July 21, 2015

ඇසට ඇස ගැසීමෙන් වැළකී සිටීම.

ඇස සත්ව සිරුරේ හමුවන ඉන්ද්‍රියන් අතරින් සැඟවීමට අපහසුම ඉන්ද්‍රියයි. මෙයට හේතුව වී ඇත්තේ එහි ගෝලාකාර හැඩය නිසාය.

ඇතැම් නිශාචර හූනන්, ගස් මැඩියන් සහ ඇතැම් සර්පයින් කම ඇසේ ස්වභාවය වෙනස් කරගැනීම මඟින් සැඟවී සිටිමට උත්සහ දරයි. මොවුන්ගේ කර්ණිකාව තුනී පැල්ලමක් තරමට සිහින් තළ හැකි විමයි. 

සමහර සතුන් තම ඇස සැඟවීමට සිරුරේ වෙනත් කොටස් වල කිබෙන වර්ණය ඇසේ තාරා මණ්ඩලයට සහ සුදු ඉංගිරියාවට එක්කර ගැනීම යොදන උපක්‍රමයයි. Pcrtometopon cruentatus  මත්ස්‍යයාගේ ඇසට ඉහළින් කුඩා තිත් සමුහයක් ද ඇසට පහළින් තරමත් විශාල තිත් සමුහයක් ද පිහිටිම මඟින් ඇසේ වැඩියෙන් කැපී පෙනෙන කර්ණිකාව තිත් අතර තවත් තිතක් බවට පත් කරනවා. බොහෝ පක්ෂීන්ගේ ඇස් ආසන්නයේ පිහිටන පිහාටු මඟින් ද ක්ෂීරපායි සතුන්ගේ ඇස සමීපයේ පිහිටන අඳුරු පැහැති රෝම මඟින් ද එම සතුන්ගේ ඇස් නොපෙනී යාමට සලස්වනවා. 
ඇස් හරහා වැටී තිබෙන රේඛාව සහ වර්ණ රටා නිසා බෝහෝ සතුන්ගේ ඇස් සැඟවී ඇති අවයවයක් ලෙස පෙනී යනවා. 



මැඩියන් මෙයඋදාහරණයකි. ඇස සැඟවිමේ උපක්‍රමය ඉතා සාර්ථකව දියුණු වී ඇත්තේ සර්පයන් අතරය. තිත් පොළඟා ඇස් සැඟවීමට වර්ණ රටා උපයෝගී කරගනී.
සතුරකුගේ ඇස තම ඇස හා ගැටීම හා වැළකීමට සමහර සතුන් දෑස් පියාගනී. සතුන්ගේ ඇසිපිය මත පිහිටි වර්ණ රටාවන් පර්සරයට සමාන නිසා සතුරන්ගේ අවධානයෙන් මිදිමට උපයෝගි කරගනී. විවිධ සත්ව අනුවර්ත හැකියා නිසා ඔහුන්ගේ ආරක්ෂාව ඔහුන්ම සපයා ගනී.


සකස්කළේ 
විද්‍යා හා තාක්ෂණ නිළධාරි
ඉබ්බාගමුව.

0 comments:

Post a Comment