July 21, 2015

තමාවම පිටපත් කරගන්නා අණුවක්


 ඇක්තෙන්ම DNA අණුවක් තමාවම පිටපත් කරගන්නේ කෙසේද ?. මෙම DNA ඉණිමහෙහි හිණිපෙති සැදී තිබෙන්නේ A, T, G, සහ C ලෙස කෙටියෙන් හදුන්වන රසායනික ද්‍රව්‍යන් හතරෙනුයි, මෙහි හිණිපෙති සැදෙන්නේ A සැමවිටම T සමගත් G සැමවිටම C සමගත් සම්බන්ධ විමෙනුයි.  ඒ අනුව DNA ඉණිමගෙහි හිණිපෙත්තක එක කොටසක් A නම් අනිත් කොටස අනිවාර්යයෙන්ම T වෙයි. එමෙන්ම එක් කොටසක් G නම් අනිත් කොටස C වෙයි. එ අනුව DNA ඉණිමගහි හිණිපෙති කොටස් සහිත එක් රැහැනක් ඔබ දන්නවා නම් ඊට සම්බන්ධ විය යුතු අනික් ශිණිපෙති කොටස් සහිත රැහැන කුමක්ද කියා දැන ගැනිම ගැටලුවක් නොවේ.


ඉහත කරුණු අවබෝධ කර ගැනිමත් සමග විද්‍යාඥයන්ට තවත් දෙයක් සොයා ගැනිමට මන් විවර වුණා. එනම් DNA අණුව සැදි ඇත්තේ පිටපත් නැවත නැවත සැදිය හැකි අයුරින් බවයි. එය සිදු වන්නේ කෙසේද?. මුලින්ම එන්සයිම මගින් DNA අණුවේ ඇති රසායනික බන්ධන වෙන් කරනවා. පසුව න්‍යෂ්ටිය තුල නිදහසේ සැරිසරන A, T, G, සහ C යන රසායනිකයන් එම වෙන් කළ රැහැනෙහි ඇති හිණිපෙති කොටස්වලට සම්බන්ධ වෙනවා. තනි රැහැනකි DNA අණුවක් ලෙස පිටපත් වෙන්නේ එ ආකාරයටයි.


ඒ අනුව බලන කල මෙම පුදුමාකාර DNA අණුව තමාවම කියවා නැවත නැවතත් පිටපත් කරගැනිමේ හැකියව ඇති පොතකට සමානයි. මිනිසෙකුගේ සාමාන්‍ය ආයු කාලය තුල DNA අණුවක් 10,00,00,00,00,00,00,000 වාරයක් ඉතා නිවැරදිව පිටපත් වෙනවා.

උපුටාගැනීම?  (කරුණාකර සටහන් කරන්න.)
සකස්කළේ ?  (කරුණාකර සටහන් කරන්න.)

0 comments:

Post a Comment