January 2, 2015

මිහිරි රසැති මැංගුස් පියවුරු පිලිකා සෛල නැසුමට

නැගෙනහිර ඉන්දියානු දූපත්වල මලයාසියාව මව්බිම කර ගනිමින් වැඩුණු මෙම පලතුර අප රටට 1900 දී පමණ ගෙන එන්න ඇතැයි තොරතුරු වාර්තාවල සඳහන්ව ඇත. මුහුදු මට්ටමේ සිට මීටර් 500 ක් දක්වා වූ ප‍්‍රදේශවල සාරවත්ව වැඩෙයි. දොඩම් සඳහා බිබිලේ ප‍්‍රසිද්ධ මෙන් මැංගුස් කී පමණින් කළුතර දිස්ති‍්‍රක්කය ප‍්‍රසිද්ධත්වයට පත්ව ඇති අතර පාසල්වල කි‍්‍රකට් තරග පවා මැංගුස්ටින් සටන ලෙසින් නම් කර ඇත.මේ අයුරින් මලයාවජාවාසුමාත‍්‍රාඉන්දියාව යනාදී රටවල ඉතා විශාල වශයෙන් ව්‍යාප්ත වී ඇත. තවද මිශ‍්‍ර වගාවක් වශයෙන් වගාකිරිමට විශේෂ හැකියාවක් මෙම ශාකයට ඇත.

ගාසිනියා මැංගුස්ටනා (GarciniaMangostana) යන උද්භිද විද්‍යාත්මක නමින් හදුන්වන   පලතුරක් වන මැංගුස් පියවුරු පිලිකාවට විරුද්ධව ක්‍රියා කරන බව නවතම අධ්‍යන වලින් සොයා ගෙන ඇත.  University of Chinese Academy of Sciences' (UCAS) College of Life Sciences මගින් කර ඇති අධ්‍යනයන්ට අනුව  පියවුරු පිලිකා සෛල නැසිමට හෝ මැරිමට හැකි සංයෝගයක් මැංගුස් ඵලාපරණෙය් ඇති බව සොයා ගෙනඇත.mangosteenxanthone පිලිකා සෛල මත ක්‍රියාකරයි.ඇමයිනෝ අම්ල නිෂ්පාදනයේදි  විවිධ සංයෝග වල දිර්ඝ දාම ඇමයිනෝ අම්ල නිෂ්පාදනයේදි alpha-mangostin උත්පේරකයක් ලෙස ක්‍රියා කරන බව අධ්‍යනයේදි සොයාගෙන ඇතඇමයිනෝ අම්ල නිෂ්පාදන ක්‍රියාවලිය වැලක්විම මගින් සෛල අතර ඇමයිනෝ අම්ල එකතු විම අඩු කරනු ලබයි.මෙයට අමතරව පිලිකා සෛල වලට විරුද්ධව ක්‍රියා කරන වෙනත් ප්‍රෝටින නිෂ්පාදනය මගින් පිලිකා සෛල වලට විරුද්ධව ක්‍රියා කරයි
මෙම සොයා ගැනිම් වලට අනුවUCAS විද්‍යඥයන් පවසන පරිදි පියවුරු පිලිකා සුව කිරිම සදහා mangosteenxanthones ජිවි ප්‍රතිතාරකයක් බවට පත් විය හැක.මැංගුස් සාරය පියවුරු පිලිකා වර්ධනය වලක්වන ආහාරයක් ලෙස භාවිතා කල හැක.

තවද දේශිය වෛද්‍ය විද්‍යාවට අනුව විටමින්  බහුල මැංගුස් මගින්
දිලිර නාශක ගුණය‍
සිරුරේ දැවිල්ල නැති කිරිම
කුරැලැ නැති කිරිම
මුඛ රෝග අවම කිරිම
තුවාල සුව කිරිම/ප්‍රතිශක්කිය දියුණු කිරිම
වයස් ගත විම අඩුකිරිම/බලය වැඩි කිරිම / අක පය වේදනා අඩු කිරිම
හෟද රෝග හා මුත්‍රා රෝග අවම කිරිම ආදි බෝහෝ ගුණ ලබා දේ.

උපුටා ගැනීම - www.cancertuter.com
                     www.livestrony.com
                     www.mangosteen.org

එස්.ඒ.පි. ශිරෝමි,
විද්‍යා හා තාක්ෂණ නිලධාරි
කරන්දෙණිය

1 comments:

අදයි මේක මෙච්චර වැදගත් කියලා දැනගත්තේ......... කොහොම වුණත් හරිම රස පස්ට ම පස්ට කෑමක්්................ ජයවේවා....

Post a Comment