December 15, 2016

සෞඛ්‍යය සහ රෝග සම්බන්ධ ලෝහ

ශරීරය තුළ ඇතිවන රෝගවලට රසායන විද්‍යාව සම්බන්ධ වේ. විවිධ රසායනික හා ලෝහ වර්ග විෂවීම් ඇති කිරීම තුළින් ශරීරයට හානි කළ හැක. අපගේ සෞඛ්‍යයට හිතවත් හා සෞඛ්‍යයට අහිතකර වන ලෝහ පිළිබඳ කෙටි හැදින්වීමක් පහත දැක්වේ.

ලෝහය
හමුවන තැන
සිදුකරන කාර්යය
ලැබෙන මාර්ග
සෞඛ්‍යයට හිතවත් ලෝහ
යකඩ
(Fe)
ශරීරය පුරා ඇති එන්සයිම හා බැදී පවතී. (උදා: හිමොග්ලොබීන්, නයිට්‍රස් ඔක්සයිඩ් සින්තේස්)
සිරුරේ ඔක්සිජන් හා සමහර රසායනික පණිවුඩ ප්‍රවාහනයට උපකාරී වේ.
මස් (හරක් හා ඌරු මස්) හා පීකුදුවල බහුලය. බෝංචි, මොලැසස්, නිවිති
කොපර්
(Cu)
ශරීරය පුරා ඇති එන්සයිම හා බැදී පවතී. (උදා: සුපර්ඔක්සයිඩ් ඩිස්මියුටේස්)
මුක්ත අංශුවලින් ශරීරයට සිදුවිය හැකි නාස්තිවලින් ආරක්ෂාව සලසයි.
කවච මාළු (කකුළුවන්, පොකිරිස්සන්) වියළි බෝංචි හා ඇට වර්ග
සින්ක්
(Zn)
ශරීරය පුරා ඇති එන්සයිම, ඩීඑන්ඒ, සහ සමහර හෝර්මෝන හා බැදී පවතී. (උදා: ඉන්සියුලීන්)
ලිංගික පරිණත වීමේදී සහ හෝර්මෝන නියාමනයේදී කාර්ය භාරයක් ඉටු කරති. සමහර ප්‍රෝටීනවලට ඩීඑන්ඒ සමඟ තදින්ඇලීසිටීමට උදව් කරයි.
කවච මාළු (බෙල්ලන්), මෑ ඇට, බේක් කළ බෝංචි, පූර්ණ නිවුඩ්ඩ සහිත ධාන්‍ය, ඇට වර්ග
සෝඩියම්
(Na)
පොටෑසියම් (K)
ශරීරයේ සෑම තැනකම සෝඩියම් සෛලවලින් පිටත, පොටෑසියම් සෛල තුළ
ස්නායු හා හෘදයෙහි විදුලි සංඥා සන්නිවේදනය උදව් කරයි
සෝඩියම්: ආහාරයට ගන්නා ලුණු, ආප්ප සෝඩා (බේකිං පවුඩර්) පොටෑසියම්: කෙසෙල්, දෙහි, දොඩම්, අලිගැට පේර
කැල්සියම් (Ca)
අස්ථි, පේශි
පේශි හා ස්නායු ක්‍රියාකාරීත්වයට, රුධිරය කැටි ගැසීමට
කිරි ආහාර, මල්ගෝවා, මඩු, සාර්ඩින්
කොබෝල්ට් (Co)
බී 12 විටමිනයේ හරය (මධ්‍යය) තැනීමට
රතු රුධිර සෛල තැනීම සඳහා අවශ්‍ය වුවකි
මස්, කිරි ආහාර, කොළ පැහැ එළවළු
සෞඛ්‍යට අහිතකර ලෝහ
ආසනික
(As)
පාෂාණ, පස
පිළිකා සෑදීමට හා මරණය ඇති කිරීමට
ධූලක (විෂ)
ඊයම් (ලෙඩ්) (Pb)
පරණ තීන්ත වර්ග (1973 ට පෙර තැනූ)
පිළිකා ඇති කළ හැකිය. ස්නායු හානි, මරණ
ධූලක (විෂ)
රසදිය (මර්කරි) (Hg)
දූෂිත වූ මාළු (විශේෂයෙන් එක්සත් ජනපදයේ මහාවිල් කලාපය)
සල්ෆර් සහිත විශේෂිත ව්‍යුහ අණු හා බැදී පවතී. ස්නායුමය හානි, මරණ
ධූලක (විෂ)

 සැකසුම: චන්ද්‍රානි අමරවික්‍රම - විද්‍යා හා තාක්ෂණ නිලධාරී තිහගොඩ


උපුටා ගැනීම: විදුරාව 28 වෙළුම 1 වන කලාපය තුළිනි.

0 comments:

Post a Comment