July 26, 2015

සහල් පිටි හා තිරිගු පිටි

නූතනයේදී  තිරිගු පිටි වෙනුවට විකල්පයක් ලෙස සහල් පිටි පාරිභෝජනය පිළිබදව අවධානය යොමු වී ඇත. අපගේ අහාර තාක්ෂණික නිලධාරීන් දැනටම තිරිඟු පිටිවලට තරඟයක් දිය හැකි ලෙස සහල් පිටි
නිපදවීමට ගැළපෙන වී වර්ග හඳුනාගෙන ඇත. එම වී වර් ප්‍රචලිත කිරීමේ වැඩ සටහනක්ද ක්‍රියාත්මක වේ. දැනට අප ඉදිරියේ ඇති අභියෝගයනම් තිරිඟු පිටි පරිභෝජනයට පුරුදුවී ඇති අපගේ ජනතාවට හාල් පිටි පරිභෝජනයේ යහපත පැහැදිලිකිරීමයි. ඕනෑම රටක ආහාර සුරක්ෂිතතාවන් ඇතිකර ගැනීම අතිශයින්ම වැදගත්ය. එසේම ආහාර නිෂ්පාදනය කරනු ලබන ගොවියාත් එම නිෂ්පාදන පරිභෝජනය කරනු ලබන පාරිභෝගිකයාත් ආරක්ෂා කර ගැනීමේ වැඩපිළිවෙළක්  රටකට තිබිය යුතුය.
ශ්‍රී ලංකාව දැන් සහලින් ස්වයංපෝෂිතය.ගබඩා පිරී ඇත. මෙරට ගබඩාවල ඇති වී සහ සහල් තොග සඳහා අපනයන වෙළෙඳපොළේ ඉහළ ඉල්ලුමක් නොමැති අතර සදහා ඇති හොදම විකල්පය තිරිඟු පිටි වෙනුවට සහල් සහ සහල්පිටි ආශ්‍රීත නිෂ්පාදන ආදේශ කිරීමය. තුන්වේලටම බත් අනුභව කිරීමට යෝජනා කිරීමේ දී ප්‍රායෝගික දුෂ්කරතා මතුවුවද සහල් පිටි ආශ්‍රි ආහාර පිළිබඳ උනන්දුව ඉහළ නැංවිය හැකිය. තිරිඟු පිටි වෙනුවට සහල් පිටියෙන් තැනූ පාන්, රොටී, ඉඳිආප්ප, බනිස් නිෂ්පාදනය කොට  පාරිභෝගික ජනතාවට ඉදිරිපත් කළ හැකිය.
ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන පරිදි ශ්‍රී ලංකාවේ අලුත්ම පර්යේෂණවලට අනුව කාර්මිකරණය වූ රටවල වැඩිවෙමින් පවතින හෘද රෝග දියවැඩියාව හා අන්ත් පිළිකා වැනි උදර හා බඩවැල් ආශ්‍රිත රෝගාබාධවලට හේතු සාධකයක් වන්නේ ඔවුන්ගේ ආහාරවල තන්තු අඩුවීමයි. නමුත් අප ප්‍රධාන ආහාරය බත් වන බැවින් බත් කෑවොත් අපට විශාල තන්තු ප්‍රමාණයක් ලැබේ. නමුත් පාන් පිටිවල තන්තු අඩුය. ආහාරවල ප්‍රමාණවත් තරම් තන්තු අඩංගු වේ නම් අපට බහුලව ලෙඩ ඇති කරන සීනි හා මේද අණු රුධිරයට මුදා හරින වේගය අඩුකර ශරීරයට මෙම අණු පාලනයකින් යුතුව හසුරුවා ගැනීමට හැකියාව ලැබේ. මෙම තන්තුවලින් ආහාරයේ ප්‍රමාණය විශාල වන නිසා පිරිපහදු කළ පිටිවලින් කළ ආහාර මෙන් නොව බත්වලින් බඩගිනි ඇතිවීම ප්‍රමාද කරයි.
මිනිසාට අවශ්‍ය ඇමයිනෝ අම්ල 8 ක් මිනිස් ශරීරය ඇතුළත නිපදවාගත නොහැකි අතර ඒවා දෛනිකව ආහාරවලින් ලබා ගත යුතුය. අනුව අප ශරීරයට ඇමයිනෝ අම්ල ලබා දෙන හොඳ ප්‍රභවයක් වන්නේ බත් කෑමයි. කුරුට්ට ඉවත් කළ තිරිඟු පිටිවලට වඩා වැඩි ඇමයිනෝ අම්ල ප්‍රමාණයක් බත්වල අන්තර්ගත වේ. විටමින් පිළිබඳව සැලකීමේදී තිරිඟු පිටි ආහාරවලට වඩා සල්වල අඩංගු තයමින් හා නයසින් ප්‍රමාණය හතර ගුණයකින් පමණ වැඩිය තිරිගු පිටි පරිභෝජනය අයහපත් සෞඛ්‍ය පුරුද්දකි. පාන් පිටි වල නැති, හාල් පිටි වල අඩංගු පෝෂක වර්ග කිහිපයක්පහත දැක්වේ:
Manganese - Calcium අවශෝෂණය පහසු කරයි, එමගින් අස්ථි හා කාටිලේජ වර්ධනය කරයි.
Resistant starch -
හිතකර බැක්ටීරියා වර්ග වැඩීම සිදු කරයි.
 Protein -පාන් පිටි වලට වඩා අඩු protein ප්‍රමාණයක්වුවද, හාල් පිටිවල protein තත්ත්වයෙන් උසස්බැවින්පහසුවෙන්ජීරණයවේ.
Amino Acids - හාල් පිටි වල ඇති ඇමයිනෝ අම්ල ආධාර වීම මගින් මළ පහ කිරීම පහසු නිසා, වැළදෙන බෝනොවන රෝග අනතුර - දියවැඩියාව, ස්ථුලභාවය, අධි රුධිර පීඩනය,  මළබද්ධය හා  ආහාර ජීරණ පද්ධතියේ ආබාධ ප්‍රධාන වශයෙන් අඩු කරයි .මව් කිරි වල අඩංගු Amino Acid වලට ඉතා සමීපය.
Gluten Free - Celiac රෝගීන් සඳහා යෝග්‍යයි.
Vitamin B -
වියලිව පිටි ඇඹරීම නිසා හාල් වල ඇති B Vitamin සියල්ල HealthyFla වල සුරක්ෂිත වේ.

මේ වන විට ශ්‍රී ලංකාවේ විවිධ පර්යේෂණ ආයතන(කාර්මික තාක්ෂණ ආයතනය,අනුරාධපුර පසු අස්වනු තාක්ෂණ ආයතනය වැනි) මගින් සහල් පිටි ආශ්‍රි විවිධ නිෂ්පාදන හදුන්වා දී ඇති අතර  ඒවායින් කිහිපයක් පහත දැක්වේ.
1.සහල් පිටි ආශ්‍රි පාන් බනිස් වැනි බේකරි නිෂ්පාදන(  යීස්ට් මගින් පිපීමේ ක්‍රියාවලිය සිදු වන බේකරි නිෂ්පාදන සදහා 100% හාල් පිටි යොදා ගත නොහැකිය.මේ සදහා තිරිගු පිටි යම් ප්‍රමාණයක් එකතු කළ යුතු වන්නේ එහි අඩංගු ග්ලූටන් මගින් යීස්ට් ක්‍රියාකාරීත්වය හොදින් සිදු කිරීම නිසයි).
2.100% සහල් පිටිවලින් සකසන ලද කේක්
3. 100% සහල් පිටිවලින් සකසන ලද බිස්කට්
4. 100% සහල් පිටිවලින් සකසන ලද ළදරු ආහාර
5. 100% සහල් පිටිවලින් සකසන ලද මුරුක්කු වර්ග
6.සහල් පිටිවලින් සකස් කරන ලද අයිස් ක්රීම්(රයිස් ක්‍රීම්)

පී.ඩී.පී.ධනසේන,
විද්‍යා හා තාක්ෂණ නිලධාරී-අඹන්ගගකෝරළේ

0 comments:

Post a Comment