July 23, 2015

කොලෙස්ටරෝල් හා හෘදයාබාධ

කොලෙස්ටරෝල් යනු වර්තමානයේ නම ඇසූ පමණින් ඕනෑම කෙනෙකු බියට පත් වන්නකි.  රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම හදවත් රෝගයක අවධානම පෙන්නුම් කරන සාධකයක් ලෙස යොදාගැනීම මෙයට හේතුවයි.

ශරීරයේ ඇති ට්‍රිලියන ගණනක් සෛලවල ආවරණය සෑදී ඇත්තේ කොලෙස්ටරෝල්වලිනි. මොළයේ 75% ක්ද  ස්නායුවල පිටත ආවරණයද සියඑම ලිංගික හෝමෝනවලද කොලෙස්ටරෝල් බහුලව අන්තර්ගතය.

ශරීරයේ මියයන සෛල වෙනුවෙන් අඑත් සෛල නිපදවීම සදහා කොලෙස්ටරෝල් අත්‍යාවශ්‍යය. ස්නායු සෛලවල ආවරණයට හා මොලයේ සෛලවලට හානි වුවහොත් ඒවා යථා තත්වයට පත් කිරීමට කොලෙස්ටරෝල් උපකාරීවේ. නැතහොත් ස්නායු ආභාධයන්ට ලක්වීමට ඉඩ ඇත. ඊස්ට්‍රජන්, ප්‍රොජෙස්ට්‍රෝන්, ටෙස්ටොස්ටෙරෝන්  යන ප්‍රජනක හෝමෝන නිපදවීමට අත්‍යවශ්‍ය සංඝටකයක් වන

කොලෙස්ටරෝල් නොලැබුනහොත් ප්‍රජනක පද්ධතිය ආශ්‍රිත රෝගාබාධයන්ට ගොදුරුවේ.
කොලෙස්ටරෝල් යනු ලිපෝප්‍රෝටීනයකි(Lipoprotein).මෙම කොලෙස්ටරෝල් නිෂ්පාදනය කරන්නේ අක්මාවයි. අක්මාව නිපදවන කොලෙස්ටරෝල් හෙවත් ලිපෝප්‍රෝටීන ආකාර තුනකි. ලිපෝප්‍රෝටීන අණුවේ ප්‍රමාණය අනුව ඒවා හදුන්වයි.


1.       HDL (High Density Lipoprotein)
2.       LDL (Law Density Lipoprotein)
3.       VLDL (Very Law Density Lipoprotein)

ශරීර පරිවෘත්තිය ක්‍රියදාමවල අතුරුඵලයන් ලෙස මුක්ත ඛණ්ඩක නම් අණු විශේෂයක් නිදහස්වේ. මෙම  මුක්ත ඛණ්ඩක උදාසීනවීමට ධමනිවල නැමි සහිත ස්ථානවල ධමනි බිත්තියේ සෛල උපයෝගී කරගනී. එම නිසා ධමනි බිත්ති සිදුරුවීමට ලක්වේ. එම ධමනි බිත්ති පිළිසකර කිරීමට තාවකාලික පැලැස්තරයක් සේ අක්මාව LDL  හා VLDL අණු නිපදවයි. පඨක අඑත්වැඩියා කිරීමේ යාන්ත්‍රනය මගින් ධමනි බිත්තිය යථාතත්වයට පත් වූ පසුව HDL මගින් මෙම LDL  හා VLDL අණු නැවත අක්මාව වෙත රැගෙන යයි.  එම නිසා LDL  හා VLDL නරක කොලෙස්ටරෝල් ලෙසද HDL හොද කොලෙස්ටරෝල් ලෙසද හදුන්වනු ලබයි.

එසේ නම් හෘදයාබාධ සදහා කොලෙස්ටරෝල් බලපාන්නේ සෘජුවම ආහාර වශයෙන් ගන්නා කොලෙස්ටරෝල් වලට වඩා මෙම යාන්ත්‍රනයේ යම් අසමතුලිතයක් නිසා බව අවධාරණය කර ගත හැකිය. අපගන්නා ආහාර හා වැරදි ජීවන රටාවන් නිසාවෙන් අපගේ සිරුර අධික මුක්ත ඛණ්ඩක නිශ්පාදනාගාරයක් වී ඇත. මේ නිසා අක්මාව LDL  හා VLDL අණු නිපදවීමද වැඩි සීග්‍රතාවයකින් සිදු කලයුතුව ඇත. වැඩි වැඩි යෙන් LDL  හා VLDL අණු නිපදවීම නිසා HDL නිපදවීමේ අවශ්‍යතාවය අඩු වී යයි.

නමුත් හෘදයාබාධයක් වැලදීමෙන් පසු ශරීරයේ නිපදවෙන කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩු කිරීමට පියවර ගත යුතු බැවින් වෛද්‍යවරු කොලෙස්ටරෝල් සහිත ආහාර ගැනීම පාලනය කිරීමට උපදෙස් ලබා දේ.
කොලෙස්ටරෝල් යනු අක්මාව තුල නිපදවෙන ස්ටෙරෝල් වර්ගයකි. එනම් සත්ව ශරීර තුල පමණක් නිපදවන්නකි.  මේ නිසා සත්ව ආහාර අඩුකිරීම සුදුසුය. නමුත් මාංශමය ආහාරවලට සාපේක්ෂව මාඑවල කොලෙස්ටරෝල් පවතින්නේ අල්ප වශයෙනි. එසේම ශාකමය ආහාරවල කොලෙස්ටරෝල් අඩංගු නොවේ. ශාකමය ආහාර මෙයට ඉතා සුදුසුය. ශාකමය ආහාර  අතරින් ශාක තෙල් අනුභව කිරීම හෘදයාබාධ සදහා සෘජුවම බල නොපාන නමුත් ශාක තෙල් ජීරණයේදී ග්ලිසරෝල් හා මේද අම්ල බවට පත්වන බවත් අතිරේක මේදය ශරීරයේ තැන්පත්වීම හෘදයාබාධ සදහා නුසුදුසු  බවත් දැනගත යුතුය.

එල්. ඒ. අනූෂා සාගරිකා
විද්‍යා හා තාක්ෂණ නිලධාරී
තිඹිරිගස්යාය

0 comments:

Post a Comment