January 21, 2015

අවකාශයේ CO2 ප්‍රමාණය මැනීම

ස්වභාවිකව හා මිනිසාගේ ක්‍රියාකාරකම් නිසා ඇති වන ගෝලීය කාබන් ව්‍යාප්තිය නිරීක්ෂණය කිරීම සඳහා නාසා ආයතනය මඟින් පසුගිය ජූලි මාසයේදී දියත් කළ NASA’s Orbiting Carbon Observatory-2 (OCO-2) නම් පෘථිවිය වටා භ්‍රමණය වන චන්ද්‍රිකාවේ පළමු ප්‍රථිඵලය ඡායාරූපයෙන් දැක්වේ.
මෙහි ප්‍රථම OCO චන්ද්‍රිකාව හෙවත් කාබන් ව්‍යාප්ති නිරීක්ෂණ චන්ද්‍රිකාව 2009 වර්ෂයේදී  දියත් කිරීමේදී අසාර්ථක විය. එම නිසා OCO-2  නමින් වැඩිදියුණු කළ චන්ද්‍රිකාවක් නැවත දියත් කෙරිණි. මෙය අභ්‍යවකාශයේ වසර 2 ක මෙහෙයුමක් කිරීමට නියමිත අතර දැනට ගතවී ඇත්තේ එයින් මාස 2ක් පමණි.  එසේ වුවත් පසුගිය සතියේ ඇමෙරිකාවේ සෙන් ෆ්‍රැන්සිස්කෝ හි පැවති  American Geophysical Union හි රැස්වීමේදී මෙම චන්ද්‍රිකාවෙන් ලබා දුන් දත්ත හා ඉදිරි නිරීක්ෂණ විද්‍යාඥයින් පවා විස්මයට පත් කර ඇත.
වඩා නිරවද්‍යතාවයෙන් යුතු තොරතුරු ලබා ගැනීම සඳහා මෙම චන්ද්‍රිකාව මඟින් පෘථිවියේ සෑම ඉතා කුඩා බිම් අඟලක් ගැන පවා සිය දහස් ගණන් මිනුම් සෑම දිනකම ලබා දෙයි. මෙම චන්ද්‍රිකාව මඟින් පෘථිවි වායුගෝලයේ විස්තර සහිත පින්තූර ලබා දෙමින් එහි කාබන් ප්‍රතිශතය මිලියනයෙන් පංගු එකක හෝ දෙකක නිරවද්‍යතාවයෙන් යුතුව ලබා දීමට නියමිත වේ. ඒ අතරතුර ග්‍රහලෝකයේ සෞඛ්‍යය පිළිබඳවද අවධානය යොමු වේ. මෙම ව්‍යාපෘතියෙන් එක් රැස් කර ගන්නා දත්ත,  CO2 පිටකරන ප්‍රභව හඳුනා ගැනීමට හා ඒවා  ස්වභාවික ක්‍රියාකාරකම් මඟින්ද එසේත් තැත්නම් කර්මාන්ත හෝ ජෛව පදාර්ථ පිලිස්සීමෙන්ද යන බව සොයා ගැනීමට ඉවහල් වේ.
පළමු මාස කිහිපය ප්‍රධාන වශයෙන් චන්ද්‍රිකාවේ ස්ථාපිත උපකරණ පරීක්ෂා කිරිමට නියමිත වේ.  භූමිය පදනම් කර ගත් උසස් තත්වයේ CO2 සංවේදක මඟින් මෙම චන්ද්‍රිකාව විවිධ ස්ථානවල විස්තර සහිත මිනුම් ගැනීමට නියමිතය. එසේම මෙහෙයුම් කණ්ඩායම විසින් මෙමඟින් ලැබෙන දත්ත වල ගුණාත්මකභාවය වැඩිකිරීම සඳහා මෙහි උපකරණ වලට අදාලව දත්ත පද්ධති නැවත නැවත වැඩිදියුණු කරමින් සිටී. මිට අමතර ව මෙහි තවත් සංවේදකයක් මඟින් හිරු එළියට ප්‍රේරිත හරිතප්‍රදවල  ප්‍රතිදීප්තිය මනී. මෙම උපකරණයට, ප්‍රභාසංස්ලේෂණය මඟින් ශාක ලබා ගන්නා CO2 ප්‍රතිශත පිළිබඳවද මෙම මැනීම් කළ හැක. මෙම ක්‍රියාවලියේදී හාක මඟින් ඔක්සිජන් පිට කරන අතර එහි ඉතා දීප්තිමත් ප්‍රතිදීප්තිය හේතුවෙන් අභ්‍යාවකාශයේ සිටම OCO-2  චන්ද්‍රිකාවට ඒවා නිරීක්ෂණය කිරීමට හැකි වී ඇත. ස්වභාවික හා වගා කළ ශාක මඟින් කාබන් චක්‍රයට කරන කාර්යය භාර්ය තේරුම් ගැනීම මඟින් වායුගෝලයේ සිදුවන්නේ කුමක්ද යන වග පිළිබඳව විද්‍යාඥයින්ට හොඳ අදහසක් ලබා ගත හැක.
පහත ඡායාරූපය මඟින් මෙම වසරේ අගෝස්තු සිට ඔක්තෝම්බර් දක්වා ලබාගත් ප්‍රතිදීප්ත දත්ත පෙන්නුම් කරන අතර වගා කරන කාලය හා වගා නොකරන කාලය අතර සංක්‍රමණය පැහැදිලි වේ. මෙහි ඇති  වඩා වැඩි ප්‍රතිදීප්තියෙන් වැඩි කාබන් උරා ගැනීම හා  වායු ගෝලයට අඩු කාබන් ප්‍රමාණයක් පිට කිරීම පෙන්නුම් කරයි. මෙය උතුරු අර්ධ ගෝලයේ දත්ත සටහනකි. ඒ වගේම ලෝකයේ  වැසි වනාන්තර වල මෙම නියත රටාව පිළිබඳවද මෙමඟින් හොඳට ප්‍රකට වේ.
OCO-2  කණ්ඩායම ඉදිරි මාස වලදී සම්පූර්ණයෙන්ම මෙම චන්ද්‍රිකාව මෙහෙයුමට යොදා ගැනීමට නියමිත අතර කලින්ම දත්ත පිට කිරීම මඟින් කාලයෙන් කාලයට මෙහි ආවරණ කලාපය, රූප රාමුවල පැහැදිලි භාවය , දත්ත වල නිවැරදි භාවය වැඩි දියුණු කිරීමට නියමිතයි. මෙමඟින් COප්‍රතිශත මැනීම මඟින් ගෝලීය උෂ්ණත්වයට හේතු වූ කාරණා පිළිබඳව නිරවද්‍ය මිනුම්ද ලබා ගත හැක.

අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදි.

සැකසුම- විද්‍යා හා තාක්ෂණ නිලධාරී -කුරුණෑගල.

0 comments:

Post a Comment