January 19, 2015

ඇන්තොසයනින් වර්ණකයේ වැදගත්කම -



    ඇන්තොසනින් ස්වභාවික වර්ණකයක් වන අතර පළතුරු එළවළු, ධාන්‍ය හා මල්වල  රතු දම් නිල් වර්ණ ඇති කිරීමට හේතු වන්නේ මෙම වර්ණකයයි.  ශාක වල අඩංගු රසායන ද්‍රව්‍යක් වීම නිසා හා පරාගනයේ දී ආකර්ශනයට  බලපාන  නිසා  දිගු කලක් තිස්සේ උද්භිද විද්‍යායින් හා ශාක කායික විද්‍යාඥයින්ගේ පර්යේෂණයන්ට මෙම වර්ණකය  විෂයය වී තිබේ.  එසේම ජීව විද්‍යාවේ වර්ගීකරණ අධ්‍යනයන් සදහා ද බොහෝ වැදගත් වේ.  ස්ට්‍රෝබෙරි , සාන්ද්‍ර පළතුරු යුෂ , වයින් අදියේ වර්ණක බිද වැටීම මෙම අධ්‍යනයන් ට මූලික හේතුව වී ඇත.

ඇන්තොසයනින් වල ස්වභාවිකව වෙන් වෙන්ව පවත්නා ව්‍යූහ 300කට වැඩි ප්‍රමාණයක් හදුනාගෙන ඇත.

ඇන්තොසයනින් ශරීරයට ඉතා හිතකර  වන අතර රෝග ගණනාවක් වැලකීමේ හැකියාවද පවතී. මිදි, නිවිති,  රතු අල, පත්තක්කා, හාතවාරිය,වම්බටු, දං, රට මෑ, දෙළුම්  ඇන්තොසයනීන් වර්ණක බහුල ආහාර වේ.
 දෘෂ්ඨි ක්‍රියාකාරිත්වයට
රාත්‍රී කාලයේ ඇසේ පෙනීම වර්ධනය කිරීම සදහා ඇන්තොසයනීන් වර්ණක අඩංගු ආහාර   උපකාරී වේ. ඇන්තොසයනීන් වර්ණකය ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයක් වන අතර ඇසේ පෙනීම වර්ධනය කර රාත්‍රී කාලයේ හොද පෙනීමක් ලබා දීමට හේතු වේ.

සංසරණ පද්දතියේ අක්‍රමිකතා
සංසරණ පද්දතියේ අක්‍රමිකතා,  ඉදිමුම සහිත දැවිල්ල වැනි ආසාත්මිකතා වැලැක්වීමට හැකියාව තිබේ.

ප්‍රතිඔක්සිකාරක  ගුණ
  ශරීරයේ  පරිවෘතීය ක්‍රියාවලිය නිසා ස්වභාවිකවම ශරීරයේ නිපදවන මුක්ත ඛණ්ඩක  අධික වීම නිසා එහි අහිතකර බලපෑම වැඩි වී දේහයේ ආරක්ෂාව බිද හෙලයි. එසේම බැර ලෝහ  මගින් හා තවත් විවිධ හේතු මගින් ශරීරයේ මුක්ත ඛණ්ඩක නිපදවෙයි. මෙම මුක්ත ඛණ්ඩක මගින් ඇති   කරන  ආතතිය නිසා වයස්ගත වීම, රුධිර නාලිකා  සිහින් වීම, පිළිකා ඇති වීම, පෙනහළු අවහිර වීමේ රෝග, දියවැඩියා රෝග, හෘද රෝග, ඉන්සියුලින් නිපදවීමට බාධා කිරීම, ස්නායු ආශ්‍රිත රෝග (පාකින්සන්, ඇල්සයිමර්) ඇති කරයි. ප්‍රතිඔක්සිකාරක මගින් මෙම මුක්ත ඛණ්ඩක වල ක්‍රියාවලිය වලකන නිසා ප්‍රතිඔක්සිකාරක වැඩිපුර ගැනීම මගින් දේහයේ මුක්ත ඛණ්ඩක උදාසීන  කර එමගින් වන බලපෑම අවම කර දේහය නිරෝගී කරයි. ඇන්තොසයනින් අඩංගු ආහාර වල ප්‍රතිඔක්සිකාරක ගුණ ඉතා ඉහල මට්ටමකින් පවතී.

හෘද රෝග
ඇන්තොසයනින් මගින් හෘද සෞඛ්‍ය යහපත්ව පවත්වා ගැනීමට උදවු දේ. එසේම දේහයේ කොලෙස්ටරෝල් මට්ටම නිසි ආකාරයෙන් පවත්වා ගැනීමට වැදගත් වේ. ඇන්තොසයනින් ආහාර මගින් අධි රුධිර පීඩනයෙන් වැලකීමට අවස්ථාව ලබා දේ. ( අධි රුධිර පීඩනය හෘද රෝග ඇති කිරීමේ මූලිකම පියවර වේ.)
තරබාරුව අඩු කිරීම

ස්ථුලතාවයෙන් වැලකීම සදහාද ඇන්තොසයනින් බහුල ආහාර ගැනීම වැදගත් වේ. (මීයන් යොදා කරන ලද පරීක්ෂණයකින් මේ බව අනාවරණය වී ඇත. මෙහිදී ඇන්තොසයනින් සහ අධි මේද බහුලව අඩංගු ආහාර එක් කොටසකට ද අනෙක් කොටස සදහා ඇන්තොසයනින් රහිත අධිමේද අඩංගු ආහාර ද ලබා දෙන ලදි. සති 8කට පසු පරීක්ෂණ කිරීමේදී ඇන්තොසයනින් සහිත අධි මේද ලබා ගත් සතුන්ගේ දේහ බර ඇන්තොසයනින් රහිත අධි මේද ගත් සතුන්ගේ බරට වඩා අඩු වී ඇත.)

මේ අනුව ඇන්තොසයනින් අඩංගු ආහාර ගැනීම  නිසා නිරෝගීව දිගු කලක් ජීවත් වීමට හැකි වේ.

References -

0 comments:

Post a Comment