January 27, 2015

දේශගුණික විපර්යාස අවම කරන ඕසෝන් ස්ථරය

O3 ඕසෝන් ස්ථරය ක්ෂය වීම සහ දේශගුණික විපර්යාස එකිනෙකට වෙනස් වු
පාරිසරික ගැටළු ලෙස ‍මෙයට දශක කිහිපයකට පෙර සැලකිණි. නමුත් දේශගුණික විපර්යාස පිළිබද අවධානය සහ දැනුම ප්‍රවර්ධනයත් සමගම මෙම පාරිසරක තත්වයන් දෙක අතර අන්තර් සම්බන්ධතාවයන් පවතින බව පැහැදිලි විය.
ඕසෝන් ක්ෂයකාරක ද්‍රව්‍ය ලෙස සැලකෙන හැලජනීකෘත හයිඩ්‍රොකාබන් (CFC, HCFC, CCl4, MeBr) ප්‍රභල හරිතාගාර වායු ලෙස සැලකෙන ඒවා මගින් ගෝලීය උණුසුම වැඩි කරයි. ඕසෝන් ක්ෂයකාරක ද්‍රව්‍ය සහ හරිතාගාර වායුන් සුර්යයාගෙන් පොළොවට පතිත වන කිරණ නැවත පරාවර්තනය වීමේ ක්‍රියාවලිය වෙනස් කරයි. මෙමගින් ගෝලීය උණුසුම වඩ වඩාත් වැඩි වන අතර ස්ථර ගෝලයේ පැවතිය යුතු උණුසුම අඩු කරයි. මෙම ක්‍රියාවලිය හේතුවෙන් ස්ථර ගෝලය සිසිල් වීමෙන් ධ්‍රැව ස්ථර ගෝලීය වලාකුළු (Polat Stratospheric Clouds) නිර්මාණය වේ. මෙය ප්‍රධාන වශයෙන් ධ්‍රැවයන් ආශ්‍රිතව ඕසෝන් සිදුරු ඇති වීමටත් එහි විශාලත්වය වැඩි වීමටත් බලපායි.
ඕසෝන් ක්ෂයකාරක ද්‍රව්‍ය මගින් ඇති කරනු ලබන ගෝලීය උණුසුම අප අවට වායුගෝලයේද වායු චලනයන් වෙනස්කම් වලට භාජනය කරමින් අප බලාපොරොත්තු නොවන දේශගුණික සහ කාළගුණික විපර්යාස සිදු කරයි.
ඕසෝන් ස්ථරය ක්ෂය වීම නිසා අහිතකර පාරජම්බූල කිරණ පෘථිවිය මත වැටීමෙන් සාගරයෙහි වර්ධනය වන ඇල්ගී වර්ග විනාශයට පත් වේ. සාගර ඇල්ගී පරිසරයේ CO2 තුලනය කිරීමේ ප්‍රධාන සාධකයක් වන අතර මෙම ඇල්ගී විනාශ වීමෙන් වායුගෝලයේ CO2 ප්‍රතිශතය ඉහල යයි.
තවද අහිතකර පාරජම්බුල කිරණයන්ට අනාවරණය වීමෙන්  විවිධ ශාක වර්ගයන්ගේ වර්ධනය හීන වේ. පරිසරයේ CO2 තුලනයට ශාක අත්‍යාවශ්‍ය වේ. එනම් ප්‍රභාසංස්ලේශණය සදහා CO2 ශාක මගින් අවශෝෂණය කර ගන්නා නිසා වෙනි.
මෙම පාරිසරික තත්වයන් අතර සබදතාවය අවබෝධ කර ගෙන ඕසෝන් ස්ථරය විනාශ වීම ගෝලීය උණුසුම හා දේශගුණය කෙරෙහි බලපාන අයුරු අවබෝධය මගින් අවම කර ගත හැක.
 තුෂංග ෙහ්රත්
විද්‍යා හා තාක්ෂණ නිලධාරී
හාලිඅැල

0 comments:

Post a Comment