July 19, 2015

බිත්තර ගැන දැනගත යුතු යමක්........

බිත්තර අළුත් ද කියා දැන ගැනීමට,
බිත්තරය ජලය භාජනයකට දැමූ විට එය ජලය යටට ගොස් පැත්තට හැරී තිබෙනවානම් එයින් හැගෙන්නේ එය අළුත් බිත්තරක් බවයි.එය ජලය තුල කෙලින් අතට සිටියහොත්  මදක් පරණ බිත්තරයක් වේ.
බිත්තරයක් ජලයේ පාවෙමින් තිබෙනවානම් එය පරණ බිත්තරයක් වේ.
නමුත් ගබඩා කර තබා ගන්නා බිත්තර සියල්ල ජලයේ දමා පරීක්ෂා කර බැලීම, බිත්තර කල්තබා ගැනීම සදහා අහිතකර ලෙස බලපායි. එම නිසා බිත්තර භාවිතා කිරීමට පෙර ජලයට දමා පරීක්ෂා කිරීම වඩාත් යෝග්‍ය වේ.
බිත්තර ගබඩා කිරීම,
බිත්තර සැම විටම මහත පැත්ත උඩට සිටින සේ ගබඩා කළයුතුය.ළූණු වැනි සුවද නිකුත්වන ද්‍රව්‍ය අසල බිත්තර ගබඩා කිරීම නුසුදුසුය.ශීතකරණයක ගබඩා කරන්නේනම්, වඩාත් යෝග්‍ය වේ.
ගම් බිත්තර හා ෆාම් බිත්තර,
ගුණාත්මක වශයෙන් වෙනසක් නොමැත.නමුත්  ගම් බිත්තර වල කහ මදය තද කහ පාට වේ. එහි අඩංගු  විටමින් A (කැරොටින්) ප්‍රමණය වැඩිය.
බිත්තර පිසීම,
බිත්තර පිසීමට පෙර ශීතකරණයෙන් පිටතට ගෙන මද වේලාවක් තැබිය යුතු වේ. ඉන්පසු මදක් උණුසුම් ජලයෙන් සේදිය යුතුය.
බිත්තර අධික උෂ්ණත්වයකින් පිසීම නොකළ යුතුය. එවිට බිත්තරය ඉක්මනින් තද වෙනවාත් සමගම එහි රසය හා ගුණය අඩු වේ. අධික තැම්බීම නිසා බිත්තරයේ ඇති යකඩ (Fe) සල්ෆර් සමග ක්‍රියාකරමින් අයන් සල්ෆයිඩ් සෑදීමෙන් කහ මදය වටා අළු පැහැවේ. එමනිසා  අධික ලෙස තැම්බීමෙන් වැලකිය යුතුය.

සකස්කලේ
විද්‍යා හා තාක්‍ෂණ නිලධාරි,
යටවර

0 comments:

Post a Comment