July 19, 2015

ඇපල් පොත්ත විසි කරන්න එපා

මැලස් ඩොමෙස්ටිකා යන විද්‍යාත්මක නාමයෙන් හැදින්වෙන ඇපල් ශාකය සෞම්‍ය කලාපීය රටවල වැවෙන රසවත් පළතුරකි.ආහාරයට ගැනීමේදී බොහෝ විට ඇපල් ගෙඩියේ පොත්ත(Apple peel ) ඉවත්කර ගැනීම බොහෝ දෙනා සිදුකරන්නෙකි.නමුත් ඇපල් වල අඩංගු බොහෝ පෝෂක වල වැඩි කොටසක් ඇපල් ගෙඩියෙහි පොත්තෙහි අඩංගු වන බව පර්යේෂණ වලින් තහවුරු ව් ඇත. සාමාන්‍යය ප්‍රමාණයේ ඇපල් ගෙඩියක පොත්තක කිලෝ කැලරි 18 ක පෝෂණ ප්‍රමාණයක් අඩංගු බව සොයා ගෙන ඇත. ආහාරයක ට ගැනීමට නොහැකි නම්, පහත ආකාරයෙන් භාවිතයට ගැනීමට හැකියාව පවතිනවා.

Nutritional Facts on Apple Peels
1.    Jelly ආකාරයට හෝ Chips  ආකාරයට
ඇපල් යනු ප්‍රතිඔක්ෂිකාරක වලින් සපිරි පළතුරකි.ඇපල් වල අන්තර්ගත විටමින් සී (Vitamin C ) වලින් අඩක් පමණම පිහිටා ඇත්තේ ඇපල් පොත්තෙහිය.දෛනිකව අවශ්‍ය වන ප්‍රතිඔක්සීකාරක මාත්‍රාව මෙමගගින් නිපද වූ Chips මගින් ලබාගත හැක.ඇපල් කැබලි වලට සීනි,ජලය සහ කුරුදු ස්වල්පයක් එක්කර සෙල්සියස් අංශක 150 දී පමණ අවන් එකක තබා Apple Chips පිස ගැනීමට පිළිවන්.

2.    පානයක් ආකාරයට
ඇපල් පොතු ජලය,කුරුදු ස්වල්පයක් සහ දෙහි ස්වල්පයක් ගෙන විනාඩි 15 ක් පමණ තැමිබීමට ඉඩහැර , පෙරාගෙන පසුව පැණි ස්වල්පයක් එක්කර පරිපුර්ණ සෞඛ්‍ය සමීපන්න පානයක් සකස් කර ගැනීමට පුළුවන්.

3.     වාතය පිරිසිදු කිරීමට
ඇපල් සහ කුරුදු යනු විසිරි ද්‍රව්‍ය සෑදීම සදහා බොහෝ අවස්ථාවලදී ප්‍රයෝජනයට ගන්නා ශාකයන්ය. ඇපල් පොතු,කුරුදු ,දෙහි ස්වල්පයක් සහ ඉගුරු ස්වල්පයක් බදුනක දමා නටවා වාෂ්ප වීමට ඉඩ හැරීම මගින් නිවස පුරා මනා නැවුම් සුවදක් ලබා ගැනීමට පුළුවන්.
 Image result for apple peel benefits
කරුණු මෙසේ වුවත් විවිධ වූ රසායනික දුව්‍ය එකතු කරන ලද ඇපල් ගෙඩිවල පොත්ත ආහාරයට ගැනීමට පෙර නම් දෙවතාවක් හිතා බැලීම සුදුසු වේ.

අන්තර්ජාලය ඇසුරෙන් (www.thekitchn.com, www.stylecraze.com › Articles › Health and Wellness)
විද්‍යා හා තාක්ෂණ නිලධාරි
උකුවෙල

0 comments:

Post a Comment