යම්
අනතුරක් නිසා (බොහෝ විට මාර්ග අනතුරු, උස් ස්ථානවලින් වැටීම් වැනි හදිසි අනතුරු නිසා) සුෂුම්නාවට සිදුවන තැලීමක්, සම්පීඩනයක් හෝ තුවාල වීමක් සුෂුම්නා අනතුරක් ලෙස හඳුන්වයි.
මොළයේ සිට කොඳු ඇට පෙළ හෙවත් කශේරුකාව මැදින් පහළ ප්‍රදේශය දක්වා ගමන් කරන සුෂුම්නාවේ, හදිසි
අනතුරු හේතුවෙන් කැඩී බිදී ගිය කොදු ඇට කැබලි ඇනීම
නිසාද, කොදු ඇට
විස්ථාපනය වීම නිසාද, සුෂුම්නාව
තෙරපීමට ලක්විය හැක. ඊට අමතරව සුෂුම්නා වටේ ඇති අනෙකුත් ව්‍යුහයන්ට සිදුවන හානිද
සුෂුම්නා හානියට බලපෑමක් ඇති කළ හැක.
සුෂුම්නා අනතුරු වර්ග කිරීම
මෙහිදී
ප්‍රධාන කරැණු දෙකක් සැලකිල්ලට ගනු ලැබේ. සුෂුම්නාවට සිදු වූ හානියේ ප්‍රබලතාව සුෂුම්නාවේ හානිය වූ ස්ථානය
සුෂුම්නාවට සිදු වූ හානියේ ප්‍රබලතාව සම්පූර්ණ සුෂුම්නා අනතුරු අසම්පූර්ණ සුෂුම්නා අනතුරු ලෙස වර්ග2කි. අසම්පූර්ණ සුෂුම්නා අනතුරු වර්ග කීපයක්ම ඇත. එයට හේතු වන්නේ සුෂුම්නාවේ
කිසියම් මට්ටමක ඉදිරිපස, පසුපස,
මධ්‍යය කොටස යන ස්ථානවලින් එක් කොටසකට පමණක් හානි වී අනෙකුත් ස්ථාන
සාමාන්‍ය ආකාරයෙන් ක්‍රියා කිරීමයි.
සුෂුම්නාවේ
හානිවූ ස්ථානය (මට්ටම)
සුෂුම්නාව මොළයේ පහල
කෙළවරින් පටන් ගෙන කොන්දේ පහල කොටස දක්වා
ගමන් කරයි. එබැවින් සුෂුම්නාවේ කුමන ස්ථානයට හානි වී ඇත්දැයි දැන ගැනීම වැදගත් වේ.
සුෂුම්නාව
ප්‍රධාන ප්‍රදේශ 4කට බෙදනු ලබයි. එනම් ග්‍රෛවි
(බෙල්ල ප්‍රදේශය) උරස්, කටි හා
ත්‍රිකාස්ටික යනුවෙනි. සුෂුම්නාවේ ස්නායු යුගල 31ක් ඇති
අතර එම ස්නායුවලට අදාල සුෂුම්නාවේ ස්ථානද ඇත.
එනම් ග්‍රෛවි ප්‍රදේශයේ
සුෂුම්නාවේ C1,C2,C3,C4,C5,C6,C7,C8 යන
ස්ථාන 8කින් ආරම්භ වන (වම් හා දකුණු වශයෙන්) ස්නායු යුගල් 8ද
උරස්ප්‍රදේශයේ T1,T2,T3,T4,T5,T6,T7,T8,T9,T10,T11,T12 වශයෙන්
ස්ථාන12කින් ආරම්භ වන
ස්නායු යුගල 12 ද
කටි ප්‍රදේශයේ L1,L2,L3,L4,L5 වශයෙන්
ස්ථාන 5කින් ආරම්භ වන
ස්නායු යුගල 5 ද
ත්‍රිකාස්ටික ප්‍රදේශයේ S1,S2,S3,S4,S5 වශයෙන්
ස්ථාන 5කින් ආරම්භ වන
ස්නායු යුගල 5 ද
අනු ත්‍රිකාස්ටික ප්‍රදේශයේ
ස්නායු යුගල 1 ද වශයෙනි.
යමෙක්ගේ සුෂුම්නාවට හානියක් සිදුවී ඇති නම් ඉහත සඳහන් සුෂුම්නාවේ ස්ථානවලින්
එක් ස්ථානයකට හෝ ස්ථාන කීහිපයකට හානි සිදු වී තිබිය හැක.එබැවින් සුෂුම්නා හානියක්
සිදු වී ඇත්නම් එය කුමන ස්ථානයෙන්ද යන්නත් එය සම්පූර්ණ හෝ අසම්පුර්ණ හානියක්ද
යන්නත් දැන ගත යුතුය.
මේ සඳහා ලොව බහුලවම භාවිතා
කරන්නේ,
ASIA
(American Spinal Injury
Association) ඇඟයීම් ක්‍රමවේදයයි.ඇමෙරිකා සුෂුම්නා අනතුරු
සංගමය විසින් සම්මත කරගෙන ඇති මෙම ඇඟයීම් ක්‍රමවේදයට අනුව
ASIA – A යනු සම්පූර්ණ සුෂුම්නා අනතුරකි. එනම් අනතුරෙන් පහල චලන හා සංවේදන නොමැත.
ASIA – B යනු අනතුර වූ ස්ථානයෙන් පහළ කොටසේ සංවේදන ඇත. නමුත් චලන නොමැත.
ASIA – C යනු
අනතුර වූ ස්ථානයෙන් පහළ කොටසේ චලන ඇති නමුත් එම චලන එදිනෙදා කාර්යයන් කර
ගැනීම සඳහා ප්‍රමාණවත් නැත.
ASIA – D යනු අනතුර වූ ස්ථානයෙන් පහළ කොටසේ චලන ඇති නමුත් එම චලන එදිනෙදා කාර්යයන්
කිරීමට ප්‍රමාණවත් වේ.
ASIA –
E යනු අනතුර වූ
ස්ථානයෙන් පහළ කොටසේ චලන හා සංවේදන සාමාන්‍ය ආකාරයෙන්ම පවතින බවය.
Eg:- ASIA – A – C5 යනු
සම්පූර්ණ සුෂුම්නා අනතුරක් වන අතර සුෂුම්නාවේ C5 ස්ථානයෙන් පහළ කොටසට මොළයේ සිට පණිවිඩ සම්පූර්ණයෙන්ම නොයෙන බවයි.
Eg:- ASIA – C – T5 යනු
සුෂුම්නාවේ C1 ස්ථානයේ
සිට T5 දක්වා
ස්ථාන අතර සාමාන්‍ය ආකාරයට ක්‍රියාකරන බවත් T6 පහළ කොටසට මොළයේ සිට පණිවිඩ එන නමුත් එමඟින් යම් මට්ටමකට චලන සිදුකර
ගත හැකි වුවත් එදිනෙදා වැඩ කරගැනීමට තරම් එය ප්‍රමාණවත් නොවන බවත්ය.
උපුටා ගැනීම :-
සහ පොත පත
ඇසුරිනි.
සැකසුම :
-
ඒ.ටී.
පතිරත්න - විද්‍යා හා තාක්ෂණ නිලධාරී,බියගම විදාතා සම්පත් මධ්‍යස්ථානය
0 comments:
Post a Comment