December 30, 2016

රෝද නැති කෝච්චියක ගමනක් යමුද ?

රෝද නැති කෝච්චියක් ළගදීම ජපානයේ ගමන් අරඹන්නට නියමිතයි. ගැටළුව වන්නේ රෝද නැතිව පීලි උඩ කෝච්චිය යන්නේ කෙසේද යන්නේ කියන කාරණයයි. නමුත් මෙය නවීනතම තාක්ෂණය යොදා ගෙන නිපදවූ දුමිරියකි.

ඝර්ෂණය හා වද්්‍යුත් චුම්භක ක්ෂේත්‍ර උපයෝගි කොටගෙන ධාවන කටයුතු සිදුවේ. ඒ නිසා මෙය ලෝකයේ ඇති සුවපහසුම දුම්රියක් බවට පත්වනු නොඅනුමානය. සුව පහසු බව කෙතෙක් දැයි කිවහොත් ඉතාම මෘදු සහ නැළවෙන නැත්නම පාවෙන ස්වාභාවයක් එහි ඇතුලත තිබේ. මේ නිසා මගීන්ට පාවි පාවි ගමනාන්තය දක්වා ගමන් කරන්නට කිසිදු බාධාවක් නොඑයි. මෙම දුම්රිය අතිශයින්ම වේගවත්ය. එය පැයට  සැතපුම් 310 ක් ගමන් කරනු ඇත.

ඉදිරිපස ඇති එන්ජිම අඩි 92 ක් පමණ දිගැතිය. එයින් අඩි 49 ක කොටසක් මගීන් සදහා වෙන්කර ඇත. දුම්රිය මැදිරි 16 ක් මෙහි ඇත.. එක් මැදිරියක මගීන් 68 දෙනෙකුට අසුන් ගත හැක. මුළු දුම්රියේම මගීන් 1000 කට වැඩි පිරිසකට ගමන් කළ හැක. මේ දුම්රිය ජපනයේ කාර්්‍යය බහුලම නගර වන  ටෝකියෝ හා නගෝයා අතර ධාවනය වීමට නියමිතය. දැනට මෙම නගර  දෙක අතර ධාවනය වන්නේ ෂින්කන්සෙන් බුලට් දුම්රියයි. මේ නගර දෙක අතර ගමනට එය මිනිත්තු 90 කාලයක් ගත කරයි. නමුත් අළුත් තාක්ෂණය අනුව නිපදවෙන දුම්රියකට ඒ සදහා ගතවන්නේ මිනිත්තු 40 ක කාලයකි.

මේ අළුත් දුම්රිය මගින් පරිසරයට සිදුවන්නේ අවම  හානියකි. දැනට ටෝකියෝ සිට නගෝයා අතර ගමන් කරන ගුවන් යානයක් නිසා සිදුවන පරිසර දුෂණයට වඩා අඩු පරිසර දුෂණයක් එයින් සිදුවේ.

ජපානයේ ඉඩම්, යටිතල පහසුකම්,  ප්‍රවාහන හා සංචාරක කටයුතු පිළිබද අමාත්‍යංශය නව දුම්රිය හදුන්වාදිමේ වැඩපිළිවෙලට මුලිකත්වය ලබාදී ඇත. මෙමගින් දෛනික කටයුතු පහසු කරන අතරම සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමද අපේක්ෂිතය. දුමිරිය  පුජි ගිනිකන්දේ වයඹ දෙසින් ඇදී යන්නේ එහි සුන්දරත්වය දෙස් විදෙස් සංචාරක ඇසට නතු කරමිනි.


නව දුමිරියේ ධාවන කටයුතු 2027 වසරේ ආරම්භ කිරීමට නියමිතය. මෙම වැඩපිළිවෙල ඔසාකා දක්වා දීර්ඝ කිරීමට සැලසුම් කර ඇත. එහි වැඩ කටයුතු 2045 වස්රේදි අරඹනු ඇත.


මේල් ඔන්ලයින් වෙතින් උපුටා ගන්නා ලදී.

0 comments:

Post a Comment