January 1, 2015

අපතේ යන තාපය විද්‍යුතය බවට පරිවර්තනට ඇමෝනියා-පදනම් බැටරි

“ අපතේ යන තාප ශක්තිය යොදාගෙන බලශක්තිය ජනනය කිරීම මගින් පොසිල ඉන්ධන දහනයකින් තොරව අතිරේක විදුලියක් ජනනය කිරීමට අවස්ථාව උදාකර දී ඇත“  පෙන්සිල්වේනියා ප්‍රාන්ත පාරිසරික ඉන්ජිනේරු අංශයේ මහාචාර්ය වරුන් වන බෘස් ඊ. ලෝගන් හා ඉවාන් ප‘ග් පවසයි. “ මෙම තාප පුණර්ජනනීය බැටරි, අපතේ යන තාපය ගබඩාකර විද්‍යුත් ශක්තිය බවට පරිවර්ථනය කිරීමට විභවයක් ඇති ඝණ තත්වයේ උපාංග වලට වඩා අඩු වියදම් ක්‍රමයකි.“

අපතේ යන තාපයෙන් විදුලිය ජනනය කරන වෙනත් විද්‍යුත්විච්ඡේද හෝ පරිවර්තක ද්‍රව යොදාගන්නා ක්‍රමවේද (උදා : ටෙලියුරයිඩ් පදනම් බැටරි)  මගින් දළ වශයෙන් තාප ශක්තියෙන් 15-20% ප්‍රතිශතයක් පරිවර්ථනය කරයි. වඩාත් කාර්යක්ෂම ෆුල්වලේන් ඩයිරූටේනියම් (fulvalene diruthenium) වැනි ද්‍රව්‍ය මීට වැඩි ප්‍රතිශතයකින් ශක්ති පරිවර්ථනය කල ද, ප්‍රායෝගිකව ඒවා දුලබ හා මිළෙන් ඉතා අධික වේ. 

පෙන්සිල්වේනියානු ප්‍රාන්ත පර්යේෂකයන්ට අනුව, නව තාප පුණර්ජනනීය කෝෂ පද්ධතිය තඹ ඉලෙක්ට්‍රෝඩ සහ සුලභ ඇමෝනියා විද්‍යුත් විච්ඡේදකය ලෙස භාවිතයට ගැනේ. මෙමගින් 29% ප්‍රතිශතයක් විද්‍යුතය බවට පරිවර්ථනය කරයි. වෙනත් බැටරි මෙන් නොව මෙහි ඇමෝනියා විද්‍යුත් විච්ඡේදකය භාවිතා වනුයේ ඇනෝලයිටයක් (ඇනෝඩය වට පවතින විද්‍යුත්විච්ඡේද්‍යයක්) ලෙසින් වන අතර එය තඹ ඉලෙක්ට්‍රෝඩය සමග උණුසුම් තත්ත්ව යටතේ ප්‍රතික්‍රියා කිරීමෙන් විදුලිය ජනනය වේ.

“කෝෂය ක්‍රියාත්මක වනුයේ විද්‍යුත් විච්ඡේදයේ ඇමෝනියා යොදාගෙන ඇනෝඩයේ සංකීරණයක් ගොඩනැගීම තෙක් නොහොත් කැතෝඩය අසල තඹ අයන ප්‍රමාණය අඩුවන තෙක් පමණි.“ පාරිසරික ඉන්ජිනේරු අංශයේ පශ්චාත් ආචාර්යය ෆෙන්ට් ෂැන්ග් පවසයි. “එවිට ප්‍රතික්‍රියාව නවතී.“ 

ඉහත ප්‍රතික්‍රියාව අවසන් වූ පසු පර්යේෂකයන් විසින් කෝෂයේ ඇනෝඩ කුටීරයේ භාවිත ද්‍රවයෙන් ඇමෝනියා ආසවනය කර පසුව එය නැවත කැතෝඩ කුටියට පුරවන ලදී. මෙහි ප්‍රතිඵලයක් ලෙස දැන් ඇමෝනියා පවතින කුටිය ඇනෝඩ කුඩිය බවට පත්වන අතර දැන් කැතෝඩය කුටියේ (පෙර ඇනෝඩය) ඇති ඉලෙක්ට්‍රෝඩයේ තඹ නැවත තැම්පත් වීම සිදුවේ.

වෙනත් වචන වලින් කිවහොත්, දෙපස කුටීර දෙක අතර ඇමෝනියා හුවමාරු කිරීමෙන් ඉලෙක්ට්‍රෝඩවල තඹ තැම්පත්වන ප්‍රමාණය නියත අගයකට පත්වේ. 


මෙහිදී අප ඉදිරිපත් කරනුයේ තඹ ඇමෝනියා සංකීරණයක් නිර්මාණය වීමෙන් විද්යුතය ජනනය වන වඩාත් කාර්යක්ෂම, ලාබදායී හා ප්රමාණාත්මක ඇමෝනියා පදනම් වූ තාප පුණර්ජනනීය බැටරියකි.“ පර්යේෂකයන් ඔවුන්ගේ වාර්තාවේ පවසයි. “අවශ්‍ය විටක, බැටරිය විසර්ජනය කල හැකි අතර එහිදී ගබඩා වී ඇති රසායන ශක්තිය විද්යුතය බවට පරිවර්ථනය වේ.“


පර්යේෂකයන් මෙම කෝෂය ආරෝපණ හා විසර්ජන වාරගණනක් සිදුකිරීමේදී එහි බල ඝණත්වය වර්ග මීටරයකට වොට් 60 ක් පමණ වී ඇති අතර, එය වෙනත් ද්‍රව කේන්ද්‍රීය තාප-විද්‍යුත් ශක්ති පරිවර්ථන පද්ධති වලට වඩා 6 සිට 10 ගුණයකින් වැඩිබව ප්‍රකාශ කර ඇත. තවදුරටත් කෝෂ සංඛ්‍යාව වැඩිකිරීමෙන් ඉහත අගය වැඩිකල හැකි බව නිරීක්ෂණය කර ඇත. ඒ අනුව මෙම ආදර්ශණය වාණිජමය නිෂ්පාදනයක් දක්වා දියුණු කල හැක.

මෙම ආදර්ශණය විද්‍යාගාර තුල පමණක් භාවිතාවන විශේෂිත සංඝටක භාවිතයෙන් නිෂ්පාදනය කර නොමැති බැවින්, තවදුරටත් වාණිජමය වශයෙන් අඩු වියදම් ලෙස හා කාර්යක්ෂම ලෙස නිපදවීම කෙරෙහි ඉන්ජිනේරුවන් අවධානය යොමුකර ඇත.  

විද්‍යාව හා තාක්‍ෂණය පිළිබඳ අබ්දුල්ලා රාජ්‍ය විශ්ව විද්‍යාලය මේ සඳහා සහය දක්වන අතර, පර්යේෂකයන් විසින් මේවන විට මේ සඳහා පේටන්ට් අයිතිය ලබාගැනීමේ කටයුතු වල නිරත වන බව බලශක්තිය හා පාරිසරික විද්‍යාව පිළිබඳ සඟරාවේ (Energy & Environmental Science) තවදුරටත් සඳහන් වේ. 

මූලාශ්‍රය -
Pennsylvania State University


 

0 comments:

Post a Comment