකුණු වූ ඉඩ භාවිතයට අවස්ථාව පවතී. එහෙත් SSD කාඩ්පතක් ක්‍රියා කරන්නේ මෙයට වඩා වෙනස් ආකාරයකිනි. යම් Cell එකකට දත්ත ඇතුළත් කිරීමට නම් එය සම්පූර්ණයෙන් හිස් කළ යුතු ය. මේ සඳහා වැඩි කාලයක් ගත වන අතර, TRIM හඳුන්වා දී ඇත්තේ එයට පිළියමක් වශයෙනි. ඔබ ගේ මෙහෙයුම් පද්ධතියට අවශ්‍ය වූ විටෙක, දත්ත තැන්පත් කිරීමට ඉඩ පවත්නා බවට TRIM command එකක් යැවීම සිදු වේ. එවිට දත්ත තැන්පත් කිරීමේ කාර්යය වේගවත් වෙයි.

USB flash drive, external solid-state drive, SD card වැනි දෑ භාවිතයේ දී මකා දමන ලද දත්තයක් මකා දමන ලද බවට TRIM command එක නිකුත් වුව ද, එය ලබා ගැනීමේ හැකියාව පවතින්නේ සත්ය. වශයෙන් ම එය මැකී නොමැති බැවිනි.

මෙය ඔබටම පරීක්ෂා කළ හැකි කාර්යයකි. USB flash drive එකක් ගෙන පරිගණකයට සම්බන්ධ කරන්න. අනතුරු ව එයට යම් file එකක් copy කර Delete කරන්න. file-recovery program එකක් ක්‍රියාත්මක කරන්න. Recuva,Wise Data Recovery,Handy Recovery, යනු නොමිලේ ලබා ගත හැකි එබඳු වැඩසටහනකි. අප සඳහන් කළ දෙය ඔප්පු කරමින් එම file එක ඔබට දිස් වනු ඇත.format කිරීමෙන් සියලු දත්ත මැකී යනු ඇතැයි ඔබ සිතනු ඇත. එහෙත් එයින් සිදු වන්නේ නව FAT32 file system එකක් නිර්මාණය වීම පමණි. මෙය ද ඔබට අත්හදා බැලිය හැකි ය. Quick Scan මගින් එම delete කරන ලද දත්ත ලබා ගත නොහැකි වුව ද, Deep Scan මගින් එම දත්ත අනාවරණය කෙරෙනු ඇත.

මේ සඳහා ඇති එක ම විසඳුම නම්, Quick Format යන්න තේරීමෙන් වැළකී, වැඩි වේලාවක් ගත කරමින් drive එක සම්පූර්ණයෙන් Format වන්නට සැලැස්වීම යි. එසේත් නැතිනම් TrueCrypt, Microsoftහි BitLocker To Go, Mac OS Xහි encryption පහසුකම, Linuxහි USB drive encryption පහසුකම් ආදිය භාවිතයෙන් ඔබගේ දත්ත encrypt කළ හැකි අතර, ඕනෑ ම අයකුට එම දත්ත ලබා ගැනීමට encryption key එක අවශ්‍යම වේ. කෙසේ වෙතත් ඉතා රස්‍ය සහ පෞද්ගලික තොරතුරු මෙබඳු උපකරණවල ගබඩා කර තැබීමෙන් වැළකීම වඩාත් සුදුසු වන බව ද අවධාරණය කළ යුතු වේ.

0 comments:

Post a Comment