January 10, 2015

වෙනිවැල්

උද්භිද විද්‍යාත්මක නාමය : Coscinium fenestratum (Gaetrn) colber.

කුලය : MENISPERMACEAE
සිංහල නාමය - වෙනිවැල් ,බාන්වැල්
දෙමල නාමය - මරමංජල්, මංජල් කොඩි
වෙනිවැල් යනුවෙන් ජනයා අතර ප්‍රසිද්ධ මෙය බාන්වැල් ලෙසද හැදින්වේ. ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ හදුනා ගත හැක.

රූපාකාරය

සිනිඳු පොත්තක් සහිතව විශාල ව වැඩෙන කාෂ්ටමය වැලකි. ළපටි කඳ කොටස් සිහින් කහ පැහැ බූවකින් වැසී පවති
සෙ. මි 10-20 පමණ විශාල පත්‍ර පළල් හා රවුම්ය . අග්‍රය දෙසට තියුණු ලෙස සිහින්වේ.
පත්‍ර මතුපිට දිලිසෙන සුළු හා සිනිඳු වන අතර, පහල කොටසෙ කහ පැහැ බූවකින් ද වැසී පවතී.කැපී පෙනෙන අයුරින් පිහිටන නාරටි ද කහ පැහැ බූවකින් වැසුණු දිග පත්‍ර නටුවක්ද මෙම පත්‍ර සතු ය.
ඉතා කුඩා පූරුෂ ශ ස්ත්‍රී මල් වෙන වෙනම ශාක දෙකක හට ගනී. පත්‍ර හට ගන්නා තැන් වලින් ඇති වන කෙටි මල් පොකුරු වල මෙම මල් හට ගනී.

ඵලය දිගින් සෙ. මී 2ක් පමණ වන දුඹුරු පැහැ බූවක් සහිත රවුම් හැඩයකින් යුක්ත වූවකි


.

ඖෂධිය ගුණ ශාකයක් වන අතර   එහි phenol සහ  flavonoid  අඩංගු වන අතර ඇන්ටි ඹක්සිජන් බහුලව ඇත.
 මෙහි මුක්ත ඛන්ඩ බහුලව ඇති බව පෙන්වා දී ඇත.
මෙහි (DPPH) and 2,2'-azino-bis(3-ethylbenzothiazoline-6-sulphonic acid) සංයෝගය බහුලව ඇති බව ශාක පත්‍ර සහ කදේ යුෂ නිස්සාරනයෙන් පර්යේෂණ මගින් පෙන්වා දී ඇත
.මෙම සංයෝගය ප්‍රතික්ෂුද්‍රජීවී ගුණයක් දරයි. Staphylococcus aureus, Escherichia coli, Pseudomonas aeruginosa  සහ  Bacillus subtilis වැනි ක්ෂුද්‍රජීවීන්ට  එරෙහිව ක්‍රියා කිරීමේ හැකියාව ඇත.
ප්‍රතිජීවක වලට  සමාන ගුණයක් ඇති බව පෙන්වා දී ඇත.

  කොත්තමල්ලි , වෙනිවැල්ගැට තැම්බු  වතුර බීම මගින් උණ මගහරවා ගත හැක.

 වෙනිවැල් ඇල් වතුරෙන් අඹරා හිසෙ ගැල්විම හිසරදය මගහරවා ගත හැක.

තුවාල සහ කුඩා බිබිලි පිරිසිදු කිරිම ද වෙනිවැල් යොදා ගනී.
සර්පයන් දෂ්ඨ කල විට ද බෙහෙතක් ලෙස වෙනිවැල් යොදා ගනී.

දියවැඩියාව මර්ධනය කිරීමේ ලා හැකියාක් ඇත.
ඉදිමුමට ද බෙහෙතක් ලෙස වෙනිවැල් යොදා ගනී.
මෙහි යුෂ ඖෂධිය නිෂ්පාදන වලට යොදා ගනී.
උදා  සබන් ,ෂැම්පූ
උපුටා ගැනීම

EVALUATION OF ANTIMICROBIAL AND ANTIOXIDANT ACTIVITY OF STEM AND LEAF
EXTRACTS OF COSCINIUM FENESTRATUM
SANTHOSH W.GOVEAS* AND ASHA ABRAHAM

Department of Biotechnology, St.Aloysius College (Autonomous), Mangalore-575 003,Karnataka, India .

1 comments:

Post a Comment