July 15, 2015

දිනපතා ආහාරයට එක් කර ගත යුතු ආහාර

නීරෝගි ඡීවිතයක් ගත කිරීම අපගේ ඒකායන බලාපොරොත්තුවයි.එහිදි අප ගන්නා ආහාර අපගේ නීරෝගි කමට කෙලින්ම බලපායි.අප ගන්නා ආහාර වල ඇති ඇන්ටි ඔක්සිඩන්ට් ගුණය ඉතා වැදගත්ය. ඇන්ටි ඔක්සිඩන්ට් ගුණය ගැන සදහන් කිරීමේදී එහි ප්‍රධාන ඇන්ටි ඔක්සිඩන්ට් විටමින් වන්නේ බීටා කැරොටීන්, විටමින් C හා විටමින් E ය. එම සංඝටක බොහෝ වර්ණ සහිත එළවලු හා පලතුරු වල දැකිය හැකිය.විශේෂයෙන්ම දම්,  නිල්,  රතු , ඔරේන්ඡ් හා කහ වර්ණ සහිත එළවලු හා පලතුරු වල මෙම වටිනා ඇන්ටි ඔක්සිඩන්ට් විටමින් අඩංගු වේ.
ඇන්ටි ඔක්සිඩන්ට් ගුණයේ වාසී
·        පිලිකා වැළදිම අඩු කරයි.
·        හෘද රෝග වැලදීම අවම කරයි.
·        කොලෙස්ටරෝල්  වැඩි වීම පාලනය කරයි.
·        රුධිර කැටි ඇතිවිම අඩු කරයි.
·        මානසික ආතති‍යේ බලපෑම අඩු කරයි.
·   රුව රුක ගැනීමට උපකාරී වේ.සමේ ඇති ස්වබාවික ගුණය රුක දෙමින් සම රුලි වැටිම අවම කරයි.එමගින් වයසට යාමේ ස්වබාවය අඩු කරයි.
ඒ අනුව පහත සදහන් ආහාර ඔබේ ආහාර වේලට එකතු කර ගැනීමෙන් නීරෝගී ඡීවිතයකට හිමිකම් කීමට හැකි වනු ඇත.

බීටා කැරොටීන් හා අනෙකුත් කැරෙටිනොයිඩ් අඩංගු ආහාර
බීට්, කැරට්, අඹ ,නිවිතිය, වට්ටක්කා, බතල, තක්කාලි, පැනි කොමඩු

විටමින් C අඩංගු ආහාර
මල් ගෝවා, අඹ ,දොඩම් ,ගස් ලබු, බතල ,ස්ටෝබෙරි, පේර ,වෙරළු

විටමින් E අඩංගු ආහාර
ධාන්‍ය වර්ග, ගස් ලබු, නිවිතිය, වට්ටක්කා


ඉහතින් දක්වා ඇති අහාර වලට අමතරව සුදු ලූණූ, කුරුදු, තේ වලද ඇන්ටි ඔක්සිඩන්ට් විටමින් අඩංගු වේ.
උපුටා ගැනීම-www.webmd.com

0 comments:

Post a Comment