January 16, 2015

රස ගුණ පිරි නැවුම් එළකිරි

සත්ව හා ශාක ආහාර අතරින් ශරීරයට අවශ්ය පෝෂක සපයන එක් ආහාර කාණ්ඩයක් ලෙස කිරි වලට අද්විතීය ස්ථානයක් හිමි වේ.  නිරෝගී එළදෙනකුගේ සම්පූර්ණ කිරි දෙවීමකදී (මුල් කිරි වලින් තොර) මේදය නොවන ඝන ද්‍රව්‍ය 8.3 % වඩා අඩු නොවන සේ ද, මේදය 3.3 % වඩා අඩු නොවන සේ ද ලැබෙන පයෝලස ස්‍රාවය කිරි ලෙස හදුන්වයි.

ක්ෂීරපායීන්ගේ මුල් අවධියේදී සම්පුර්ණයෙන්ම යැපෙන්නේ කිරි වලිනි. ශරීරය වර්ධනයට අවශ්‍ය බොහෝ පෝෂක පදාර්ථ කිරිවල අඩංගු වේ.බාල, මහළු, රෝගී, කා හටත් කිරි සුදුසු වනුයේ එය දියරමය ගතියෙන් යුක්ත නිසාත් පහසුවෙන් ජීර්ණය හා අවශෝෂණය වන නිසා හා කිරි සමබර ආහාරයක් ලෙස හදුන්වනුයේ ශරීරයට අවශ්‍ය සියළුම පෝෂණ පදාර්ථ අඩංගු වන නිසාය.
නැවුම් එළකිරි වල
  1.  ආවේණික සුවදක්
  2.  වර්ණයක් සහ
  3.  රසයක් ඇත.
කිරි වලට සුදු පාට ලැබී ඇත්තේ එහි දියවී ඇති කේසීන් නම් ප්‍රෝටීනය  හා කැල්සියම් ලවණ නිසාය.
කිරි ආහාරයක් ලෙස වඩාත් ජනප්‍රිය වීමට හේතු
  1. මව් කිරි දීමෙන් පසුව වැඩෙන දරුවන් සදහා ආදේශකයක් ලෙස දීමට හැකි වීම
  2. ළමුනගේ වර්ධනයට හා අමතර ශක්ති ජනනයට පෝෂ්‍යදායක ආහාරයක් වීම
  3. අතීතයේ සිට ගවයා ගෘහාශ්‍රිත සතෙකු ලෙස පාලනය කිරීම නිසා එළකිරි පානයට මිනිසා හුරුව සිටීම
  4. එළකිරි රසවත් හා නැවුම් වීම
  5. නුතන තාක්ෂණය උපයෝගයෙන් එළකිරි ආශ්‍රිත නිෂ්පාදන පහසුවෙන් ලබා ගත හැකි වීම
  6.  එළකිරි ආශ්‍රිත නිෂ්පාදන වැඩි කාලයක් ගබඩා කර තබා ගත හැකි වීම හා ප්‍රවාහනයේ පහසුව
කිරි නිෂ්පාදනයේ සංයුතිය
  1. සත්ව විශේෂය අනුව
  2. සත්ව වර්ගය අනුව
  3.  කිරි මුරය අනුව
  4. කිරි මුරයේ අවස්ථාව අනුව
  5. කිරි දොවන වේලාව හා කාල පරතරය අනුව
  6.  ආහාරවල තත්වය අනුව
  7.  දේශගුණික තත්ව අනුව
  8. දොවන පිළවෙල අනුව
  9.  කිරි දොවන්නා අනුව වෙනස් වේ.
මව්කිරි හා එළකිරි සංසන්දනය
සංඝටකය
මව්කිරි
එළකිරි
ජලය
87.5
87.5
ලැක්ටෝස්
6.9
4.6
ප්‍රෝටීන
1.2
3.3
මේදය
3.8
3.7
කැල්සියම්
0.1
0.1

කිරි කල්තබා ගැනීමේ විවිධ ක්‍රම හා ඒවායේ වාසි අවාසි
කිරි ඉතා පෝෂ්‍යදායී මාධ්‍යයක් බැවින් ක්ෂුද්‍ර ජීවීන් සදහා සුදුසු වර්ධන මාධ්‍යයකි. මේ නිසා කිරි ඉතා ඉක්මනින් නරක් වන නිසා පරිභෝජනටය ගන්නා තුරු කල් තබා ගැනීම සදහා නොයෙකුත් ක්‍රම යොදා ගනී.
කිරි කල් තබා ගැනීමේ ප්‍රධාන ක්‍රම 03 කි. එනම්
  1. උණු කිරීමෙන් ඝන තත්වයට හෝ අර්ධ ඝණ තත්වයට කිරි සාන්ද්‍ර කිරීම
  2. මිනිසාට හානිදායක නොවන ක්ෂුද්‍ර ජිවීන් යොදා කල් තබා ගැනීම
  3. චීස් නිෂ්පාදනය
ලංකාවේ එළකිරි මෙන්ම මීකිරිද මුදවීම සදහා යොදා ගනී. මීකිරි වල 7-9 දක්වා මේදය ඇති බැවින් එළකිරි වලට වඩා හොදින් මිදීම සිදුවේ. මීකිරි වල කැරොටීන් නොතිබීම නිසා මුදවන ලද මීකිරි එළකිරි වලට වඩා සුදු පැහැතිය.
මුදවීමේ ක්‍රියාවලියේදී බැක්ටීරියානු එන්සයිම මගින් ප්‍රෝටීන, ප්‍රෝටියෝස හා පෙප්ටෝන බවට ජල විච්චේදනය වේ. එමනිසා මුදවන ලද කිරි නැවුම් කිරි නැවුම් කිරි වලට වඩා පහසුවෙන් ජීර්ණයවේ. එයට හේතුව ආම්ලිකරණය වු කිරි ඇති විට ඛේටය නිපදවීම පිත් යුෂ හා අග්න්‍යෂයික යුෂ නිපදවීම වඩා හොදින් ක්‍රියාත්මක වීමයි.
එසේම ජලයේ දියවන විටමින වඩාත් හොදින් අවශෝෂණය වී තැම්පත් වේ. මිදීමේදී කිරිවල තයමීන් , රයිබොප්ලෙවින් හා විටම්න බී 12 වැඩි වන අතර එමගින් මුදවන ලද කිරිවල පෝෂණ අගය වැඩිවේ.
තුෂංග හේරත්
විද්‍්‍යා හා තාක්ෂණ නිලධාරී
හාලිඇල

2 comments:

වටිනා ලිපියක්

ගොඩක් ප්‍රයෝජනවත් වුන ලිපියක්

Post a Comment