| 
1.     සමහර පලාත් වල ජලය උණු කිරීමට යොදන භාජන වල ඇතුල්
  පැත්තේ ඝණ සුදු පැහැති තට්ටුවක් බැදී පවතී. 
 | 
   
   
  
   
  එම පලාත් වල ජලයේ කැල්සියම් බයිකාබනේට් හා මැග්නීසියම්
  බයිකාබනේට් දියවී පවතී. රත් කිරීමේදී මෙම ලවණ කාබනේට බවට පත්වී භාජනය පතුලේ
  තැම්පත් වේ. MgCo3 / CaCo3 සංයෝග දෙකම සුදු පාටය. 
ප්‍රතික්‍රියා: 
   Mg(HCO3)         MgCo3 + H2O +
  CO2 
   
     Ca(HCO3)          CaCo3 + H2O + CO2 
 | 
  | 
 | 
 | 
  | 
2.      දෙවුම් සෝඩා , අළු හුණු හා උණු ජලය මිශ්‍රණයකට ඇලුමිනියම්
  කැබලි එක්කල විට හයිඩ්‍රජන් වායුව පිටවේ. | 
අළුහුණු හා
  ජලය ප්‍රතික්‍රියාවෙන් කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් සාදයි. 
   
  CaO + H2O         Ca(OH)2  
 
මෙම කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් සමග දෙවුම් සෝඩා ප්‍රතික්‍රියවෙන්
  කැල්සියම් කාබනේට් අවක්ෂේපය සහ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සාදයි. 
   
  Ca(OH)2 + NaCO3             CaCO3 + 2NaOH 
 
මෙසේ ලැබෙන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හා ජලය සමග ඇලුමිනියම් ප්‍රතික්‍රියාවෙන්
  සෝඩියම් ඇලුමිනේට් හා නම් ලවණය ද හයිඩුජන් වායුවද ලැබේ. 
   
  2NaOH + 2H2O + 2N       2NaAlO2 + 3H2 | 
  | 
 | 
 | 
  | 
3.      හුණු බදාමය කල්ගත වීමේදී ශක්තිමත් වේ. | 
හුණු බදාමයේ
  කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ඇත. වාතයේ ඇති කාබන්ඩයොක්සයිඩ් වායුව සමග කැල්සියම්
  හයිඩ්‍රොක්සයිඩ් ප්‍රතික්‍රියා කර කැල්සියම් කාබනේට් සෑදේ. 
   
  Ca(OH)2 + CO2             CaCO3 + H2O 
 
පසුව
  වාෂ්පීකරණය මගින් ජලය ඉවත් වී ඝණ කැල්සියම් කාබනේට් බවට පත්වන බැවින් ශක්තිමත්
  වේ. | 
  | 
 | 
 | 
  | 
4.      මුහුදු කරයේ ගෙවල් වලට ගෘහභාණ්ඩ තේරීමේදී යකඩ වලින්
  තැනු ඒවාට වඩා ලීයෙන් තැනු භාණ්ඩ උචිතය. | 
මුහුද අවට
  වාතයේ ජලවාෂ්ප බහුලව ඇති අතර එම වාතයේ ලුණු අඩංගු වේ. ලුණු මගින් යකඩ විඛාදනය
  වේගවත් වේ. එම නිසා යකඩ වලින් තැනු භාණ්ඩ ඉක්මනින් දිරාපත් වේ. 
 | 
  | 
 | 
 | 
  | 
5.     උදරයේ අම්ල ආබාධ ඇති අයට  ප්‍රතිකාරකයක් ලෙස මැග්නීෂියා දියරය බීමට
  නියම කෙරේ. | 
ආහාර වීමට
  අවශ්‍ය එන්සයිම ක්‍රියාකාරීත්වය සදහා ආමාශයේ  මාධ්‍යය ආම්ලික වේ. මෙම ආම්ලික බව ඇති කරනුයේ
  හයිඩ්‍රොක්ලෝරික් අම්ලය වේ. සමහර අයගේ මෙම අම්ලය වැඩිපුර ශ්‍රාවය වීම නිසා
  උදරාබාධ ඇති වේ.  
මැග්නීසියා
  වල ඇති මැග්නීසියම් හයිඩ්රොක්සයිඩ් මගින් මෙම අම්ලය උදාසීන කෙරෙන බැවින් ඊට ප්‍රතිකාරකයක්
  ලෙස මැග්නීසියා දියර බීමට නියම කෙරේ. 
උදාසීන ප්‍රතික්‍රියාව 
   
  Mg(OH)2 + 2HCl       MgCl2 + 2H2O | 
  | 
 | 
 | 
  | 
6.     ඇමෝනියා සහ යුරියා පොහොර වලට දර අළු මිශ්‍ර කිරීම
  නුසුදුසුය. | 
අළු වල
  පොටෑසියම් ඔක්සයිඩ් ඇත. එම නිසා දර අළු භෂ්මයක් ලෙස ජලයේදී ක්‍රියාකරයි.
  භෂ්ම  සමග ඉහත පොහොර වර්ග ප්‍රතික්‍රියාකර
  ඇමෝනියා පිටවී යන බැවින් පොහොර වලින් නයිට්‍රජන් ඉවත් වී එහි සාරවත් බව අඩු වේ.
  පොහොර වර්ගය ඇමොනියම් නයිට්රේට් ලෙස ගතහොත් ප්‍රතික්‍රියාවේ සමීකරණය පහත දැක්වේ. 
   
  NH4NO3 + KOH        KNO3 +H2O + NH3  | 
  | 
 | 
 | 
  | 
7.     පොලිතීන් භාවිතය නිසා පරිසර දුෂණය ඇති වේ. | 
පෙට්රෝලියම්
  සංශුද්ධ කිරීමේදී ලැබෙන එතිලීන් වලින් පොලිතීන් නිපදවනු ලැබේ. පොලිතීන් සංතෘප්ත
  සංයෝගයකි. විවිධ ද්‍රව්‍යයන් ඇසිරීම සදහා පොලිතීන් භාවිතා කෙරේ. මේ නිසා අප අවට
  පරිසරයේ තැන් තැන්වල පොලිතීන් නිෂ්පාදන දක්නට ලැබේ. සාමාන්‍ය කඩදාසි මලු මෙන්
  නොව පොලිතීන් මත බැක්ටීරියා ක්‍රියාත්මක වීමෙන් ඒවා දිරාපත් නොවේ. මේ නිසා
  පොලොවේ තට්ටු වශයෙන් පොලිතීන් එකතු වේ. 
  මේ නිසා පස් ස්ථර අතර සම්බන්ධතාවය බිදීයාම නිසා පස තුලට ජලය කාන්දු වීම
  වලකී. එවිට පොලොව වගුරු බවට පත්වී ඒවායේ බැක්ටීරියා වල නිර්වායු ශ්වසනය නිසා
  නොයෙක් අහිතකර ද්‍රව්‍ය සහ විෂ වායු පරිසරයට එකතු වේ. මේ නිසා ස්වාභාවික චක්‍ර
  අවුල්වීමෙන් පරිසර දුෂණය ඇති වේ. | 
  | 
 | 
 | 
  | 
8.     රා පැසෙන විට පෙණ නගිනු නිරීක්ෂණය වේ. | 
මීරාවලට පරණ
  රා ස්වල්පයක් එක් කල විට පරණ රා වල ඇති යීස්ට් බැක්ටීරියා වල නිර්වායු ශ්වනය  නිසා රාවල ඇති ග්ලුකෝස් මද්‍යසාරය බවට පත්වේ .
  මෙවිට කාබන් ඩයොක්සයිඩ් වායුව ද පිටවේ. මෙම වායු බුබුළු සමග මධ්‍යසාර ස්වල්පයක්
  ද පිටවන බැවින් පෙණ ඇති වේ. | 
  | 
 | 
 | 
 
0 comments:
Post a Comment