January 21, 2015

වායුබල ධාරා කුඩයක්

අප බලාපොරොත්තු  නොවන කාලවකවානුවලද වැස්ස පතිත වීම දක්නය ලැබේ. වායු දූෂණයේ ප්‍රතිඵලයක් ලෙස අම්ල වැසි පතිත වීමද ජීවීන්ට හිතකර නොවේ. මෙයින් ආරක්ෂාවීම අද අත්‍යාවශ්‍ය කරුණක් බවට පත්ව ඇත.

මෙයට විකල්පයක් ලෙස චීන නිර්මාණකරුවන් පිරිසක් විසින් කුඩයක් නිර්මාණය කර තිබේ.

මේ කුඩය භාවිතා කරන්නා නොතෙමී ආරක්ෂා කිරීමට වායුබල ධාරාවක් උපයෝගී කර ගනී. “Air Umbrella”  නමින් වෙළඳසැලට හඳුන්වා දී ඇති මෙම කුඩයේ ඇති මෝටරයේ සුලං පෙති ක්‍රියාකරවීමට මෝටරයක් යොදා ගනී. මෙය ලිතියම් අයන් බැටරයකි. එයින් ඇතිවන සුලං ධාරාව මඟින් වැහි බිංදු අහකට විසි කරයි. මෙමඟින් දෙදෙනෙකුට ආරක්ෂාව සැලසේ.

බැටරියේ උපරිම ආයු කාලය විනාඩි 30කි. කෙටිදුරක් නොතෙමී යාමට මෙය උපයෝගී කර ගත හැක. නමුත් තෙමුණු කුඩ රැගෙන බසයට නැග අපහසුතාවට ලක් නොවී ගමන් කල හැක.


සකස්කලේ
සොබා සමරසිංහ
විද්‍යා හා තාක්‍ෂණ නිලධාරි 

කෝට්ටේ (VRC - KOTTE)

0 comments:

Post a Comment