January 13, 2015

ගෘහාශ්‍රිත රසායන ද්‍රව්‍යයන්(Domestic Chemicals )

අපගේ සාමාන්‍ය ගෘහස්ථ ජීවිතයේ දී විවිධ කාර්යයන් සදහා විවිධ  අවස්ථාවල දී රසායනික ද්‍රව්‍ය භාවිතා කරනු ලබන අතර ඒවා මගින් සිදු කෙරෙන මෙහෙය වගේම අහිතකර බලපෑම් ද එලෙසම වේ.

ආහාර ආකලන(Food additives)

  1.           ආහාර පිසීමේදි රසය, සුවද, පෙනුම වැඩිදියුණු කිරීමට , පෝෂණය ඉහල නැංවීමට හා කල්තබා ගැනීමට විවිධ ද්‍රව්‍ය ආහාර වලට එකතු කරනු ලබයි.
 
එකතු කරන ද්‍රව්‍ය
යෙදීමේ ගුණය
උදාහරණය
 රසකාරක
 රසය ඇති කිරීම හෝ උද්දීපනය කිරීම
 ලුණු, කුළු බඩු වර්ග, MSG(මොනෝ සෝඩියම්  ග්ලූම‍නේට්,
 කිරි සහිත රසකාරක
 පැණිරස වැඩිදියුනූ කිරීම
සීනි, පැණි, සැකරින්
 වර්ණක
 පෙනුම වැඩිදියුනු කිරීම
 කැරොටින්(බටර් හා මාගරින්) ඇල්ෆා රෙඩ්
 පෝෂක
 පෝෂණිය අගය වැඩිදියනු කිරීම
 විටමින් ,ඛණිජලවන අඩංගු ලුනු
 පරිසංරක්ෂක
කල්තබා ගැනීම
(නරක්වීම වලක්වා ගැනීම)
ලුණු, සීනි, විනාකිරි
සෝඩියම් මෙටාබයි සල්‍ෆේට් SMS/KMS
සෝඩියම් බෙන්සොයෙට් සෝඩියම් නයිට්ට්‍රේට්
ප්‍රතිඔක්සිකාරක
ඔක්සිජන් ක්‍රියාව අඩාල කිරිම
 බියුලේටඩ් නයිඩ්‍රොක්සි ටොටුවීන් (BHT)
 පිපුම්කාරක
 සැහැල්ලුබව ඇති කිරීම
 බේකින්පවුඩර්(NAXCO3)   ඊස්ට්
 විරංජක
 පවතින පැහැය වෙනස්කිරීම
 සල්ෆ ඩයොක්සයිඩ් (SO2)



 සෝදන කාරක (Cleaning Agents)


සම හා හිසකෙස් පිරිසිදු කිරීමට සබන් හෝ ෂැම්පූ වර්ග භාවිතයද රෙදි සේදීමට සබන් හා ක්ෂාලක ද ගෙබිම ,බිත්ති ,භාජන වාහන පිරිසිදු කිරීමට සෝදන කාරක භාවිතා කිරිමද  ගෘහාශ්‍රිත රසායන භාවිතයේ එක් කොටසකි.


මෙහිදී දිගු දාම වලින් යුත් ශාක හා සත්ත්ව මේද සෝඩියම් හා පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් සමග ප්‍රතික්‍රියා කර සෑදෙන මේද අම්ල මගින්   කුණු කුඩා අංශු ලෙස ජලයේ අවලම්භනය කරමින් ඉවත් කරනු ලබයි. එලෙසම  රසායනිකව සංස්ලේෂණය කර සාදන  ක්ශාලක සබන්  වලට වඩා    කටින ජලයේ දී පවා  කුණු ඉවත්වීම සිදුවේ. ( නමුදු සබන් ජලයට එක් වු විට ජෛව ක්‍රියාකාරිත්වයන් මගින් ජීරණයට ලක්වන නමුදු  ක්ශාලක එසේ  ඡීරණය නොවේ.)
 03.  ඖෂධ (Medicines)



1 වේදනා නාශක (Pain killas)
 සිරුරේ වේදනාව සමනය කිරීමට මෙන් ම දේහ උෂ්ණත්වය පහල හෙලිමට වේදනා නාශක යොදාගනී. පෙති හෝ සිරප් ලෙස සුලබව භාවිතා කරන වේදනා නාශක වන්නේ පැරසිටමෝල් සහ  ඇස්ප්‍රීන් වේ.
            එලෙස ම දේහයේ බාහිරින් ආලේප කරන වේදනා  නාශනය කරන රසායනික ද්‍රව්‍ය ගණයට බාම් වර්ග අයත් වේ. මෙහි ප්‍රධාන ක්‍රියාකාරි සංයෝග ලෙස මෙතිල් සැලසිලේට් අඩංගු වේ. ඒවා ආලේපය පහසු කිරීම පිණිස වැස්ලින් එකතු කර තිබේ.


11  ප්‍රත්‍යාම්ල (Antacids)
ආමාශයේ අම්ලික භාවය අඩු කිරීම සදහා ගනු ලබන  භෂ්ම හෝ භාෂ්මික ලවණයක් අඩංගු ඖෂධ  වේ.  උදාහරණ ලෙස ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් ජෙලි හා ජලිය මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් (Milk of Magnesia)  ගත හැකිය.

 04.  ප්‍රතිපූරක (Antiseptics)  සහ විෂබීජ නාශක
ක්ෂුද්‍ර ජීවින් විනාශ කිරීම හො වර්ධනය වලකාලන ජීවි පටක මත ආලේප කල හැකි රසායනික ද්‍රව්‍ය ප්‍රතිපූරක ලෙස   හැදින්වේ. තුවාල, කැපුම්,වණ හා රොගි සම මත ප්‍රතිපූරක ආලේප කරයි. (අයඩින්, සර්ජිකල් ස්ප්‍රීතු (බෝරික් අම්ලය) විශබීජ නාශක මගින්ද ක්ෂුද්‍ර ජීවින් විනාශ කරන මුත් ඒවා ජිවි පටක මත තැවරීම ආරක්ෂිත නොවේ. ගෙබිම වැසිකිලි නාන කාමර හා උපකරණවල විෂබීජ නැසීමට මේවා යොදාගනි.(ෆිනෝල්, ක්ලෝරින්, මධ්‍යසාර)
05. රූපලාවන්‍ය ද්‍රව්‍ය (Cosmetics)

 පිරිසිදුභාවය අලංකාරයට සෞඛ්‍ය  සම්පන්න බවට හා  අන්‍යයන්ට ප්‍රසන්න ලෙස ජීවත් විමට මානව ඉතිහාසයේ වසර දහස් ගණනක් පුරා රූපලාවන්‍ය ද්‍රව්‍ය භාවිතා කර ඇත. ඒ අතර, සුවද විලවුන්, පුයර වර්ග, හිසකෙස් වර්ණක හා විරංජක, දුගද නාශක,සම මෘදුකාරක,තොල් ආලේපන, ඇස් අලංකරණ ආලේපන ආදිය ප්‍රධාන තැනක් ගනී


06 .ආලේපන තින්ත (Paints)

            පෘෂ්ඨ ආරක්ෂා කිරීමටත්, ද්‍රාවණ පටලයක් ලෙස ක්‍රියාකරණ හා පෘෂ්ඨය මතට අභිමත වර්ණයක් ගෙන දෙන ද්‍රව්‍යයක් ලෙස ආලේපන තීන්ත හැදින්විය හැකිය. මේවායේ ප්‍රධාන රසායන සංගඨක තුනක් අඩංගු වේ. එනම්
ලෝහ ඔක්සයිඩ හෝ ලේහ ලවන වලින් නිපදවා ඇති වර්ණක (Pigments)
 තාපයට  නිරාවරණය වු විට ප්‍රති ක්‍රියා කරමින් වියලි ආලේපන පටලය බවට පත්වන සංඝටක බදනය (Binder) හෙවත්  වාශ්පශීලි නොවන ද්‍රව්‍ය සහ ආලේපනයේ උකුබව අඩුකර ආලේප කිරීම  පහසු කරණ වාහකය(Vehide or solvent) හෙවත් වාෂ්පශීලී ද්‍රව්‍ය.
 
ගෘහාශ්‍රිත රසායන ද්‍රව්‍යවල බලපෑම

ආහාර සදහා විවිධ වර්ගයේ රසායනික පරිරක්ෂක ද්‍රව්‍ය යෙදීම නිසා සෛල පටල හා බිත්තිවල පාරගම්‍යතාවයට බලපෑම් ඇතිවීම, සෛල තුල එන්සයිම ක්‍රියාකාරිත්වයට බාධා පැමිණවීමත් සිදුවේ. එලෙසම පරිරක්ෂක නිසා (So32) ස්වසන අපහසුතා මෙන්ම ආහාර  ආකලන පිළිකා ඇතුලු සෞඛ්‍ය තර්ජනවලට අතවනන බව නොරහසකි.
එලෙසම කෘතීම ක්ෂාලක අවක්ෂේප ලෙස ඉවත් නොවන අතර ඉන් සමහරක් ජෛව ජීර්ණ ක්‍රියාවලියට ද ලක් නොවීම මත විවිධ පාරසරික ගැටළු මෙන්ම ජෛව විවිධත්වයට හා ඝණත්වයට බලපෑම් ඇතිවේ. විශේෂයෙන් ම ඒවායේ ඇති පොස්පේට්දායක ජලයේ ඇල්ගී වර්ධනයට පෝෂකයකි.  පෝෂනයටද මෙම පොස්පේට් හේතුවේ. එලෙසම පරිභෝජනය නොකර ඉතිරි වු නිවසින් ඉවතලන ගෘහාශ්‍රිත රසායන ද්‍රව්‍ය   ඒවායේ ඇ සුරුම්කරන හා බහාලුම් පරිසරයට අහිතකර අපද්‍රව්‍ය ප්‍රමාණය ඉහල නංවන ප්‍රබල සාධකයකි. තීන්ත හා පොලිෂ් භාවිතයෙන් කාබනික ද්‍රව්‍ය පරිසරයමෙුදා හැරීම මගින් ජෛවීය ජීරෟණයට ලක් නොවන බහු අවයමික පටලයන් නිපදවීමද සිදුවේ.

Sources : www.sciencealerts.com
Nayana Wijeratne, STO - Yatinuwara


0 comments:

Post a Comment