January 1, 2015

පාණීය ජලය සඳහා සූර්ය බලයෙන් ක්‍රියාකරන ලවණ ඉවත්කරණයක්


ලෝකයේ පිරිසිදු පානීය ජලය හිඟ ප්‍රදේශයන්ට ජලයේ ලවණ ඉවත් කර භාවිතය ඉතා ප්‍රයෝජනවත් වන නමුදු මෙම දැනට භාවිතාවන තාක්‍ෂණයන්ට අනුව මෙම ක්‍රියාවලිය බොහෝ විට මිල අධික හා බලශක්තිය වැයවන්නකි. නමුත් ඩිසොලෙනේටර් උපකරණය පිටුපස සිටින කණ්ඩායම ඉහත පිරිස් සඳහා ආරක්ෂිතව ජලය සැපයීම පිළිබඳ බලාපොරොත්තුවක් ඇතිකර ඇත. මෙය ජංගමව භාවිතා කල හැකි අතර සූර්‍යය ශක්තියෙන් ක්‍රියාත්මක වේ.
ලෝකයේ ජනගහනය සැලකිය යුතු ලෙස වර්ධනය හා ගෝලීය උෂ්ණත්වය ඉහල යෑම නිසා පිරිසිදු ජලය සපයා ගැනීම අවිනිශ්චිත වී ඇත. එබැවින් ලවණ ඉවත් කිරීමේ තාක්ෂණය  දියුණු කිරීම මෙන්ම එය ලාබදායී හා පරිහරණයට පහසු ලෙස සැකසීම පිළිබඳ සැලකිය යුතු උත්සාහක් ගත යුතුවේ. 


2010 වර්ෂයේදී IBM සමාගම විසින් සෞදි කාන්තාරයට මිරිදිය ගෙනඒම සඳහා සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන ලවන ඉවත් කිරීමේ පද්ධතියක් ආරම්භ කල අතර, පසුව එම වර්ෂයේදීම ප්‍රකාශ විද්‍යුත් කෝෂ මගින් ක්‍රියාත්මක වන සූර්‍යබල අතේ ගෙනයාහැකි ආකෘතියක් පිළිබඳ අනාවරණය විය. 2014 දෙසැම්බර් 17 වන විට මුහුදු රළ යොදාගෙන ලවණ ඉවත්කිරීමේ උපකරණයක් “ඔඩිසි“ (Odyssée ) නමින් ඉදිරිපත් කරන ලදී.


මේ වනවිට මෙම සූර්‍ය බල ලවණ ඉවත්කිරීමේ උපකරණය මෙම පරිමාණයේ ඇති අන් සියළු උපකරණ වලට වඩා අඩු වියදමක් ජලය ලීටරයක් පිරිසිදු කිරීමට වැයවන බව මෙහි නිර්මාපකයන් පොරොන්දු වේ. මෙය ඉහළින් ඇති පැතලි තිර රූපවාහිනියක තරමේ ජංගම ඒකකයකින් හා ඇලයට තබන ලද ප්‍රකාශ විද්‍යුත් පැනල පෙලකින් සමන්විත වන අතර එය තැනින් තැනට රැගෙන යෑමට පහසුවීම පිණිස රෝද සවිකර ඇත. මෙය පසුගිය වසර 20 ක කාලයක සිට නිර්මාණය කරන බව ඩිසොලනේටර් හි කණ්ඩායම පවසයි. 


මෙම උපකරණය සාම්ප්‍රදායික ලවණ ඉවත්කිරීමේ උපකරණ වලට වඩා ප්‍රති ආශ්‍රැතිය වැලැක්වීම පිණිස කටයුතු යොදා අති අතර මෙහි තාක්ෂණයේදී විශේෂිත පටලයක් මගින් අනවශ්‍ය අංශු පෙරා ඉවත් කිරීමක් සිදුකර ඇත. මෙහි ඉතා වැදගත් වනුයේ චලනය වන කොටස් නොමැති බැවින්, එය සම්පූරණයෙන් ම බලශක්ති ස්වාධීන වීමයි. 

පසුගිය සතියේ බීබීසී ගුවන් විදුලි වෙත අදහස් දක්වමින්, ඩිසොලනේටර් නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී විලියම් ජැන්සෙන් මෙම පද්ධතිය ක්‍රියා කරන ආකාරය විස්තර කලේය. ප්‍රකාශ විද්‍යුත් පැනලය මගින් සූර්‍යාලෝකය විදුලිය බවට පරිවර්ථනය කරන අතර, ඔවුන්ගේ ආකෘතියේ අමතරව සැපයෙන තාපය පිළිබඳ තරමක් අවධානය යොමුකර ඇත. “ අප සිදුකල දෙය නම් අප සැබවින්ම සූර්‍යය පැනලය පරිවරනය කරීමයි. එහි ඔපදමන ලද ස්ථර දෙකක් ඉහළින් තබා සියල්ල වටා ෆෝම් මගින් අවරණය කර  එමගින් සූර්‍යය පැනලය ඉතා උණුසුම්ව පවත්වා ගත්තා.“ ජැන්සෙන් පැවසීය.

පැනලයේ උෂ්ණත්වය ඉහළ දැමූ පසු, ජලය තුනී ස්ථරයක් ඒ මතින් ගමන් කිරීමට සැලැස්වීය. මෙම උණුසුම් ජලය විභේදන කුටීරය වෙත යොමු කරවන අතර එහිදී පද්ධතිය මගින් ජනනය කරනු ලබන විදුලිය යොදාගෙන ක්‍රියාකාරන සර්පිලාකාර තාපකයක් මගින් ජලයේ තාපාංකය දක්වා ඉහළ නංවනු ලැබේ. මෙහිදී නිපදවෙන ජල වාශ්ප වලින් පිරිසිදු ජලය එකතු කරගනු ලැබේ. ජැන්සෙන් පවසන ආකාරයට දැනට පවතින ආකෘතිය මගින් දිනකට පිරිසිදු ජල ලීටර 15 (ගැලුම් 3.96) ක් පමණ ලබා ගැනීමේ හැකියාවක් පවතී. 



මූලාශ්‍රය - Desolenator

0 comments:

Post a Comment