January 6, 2015

ආහාර නිසා ඇතිවන මාරක රෝග

ආහාර නිසා ඇතිවන රෝග විවිධාකාරය. කෙතරම් උසස් තත්ත්වයේ ආහාරයක් ගනිතත් ඒ තුල බැක්ටීරියා, වෛරස වර්ග හෝ පරපෝෂිතයන් අඩංගුව තිබෙන්නට පුලුවන. මේ නිසා ආහාර දූෂ්‍ය තත්ත්වයට පත්වේ. ඇතැම් ආහාර තුල රසායනික ද්‍රව්‍යය හෝ ස්වභාවයෙන්ම ඇති වන විෂ වර්ග අන්තර්ගතව තිබෙන්නට පුලුවන.
            ආහාර විෂවීම ඇති කරන බැක්ටීරියා වර්ග කිහිපයක්ම ඇත. ලිස්ටේරියා මොනොසයි ටොජිනේස් (Listeria Monocytogenes) නම් බැක්ටීරියා විශේෂය නිසා ලිස්ටේරියෝසිස්(Listeriosis) නමින් හැදින්වෙන රෝගය ඇති වේ. යට කී බැක්ටීරියා විශේෂය නිසා දූෂ්‍ය තත්ත්වයට පත් ආහාර ගර්භණී මව්වරුන්ට අහිතකරය. බැක්ටීරියා නිසා එවැනි මව්වරුන්ගේ කුස තුල සිටින දරුවන් ජීවිතක්ෂයට පත් වන්නට වුව පුලුවන. බැක්ටීරියාවේ ක්‍රියාකාරිත්වය හේතුවෙන් කුස තුල සිටින දරුවන් නොයෙකුත් රෝග වලින් දුර්වල තත්ත්වයට පත්වන්නටත් ඉඩ තිබේ.
            ආහාර විෂවීමේ තත්ත්ව ඇති කරන අනෙකුත් බැකිටීරියා විශේෂ වන්නේ ඊ කොලයි  ය. ඊ කොලයි යන කෙටි නමින් හැදින්වෙන්නේ Eacherichia coli යන බැක්ටීරියා විශේෂයි. මෙම බැකිටීරියා විශේෂ මිනිසාගේ අන්ත්‍ර තුල දකින්නට පුළුවන. එසේ වුවත් E.ColiO:H7 විශේෂය භයානක විපත් පමුණුවන්නට සමත්ය. මිනිසාට හානිකර විපත් ගෙන එන අනෙක් බැකිටීරියා විශේෂය වන්නේ සැල්මොනෙල්ලා බොන්ගෝරි(Salmonella bongori) සහ සැල්මොනෙල්ලා  එන්ටෙරිකාය(Salmonella enterica). සැල්මොනෙල්ලා බැක්ටීරියා නිසා ඇතිවන රෝගී තත්ත්වයන් මිනිසාට මරණය පමුණවන්නට සමහර අවස්ථා වලදී හේතු වේ. ආහාර දූෂ්‍ය තත්ත්වයට පත්ව මිනිසුන් විපතට පත්වීම සංවර්ධනය වන රටවල සාපේක්ෂව වැඩිය.

            ආහාර විෂවීම කෙරෙහි බලපාන වෛරස අතර සදහන් නොකරම බැරි වෛරස කිහිපයක් තිබේ. නෝරෝ වෛරසය(Noro virus) එහි ප්‍රධානය. මෙම වෛරසය ශරීරගතවූ විට ඇති වන රෝගී තත්ත්ව මැඩලීම ඉතා අපහසුය. සංඛ්‍යාලේඛන වල සදහන් වන පරිදි ලොව පුරා මිලියන 267 ට අධික පිරිසක් සෑම වසරකම නෝරෝ වෛරසය ශරීරගත වීමෙන් ලෙඩ වෙති. මෙයින් දෙලක්ෂයකට අධික පිරිසක් සෑම වසරකම ජීවිතක්ෂයට පත් වන බව වාර්තා වේ. මේ හරුණු විට එනටෙරෝ වෛරසය(Entero virus), හෙපටයිටීස් A වෛරසය(Hepatitis A) , හෙපටයිටීස්  වෛරසය(Hepatitis E), රොටෝ වෛරසය වැනි වෛරස් ආහාර සමග මිනිස් සිරුරට ඇතුලු වේ. එමගින් මිනිසාට ඇති වන රෝග ඉතා බරපතලය. මේ වෛරස මගින් මිනිසාගේ දිගු ජීවනගමන කෙටි කරන්නට ඉවහල් වන අවස්ථාවන් තිබෙන බව අප අමතක කල යුතු නැත.

0 comments:

Post a Comment