.jpg)
.jpg)
කෙසේ වෙතත් කෘත්‍රීම ආහාර
වර්ණක සහිත ආහාර වර්ග නිතර නිතර තම දරුවන්ට දීමෙන් බරපතල සෞඛ්‍ය ගැටළු ඇති වන්නට
පිළිවන් බව අවධාරණය කරන වෛද්‍යවරුන්ගේ සහ විද්‍යාඥයින්ගේ හඩවල් යටපත් කරගෙන ඇති
දැවැන්ත වෙළද ප්‍රචාරණයේ ආනුභාවය නිසාවෙන් පාට පාට කඩචෝරු ලෝකයක අපේ පුංචි දරුවන්
අතරමං වී ඇත. කොහොම වුනත් දැන් කාලයේ කුඩා ළමුන් සුළභව දකින්ට ලැබෙන “කඩි
කුලප්පුව, විසේ වැඩි වීම” ලෙසින් සාමාන්‍ය ව්‍යවහාරයේ පැවසෙන අසාමාන්‍ය හැසිරීම්
රටාවන් සහ අවධානය අඩු ළමුන් පිළිබද වාර්තා වීම වැඩි බව වෛද්‍යවරුන් පවසයි.
කෘත්‍රීමව
වර්ණ ගැන්වූ ආහාර අනුභවයෙන් ළමයින්ගේ මොළයට සිදු වන හානි පිළිබද පර්යේෂණ රාශියක්
සිදු කර ඇත. වර්ෂ 2007 දී සදම්ටන් සරසවියේ මහාචාර්ය ජිම් ස්ටීවන්සන් මහතා (Professor Jim Stevenson from Southamphon University, UK) විසින් කර
ඇති පර්යේෂණයට අනුව, ළමුන් තුළ ළමුන් සමාජ ගත වීමේදී ඇති වන දුර්වලතා (social impairment in kids) හැසිරීමේ අසාමාන්‍යතා (Behavioral
disorders) මතක ශක්තිය සහ බුද්ධිය අඩු වීම, (Lower
IQs) ළමුන්ට වැළදෙන අවධාන ඌනතා අධි ක්‍රියාකාරී
ආබාධය,(Attention
deficit Hyperactivity disorder /ADHD) වැනි අබාධ තත්වයන් ඇති
විය හැකි බව සනාත වී ඇත.
එවැනි
ආබාධ සහිත දෙමවුපියන් තම දරුවන්ට ලබා දෙන කෘත්‍රීම වර්ණක සහිත ආහාර කපා හැරීමෙන්
වෛද්‍ය ප්‍රතිකාර වලින් තොරවම මෙම ආබාධ තත්වයන් අවම කර ගන්නට හැකි වූ බවද වාර්තා
වී ඇත.
සීනි සහ කෘත්‍රීම පැණිරසකාරක
.jpg)
මේ අතර මහ බ්‍රිතාන්‍යයේ
සූරි විශ්ව විද්‍යාලයේ (Dr. Neil Ward, a senior lecturer in analytical
chemistry at the University of Surrey) සිදු කෙරුණු අධ්‍යයන කිහිපයකින්ම සනාථ වී ඇත්තේ
කෘත්‍රීම වර්ණක, ග්ලූටමේට් කාණ්ඩයේ ආහාර රසකාරක (අජිනෝමොටෝ වැනි), ඇතැම් කෘත්‍රීම
ආහාර කල් තබා ගැනිමේ රසායනික ද්‍රව්‍යයන් නිසාවෙන් මොළයට සිදු කෙරෙන බලපෑමට අමතරව
හතිය, ඇදුම, චර්ම රෝග වැනි අසාත්මිකතා රෝග දියවැඩියාව, හෘද රෝග වැනි ඇතැම් පිළිකා
වර්ග වලට පවා හේතු විය හැකි බවය. තම දරුවන් තුළ ඉගෙනීමේ අපහසුතා, මතකයේ සහ අවධානයේ
යොමු කිරීමේ අඩු ලුහුඩු කම් සහ නොසන්සුන්කාරී ගති ලක්ෂන වර්ධනය වනවා නම් අධික සීනි
සහ කෘත්‍රීම වර්ණක සහිත රසායනික ද්‍රව්‍ය වලින් පොහොසත් කෑම බීම වර්ග ලබා දීම අවම
කිරීමටත්, ඒ වෙනුවට ස්වභාවික පළතුරු සහ එළවළු සහිත ආහාර වැඩි වැඩියෙන් ලබා දීම
කෙරෙහිත් වැඩිහිටියන්ගේඅවධාණය යොමු කිරීම
මැනවැයි පර්යේෂකයින් අවධාරණය කරයි.
දැන් කාලයේ
ළමයින් හරිම වසයි, හිතුවක්කාරයි, කොච්චර පංති යැව්වත් මතකයේ රැදෙන්නේ නෑ. අනේ
කාලේ වනේ වාසේ කිය කියා ඉන්නේ නැතිව ආදරයට තම දරුවන්ට කඩචොරු කවන එක නතර කළොත්
නරකද?
මූලාශ්‍ර -
http://www.dailymail.co.uk/health/article-89404/just-dangerous-Enumbers.html#xzz3KnbJfBQ5
අනුෂා එන් ගමගේ
විද්‍යා හා තාක්ෂණ නිලධාරී - බදුල්ල
0 comments:
Post a Comment