භූ කම්පන වැනි හදිසි ආපදා වලදී භාවිතයට
ගැනීමට ඉමහත් උපකාරි වන සරල උපකරණයක් අද
නවතම සොයා ගැනීමක් ලෙස එකතු වී ඇත. 2010
හයිටියට බල පෑ දරුණු වූ භූ කම්පන තත්වය මෙහි
ආරම්භය සදහා හේතු විය. විපතට පත්වූවන්ට
ආධාර උපකාර සිදුකිරීම එදා පහසු වුනේ නැහැ. වැටුණු ගොඩනැගිලිවල සුන්බුන් වලට යටවුනු
මිනිසුන් සෙවීමටත්, මිනිසුන් බේරාගැනීමටත්, සහන සේවකයින්ට මහත් පරිශ්‍රමයක් දරන්නට
සිදුවුණා.සමහර ස්ථානවල සිරවුණු මිනිසුන් ගැන හෝඩුවාවක් දැනගන්නට පවා බැරිවුණා.
තිබුනේ කාටවත්ම යන්නට,එන්නට නොහැකි තැන්වල සිරවී සිටි මිනිසුන් විදි වේදනා පිළිබදවයි.මේ
සහන සේවකයින් කියූ අත්දැකීම්,එක් උපාධි අපේක්ෂකයෙකු වු ෆ්‍රැන්සිස්කෝ අගුලියර් (Fransisco Aguilar) ට දැනගන්නට
ලැබුණා.හදිසි අවස්ථාවලදී පැන නගින මෙවැනි ගැටළු හමුවේ මිනිස් ජීවිත බේරා ගැනීමට
හැකි සරල උපකරණයක් නිෂ්පාදනය වුණේ එම අත්දැකීම් හේතුවෙන්.
ෆ්‍රැන්සිස්කෝ අගුලියර් (Fransisco Aguilar) නැමැති උපාධි
අපේක්ෂක ශිෂ්‍යයාගේ මෙම නිර්මාණය බෝලයක් වැනි එකක්. කාටවත්ම ලගාවීමට නොහැකි තැන්වල
තොරතුරු ලබාගැනීමට කළ යුත්තේ අදාල ස්ථානයට මෙය විසි කිරීම පමණයි.මෙම උපකරණයට සවිකර
ඇති කැමරා මගින් එය පිහිටි ස්ථානයේ ඡායාරූප ලබාගැනීමට හැකියාව ලැබෙනවා. මෙම
උපකරණයට සවිකර ඇති LED බල්බ් මගින් වැඩි ආලෝකයක් නිකුත් කරන නිසා ඕනෑම අදුරු
ස්ථානයක වුවද ඡායාරූප ලබාගන්න පුළුවන්.අනෙක් අතට මීතේන්,කාබන්
මොනොක්සයිඩ් වැනි වායු අන්තර්ගතද,ඒවා කොපමණ ප්‍රමාණයක් පවතීද යන්න පිළිබදව දත්ත
ලබාදීමටත් මෙම අරුම පුදුම උපකරණයට හැකියාව පවතිනවා.එසේම ඕණෑම ස්ථානයක පවතින උෂ්ණත්වයද මෙමගින් බලාගත හැකියි.
ව්‍යසනයක්
ඇතිවූ අවස්ථාවල ,ප්‍රාණ ඇපකරුවන් රදවා තිබෙන විට තොරතුරු දැනගැනීම සදහා මෙවැනි
උපකරණයක් තිබීම ඉතා ප්‍රෙයෝජනවත් බව බළධාරීන් පවා ප්‍රකාශ කර සිටිනවා. ෆ්‍රැන්සිස්කෝ
නිපද වූ මෙම උපකරණයේ අවශ්‍යතාවය තදින්ම දැනී තිබෙන්නේ පොලිස්
නිළධාරීන්ටයි.සමහර අවස්ථාවලදී රාජකාරී කටයුතු සදහා කිසියම් ස්ථානයක ඇතුළත
තිබෙන තොරතුරු දැනගැනීමට අවශ්‍ය වුවහොත්,එම ස්ථානයට නොගොස් එහි සිදුවන්නා වූ කතාබහ,ශබ්ද,යනාදිය
දැනගන්නේ කෙසේද? යන ගැටළුවට සාර්ථක පිළිතුරක් මෙම උපකරණය මගින් ලැබෙනවා.ඒ සදහා මෙම උපකරණයට ඩිජිටල් මයික්‍රොෆෝනයක්
සවිකිරීමට ෆ්‍රැන්සිස්කෝ එකග වී තිබෙනවා.
මේ වන විට ඇමරිකා පොලිස් දෙපාර්තමේන්තු 100
කට ලබාදී ඇති මෙම උපකරණය තව
නොබෝ දිනකින් බොහොමයක් පොලිස් නිළධාරීන්, ගිනි නිවන භටයන් වැනි අය අතට පත්ව
තිබෙනු අපට දැකගත හැකිවේවි. මේ තරම් වැදගත් උපකරණයක් ඉතා ඉහළ මිළකට විකිණීමටද ෆ්‍රැන්සිස්කෝ අදහස්
කර නැති නිසා නූතන ලෝකයේ දැවැන්ත පෙරළියක් මෙම උපකරණයට
සිදුකිරීමට හැකිවේවි.
නවයුගය මාසික
සගරාව හා අන්තර්ජාලය ඇසුරෙන් (http://www.gizmag.com/)
සකස්කලේ
විද්‍යා හා
තාක්ෂණ නිලධාරි
උකුවෙල






0 comments:
Post a Comment