July 19, 2015

දියර වලින් ජංගම දුරකථන ආරක්ෂා කර ගන්නේ කෙසේද ?

ඔ‍බගේ ජංගම දුරකථනය වතුරට වැටී, වැසිකිලියට වැටී හෝ වෙනත් දියරයක ගිලී තිබෙනවද ?  කුඩා දරුවන් සිටිනවානම් මෙය සුලභ අත්දැකීමක් විය යුතුය. ඉලෙක්ට්‍රොනික උපාංග ජලය හේතුවෙන් විනාශ ‍වෙනවා.නමුත් ඉලෙක්ට්‍රොනික උපාංග අතරින් බොහෝ විට ජලයට වැටීමට හෝ ජලය ඇතුළු වීමට ඉඩ ඇත්තේ ජංගම දුරකථන සහ ටැබ්ලට් උපාංග වලටය. හදිසියේ හෝ මෙම උපකරණයක් තුලට ජලය ඇතුළු වුවහොත් කල යුත්තේ කුමක්ද කියා දැනුමක් තියෙනවාද? ඒ ගැන මේ ලිපියෙන් කරුණු ඉදිරිපත් කරනවා.මෙහිදී උපාංග තුලට ජලය ඇතුළු වන දියර වර්ගය ජලයද, එසේ නොවේනම් වයින්, බියර්,සෝඩා වැනි දියරයක්ද යන්න මත ප්‍රතිකර්ම කල යුතුයි.

Image result for protect mobile phones wen fall in to liquids
1. පළමුව උපකරණය ක්‍රියා විරහිත කරන්න.
මුලින්ම උපකරණය ක්‍රියා විරහිත කළ යුතු වෙනවා. එසේ නොමැති වුවහොත් ලුහුවත් වීම මගින් පරිපථ වලට හානි වීම සිදුවීමට පුළුවන්.එසේම බැටරිය ගැලවීමට හැකියාවක් තිබේනම් ගැලවිය යුතුයි.
2. උපකරණය කොටස් වලට වෙන් කරන්න.

   සිම් කාඩ්පත, මෙමරි කාඩ්පත, බැක් කවරය වැනි සරලව ගැලවීමට හැකි සියළු කොටස් ගලවා දැමිය යුතුයි.
3.  Screen එක ඉහළට හරවා තබන්න.

     ඇතුළු වූ දියරය තිරය මතට ඇතුළු වීම වැළැක්විය යුතු වෙනවා. එසේ නොමැති වුවහොත් බොහෝ විට එයට හානි ව්මට ඉඩ  ඇති නිසා උපකරණය සිටුවා තැබීම යෝග්‍ය වෙනවා.එවිට ගුරුත්වය නිසා තිරයට දියරය ඇතුළු වීම වැළකෙනවා.

4. සීනි සහිත දියරයක් නම්
උපකරණයට ඇතුළු වූයේ  සීනි සහිත දියරයක් නම් එම සීනි අවක්ෂේපය 99+% ISO rubbing alcohol භාවිතා කළ හැකියි.එහි තත්පර 5ක් 10ක් පමණ කාලයක් ගිල්වා තැබීම මගින් සිදුකරගත හැකි වෙනවා.මෙය බොහෝ විට තාක්ෂණික උපදේශකයෙකුගේ අනු දැනුම මත සිදුකිරීම වඩා යෝග්‍ය වෙනවා.මන්ද ඇතැම් ගම් වර්ග වැනි දේ දියකිරීමේ හැකියාවක් මෙම මධ්‍යසාරය සතු වන නිසා.

5.  Paper towels භාවිතයෙන් පෘෂ්ඪය පිස දමන්න
ඊලග පියවර වඩා සාර්ථක කරගැනීමට නම් පෘෂ්ඪ‍යේ ඇති දියරය සම්පූර්ණයෙන් ඉවත් කළ යුතුයි.මේ සදහා Paper towels භාවිතා කළ හැකියි.

6. උපාංගය වියලුම්කාරකයක ගිල්වා තබන්න
සම්පූර්ණයෙන්ම දියරයෙන් තොර කිරීමට නම් එහි ඇති  තෙතමනය සම්පූර්ණයෙන්ම ඉවත්කල යුතු වෙනවා.මේ සදහා සිලිකා ජෙල් (Silica Gel)  පැකට් එකක් සහ සහල් යොදා ගැනීමට පුළුවන්. උපකරණය සම්පූර්ණයෙන්ම වැසෙන සේ වියලුම්කාරකය තුළ ගිල්වා තැබිය යුතුයි.මේ සදහා වඩා සාර්ථක වන්නේ සිලිකා ජෙල්ය.
Image result for protect mobile phones wen fall in to liquids using rice
   
6. උපාංගය සහ වියලුම්කාරකය වායුරෝධක වන සේ අසුරා  තබන්න.
 ප්‍රමාණවත් තරම් සිලිකා ජෙල් හෝ සහල් තුළ බහා උපාංගය සම්පූර්ණයෙන් වායුරෝධක වනසේ තැබිය යුතු වෙනවා.

7.පැය 48 ක් ඉහත ඇසුරුම තබන්න.
පැය 48 ක් ඉවසා සිටීම අපහසු කටයුත්තක්.නමුත් ඔබේ උපාංගය බේරා ගැනීමට නම් බොහෝ ඉවසිලිවන්ත විය යුතු වෙනවා.නැතහොත් ලුහුවත් වීම මගින් උපකරණය විනාශ වීමට පිළිවන්.එසේම තිරයට ජලය නොඑන පරිදි ගුරුත්වය යටතේ ගිලුවා තැබීමටත් වග බලා  ගත යුතුයි.ඉහත ඇසුරුම අදුරු වියළි ස්ථානයක කාමර උෂ්ණත්වය යටතේ පැය 48 ක් පමණ තබා, පසුව ඔන් කර බලන්න.බොහෝ විට  එය ප්‍රතිසංස්කරණය කිරීමට හෝ හැකියාව තිබේවි.

අන්තර්ජාලය ඇසුරෙනි (http://www.wikihow.com/, www.elakiriweda.com)
සකස් කළේ 
විද්‍යා හා තාක්ෂණ නිලධාරි
උකුවෙල

0 comments:

Post a Comment