January 2, 2015

සුව දිවියකට කුරුදු


කුරුදු යනු කැලැ ශාකයක් ලෙස උපත ලද අතිතයේ සිට භාවිතා කරන ලද කුළුබඩු වර්ගයකි.පසු කාලිනව කුෂ්ඨ , ඇදුම වැනි රෝග සුව කර ගැනිම සදහා  CEYlon Cinnamen (සත්‍ය කුරුදු) , Cassia cinnamen               
Cinamomum  Verum  උද්භිද විද්‍යාත්මක නාමයෙන් හදුන්වනු ලබන  ලංකා කුරුදු ශාකය බටහිර රටවල බහුලව භාවිතා වේ.ගස කපා ලබා ගන්නා ඇතුලත පොත්ත වියලා කුඩු කර  පවුඩර් ලබා ගනි.මෙහි ඇති තෙල් සහිතකොටස අඩංගු  Cinnamaldehyde  මගින් සුවද හා රස පවත්වා ගනි.මෙම Cinnamaldehyde සෞඛ්‍යයට සුලභ බලපෑමක් කරනු ඇත.
කුළුබඩු වර්ගයක් ලෙස භාවිතා කලද නවින පර්යේෂණ වලට අනුව සෞඛ්‍යසම්පන්න දිවියකට ඉතා අගනා ‍‍ඹෟෂධයකි.මාංශපේශි වේදනාව ,වමනය ,අජිර්ණය,වැනි දේ සදහා යොදා ගනි . රුධිර සිනි ප්‍රමානය අවම කරන බව සොයා ගෙන ඇත. කුරුදු වල ඇති  රසායනික සංයෝගය බැක්ටිරියා හා දිලිර වලට ප්‍රතිවිරුද්ධව ක්‍රියා කරනු ඇත.අධ්‍යනයන්ට අනුව දිනකට ග්රෑම් හය දක්වා භාවිතා කිරිම මගින් රුධිර ග්ලුකොස් ත්‍රයිග්සරයිඩ්, LDL කොලෙස්ටරෝල්අවම කර HDL වැඩි කර ගත හැකි අතර TYPE 02 දියවැඩියාව සදහා ඇති අවදානම අවම කර ගත හැක.මෙහිදි ඉන්සියුලින් ප්‍රතිරෝදි තාව අවම කර රුධිර පද්ධතියෙන් සෛල තුලට සිනි ගමන් කිරිමට උදව් කරයි.

පරිනත නොවු මරණ සදහා වන පුභල හේතුවක් වන හෘද රෝග අවම කිරිමේ ලා කුරැදු පුභල ලෙස බැදි පවති.
සමහර කුරැදු නිෂ්සාරක මගින් කරන ලද පර්යේෂන වලදි  Flasting Bood Sugar  මට්ටම ද අඩු කර ඇත.Alzheiner”s  රෝගය වලක්වන රසායතනික මෙහි අඩදගු වේ.
ඉන්දියාවේ කරන ලද පර්යේෂණ වලට අනුව  HIV  වලට විරැද්ධව යම් තරමකට ක්‍රියාත්මක විමක් සිදු වන බවඅධ්‍යනය කර ඇත.මේද සහිත ආහාර මගින් සිරැරට වන බලපැම අවමකර ගැනිමට කුරුදු භාවිතා කලහැකි බවට සනාත කර ඇත.

ඇමරිකානු කෟෂිකර්ම දේපාර්තමේන්තුවට  අනුව කුරුදු ග්‍රැම් 10 ක      



ශක්තිය කි.කැලරි 24.7මේදය 0.12 ග්‍රැම්, කාබොහයිට්රේට 8.06 ගැ්‍රම්, ප්‍රොටින 0.4 ග්‍රැම් ලෙස සොයා ගෙන ඇත.
රුධිර සිනි අවම කිරිම
බැක්ටිරියා විනාශ කිරිම
ආසාදන අවම කිරිම
ආහාර දිරවිම පහසු කිරිම
රුධිර ගමනය පහසු කිරිම
ක්ලෝස්ටරෝල් අඩු කිරිම
ආහාර ගැනිමෙන් පසු කුරැදු වල රසායනික මගින්ඉන්සියුලින් සදහා ඇති සංවේදිතාවය වැඩි කැන අතර ආහාර මගින් රුධිරයට දෙන සිනි පුමානය අඩුකරයි.
කුරුදු වල ඇති Polyphenols  වැනි පුභල ප්‍රතිඹක්ෂිකාරක සංයෝග නිසා ප්‍රතිඹක්ෂිකාරක ගුණය ඉහලය.  මෙමගින් ශිරුර ආරක්ෂා කරන අතරම ආහාර පරිසංරක්ෂණය සදහාද යොදා ගනි.මෙම ගුනය නිසාආසාදිත හා හානියට පත් පටක අළුත්වැඩියාවට උදව් වේ. බැක්ටිරියා මතක්‍රියා කිරිම මගින් දත් දිරා යාම වලකයිඹෞෂධ පැල 69 ක අධ්‍යනයේදි බොහෝ පුතිපල සහිත ශාකය කුරැදු බව සෝයා ගෙන ඇත.

. CEYlon Cinnamen (සත්‍ය කුරුදු) වලට සාපේක්ෂව Cassia cinnamon වර්ගයේ යම් පුමානයක් COUMARIN  රසායනිකය අඩංගු අතර එම වර්ගය අධික ප්‍රමානයක් ගැනිම හානිකර විය හැක. මේ නිසා මෙම ගුණ සදහා CEYlon Cinnamen (සත්‍ය කුරුදු) භාවිතය යොග්‍ය උවද අවාසනාවකට වෙළදපෝලේ  බහුලව ඇත්තේ ම්ල අඩු Cassia වර්ගයේ කුරුදු වේ.

උපුට ගැනිම :- outarity nutrition .com, medical newstoday.com,wwwmnn.com

එස්.ඒ.පි ශිරෝමි,
විද්‍යා හා තාක්ෂණ නිලධාරි,
කරන්දේණිය.

0 comments:

Post a Comment