July 22, 2015

අප ශරීරය පිළිකා වලින් වළක්වා ගැනීමට නම්

අප ශරීරය පිළිකා වලින් වළක්වා ගැනීමට නම් ............

අපගේ සිරුරු වල දුර්වල සෛල ඇති නමුදු පිළිකා ගැටිති බවට පත් වන්නේ ස්වල්ප දෙනෙකුගේ සෛලයන් පමණි. සිරුර සතුව ඇති ආරක්ෂණ යාන්ත්‍රනයක් මගින් අපගේ සිරුර  ආරක්ෂා කරයි. පිළිකාවන්ට එරෙහිව සටන් කිරීමට අප සිරුරේ  ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කලයුතු අතර,   පටක ආක්‍රමණය කිරීමට පිළිකාවන්ට අවශ්‍ය තත්ත්වයන් අඩුකර පිළිකාකාරක ගැටිති වර්ධනය කිරීම සදහා පිළිකාවට අවශ්‍ය කරන අළුත් රුධිරවාහිනී   වැඩීම අඩුකල යුතුය. මෙහිදී  පිළිකා සෛල වර්ධනය කරන සීනි, සුදු තිරුඟ පිටි හා සත්ව මේදය  අඩංගු ආහාර ගැනීම අවම කල යුතුය.
පිළිකා හටගැනීමෙන් ආරක්ෂා වීම සදහා   අපගත යුතු ආහාර  වර්ග කිහිපයක් 
  •  සුදුළුණු
පැරණි ඖෂධයක් වන සුදුළුණු වල අඩංගු ගෙන්දගම් සංයෝගයෙන් දුම්කොළ හා අධික ලෙස පුළුස්සන ලද මස්වල ඇති පිළිකාකාරකයන් අඩුකර මහබඩවැල, පියයුරු, පෙනහළු, වකුගඩු හා පුරස්ථි ග්‍රන්ථි ආදියෙන් හටගන්නා පිළිකාවන්ට හා ලියුකේමියාවට එරෙහිව සටන් කරයි. පිළිකා සෛල සීමා කිරීමට උපකාරවන රුධිර සීනි මට්ටමද මෙමගින් විධිමත් කරයි.
  •   කහ
ව්‍යංජන වල කහපැහැය ඇතිකරන ප්‍රධාන කුළුබඩුව වන  “කහ“මගින් පිළිකා වැඩීම වළක්වාලයි. මෙමගින්  මහබඩවැල, අක්මා, ආමාශ, පියයුරු හා ඩිම්බකෝෂ  පිළිකාවන් සමගත් ලියුකේමියාවට   එරෙහිවත් සටන් කරයි.  නිතිපතා කහ ආහාරයට ගන්නා ඉන්දියානුවන්ට  බටහිර ජාතීන් සමග සසදන විට පෙනහළු පිළිකා වැළදීමේ අවධානම අටෙන් එකකින් අඩුය.
  •   වම්බටු 
  • වම්බටු ටර්පේන් (Terpenes)  ලබාගතහැකි හොදම ආහාරයකි. පටකයන් ආක්‍රමණය කිරීමට පිළිකා සෛල වලට අවශ්‍ය එන්සයිම අවහිර කිරීම සිදුකරයි. රොස්මේරි හා මිංචි මගින්ද ටර්පේන් බහුලව ලබාගතහැකි වේ.
  •  මල්ගෝවා
මේවායෙහි(Sulforaphane  සහ Indole/3(arbinols(13c)  අඩංගු වන අතර පිළිකාකාරක ද්‍රව්‍යන්ගේ විෂ නැසීමට සමත් ප්‍රතිපිළිකාකාරකයකි. 

  •    මුහුදු පැළෑටි
මුහුදු පැළෑටිවල  පුරස්ථි ග්‍රන්ථි, සමේ සහ මහබඩවැල පිළිකා වර්ධනය වීමේ වේගය අඩුකරන අණුක අඩංගු වේ.
  •  කොළ තේ
පිළිකා ගැටිති වැඩීමට අවශ්‍ය අළුත් රැධිර වාහිනී වැඩීම අවහිර කරන Epigallocatechin , Gallate (EGCG) අඩංගු වේ.
  •  තද දුඹුරු පැහැති චොක්ලට්
කොකෝවා 70%  කට වැඩි ප්‍රමාණයක් අඩංගු චොක්ලට් වල පිළිකා සෛල වැඩීමේ වේගය අඩුකරන Proauthocyanidins  සහ Phyphenols  යන ප්‍රතිඔක්සිකාරක අඩංගු වේ.
  •   තක්කාලි
   පිළිකා වැඩීමේ වේගය අඩුකරන හා ග්ලියෝමා නම් මොළයේ පිළිකා ගැටිති වලට එරෙහිව සටන් කිරීමේ ශක්තිය ඇති විටමින් ඒ සහ ලයිකොපේන් අඩංගු වේ.  
  • දොඩම් යුෂ
මේවායෙහි පුරස්ථි පිළිකා වර්ධනය වීම වළක්වාලන සංගටක අඩංගු බව හෙළිවී ඇත.

සකස් කලේ - ඒ.ඒ.සී.වී.අතාවුද
                    විද්‍යා හා තාක්ෂණ නිලධාරි - අරණායක
   


0 comments:

Post a Comment