January 30, 2015

අරුම පුදුම වායු කුඩයක් - Air Umbrella

කුඩය වැහි කාලෙට අපිට නැතුවම බැරි දෙයක් වුනත්, වර්ෂාවෙන් පසු තෙත කුඩයක් රැගෙන යාම ඉතා කරදර වැඩක්.   ඒ වගේම තදින් සුළං හමන වෙලාවට  කුඩය ඉහලගෙන යාමට විශාල වෙහෙසක් දරන්නත් සිදුවෙනවා.  සාමාන්‍යෙයන් කුඩයකට අත්‍යාවශ්‍යම කොටසක් ලෙස  කුඩ රෙද්ද තිබිය යුතු ලෙසයි අප සිතන්නේ. චීන සරසවි සිසුන් පිරිසක් අපූරු කුඩයක් නිර්මාණය කරන්න සමත් වෙලා තියෙනවා.
මේ ඡායාරූයේ පෙන්වන්නේ ඒ අලුත් කුඩය තමයි. බැලූ බැල්මට නම් මේ අපිට හුරු පුරුදු කුඩයක් නෙමෙයි. මේ කුඩේ බොහොම වෙනස් කුඩයක්. සාමාන්‍යයෙන් කුඩයේ අත්‍යාවශ්‍යම කොටසක් වන කුඩ රෙද්ද මේ කුඩයට නැහැ. මේ කුඩය ඔබව වැස්සෙන් ආරක්‍ෂා කර ගන්නේ බොහොම අපූරු තාක්ෂණයකින්.
  
කුඩයේ ඉහලින්  ෆෑන් එකක්/විදුලි පංකාවක් සහිත ගෙඩියක් වැනි කොටසක්  තිබෙන අතර  විදුලි පංකාවෙහි ඇති කවුළු වගේ පෙනෙන ස්ථානවලින් ඉතා වේගවත්  වායු ධාරාවක් පිටතට නිකුත් කරනු ලබනවා. මේ වායු මගින් වැටෙන වැසි බින්දු ඉවතට තල්ලුකිරිම සිදු කරනු ලබන බැවින්   කුඩය යට ඉන්න  පුද්ගලයා වැස්සට තෙමෙන්නේ නැහැ.  පහත  ඡායාරූපයේ පෙන්වන්නේ වැසි බින්දු ඉවතට තල්ලු කරන ආකාරය.
මේ සදහා   බලය සපයන්නේ කුඩ මිටේ තියෙන බැටරි වලින්. බැටරි වල ආයු කාලය විනාඩි 15ත් 30ත් අතර වෙනවා. ඉදිරියේදී බැටරි ආයු කාලය තව වැඩි කරන්න මෙහි නිර්මාපකයින් සැලසුම් සකස් කර ඇති බව සඳහන් වෙනවා. තවමත් මෙම කුඩය වෙළඳපොලේ මිලදී ගත නොහැකි වුනත් අපට ඇනවුම් කරන්න පුළුවන්. 2015 දෙසැම්බර් මාසයේ සිට මෙම ඇනවුම් වලට කුඩ ලබා දීමට මෙහි නිෂ්පාදකයින් සුදානම්.

 

0 comments:

Post a Comment