July 27, 2015

ඔබත් සමබල ආහාර වේලක් ගන්නවද?

සියක් වසරකට වැඩි කාලයක් ජීවත්වන්නට නම් මිනිසා හොඳ ආහාර වේලක් ගත යුතුය. හොද ආහාර වේලක් යනු සමබල ආහාර වේලකි. එවැනි ආහාර වේලක් හැමවිටම අවශ්‍යම පෝෂක කොටස් වලින් සමන්විතය. කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, මේදය, විටමින්, ඛණිජ ලවන, තන්තු සහිත ආහාර යනාදී මේ සෑම පෝෂක කොටසක්ම ආහාර වේලකට ඇතුලත් විය යුතුය. ආහාර ලබාගන්නා පුද්ගලයා කරන කාර්යය, වයස, ස්ත්‍රී පුරුෂ බව රෝගී - නිරෝගී බව සැලකිල්ලට ගෙන මේ සෑම පෝෂණ කොටසක්ම ආහාරයට එකතු කර ගැනීම වැදගත් වේ. ඒ වගේම සෑම පෝෂ්‍ය කොටසක්ම නිවරදි අනුපාත වලින් ආහාර වේලට එකතු කර ගැනීමට හැම කෙනෙකුම උත්සුක විය යුතුය.
ඇතම් පෝෂක කොටස් අධික ලෙස අඩංගු ආහාර වේලක් ගන්නට පුරුදු වුණොත් එයින් බරපතල සෞඛ්‍ය ගැටලු ඇති වන්නට පුලුවන. ස්ථූලතාව ඇති වීම, දියවැඩියාව වැනි රෝග මතුවීම පමණක් නොව පිළිකා ඇතිවන්නටත් එය  හේතුවක් විය හැක. ආහාරයේ අඩංගු පෝෂණ කොටස් යම් ලෙසකින් අඩු වී නම් එයින් ද බරපතල ගැටලු ඇති වේ. නිදසුනක් ලෙස ප්‍රෝටීන් අඩු වී යයි සිතන්න. එවිට ශරීරයේ වර්ධනය අඩුවේ. ඒ වගේම ශරීරයේ පටක නැවත පිළිසකරවීමක් හෝ අලුත්වැඩියා වීමක් හෝ සිදුවන්නේ නැත.
පර්යේෂකයන් සදහන් කරන්නේ එළවළු වගේම පලතුරුත් අප ගන්නා ආහාර වේලට ඇතුලත් විය යුතු බවයි. එසේ නොවුන හොත් සෞඛ්‍ය ගැටලු රැසක් ඇති වන්නට පුළුවන් බව ඔවුන්ගේ මතයයි. එ ‍වගේම අවශ්‍ය තරමට ජලය පා‍නය කිරීමත් අනුවාර්යෙන්ම සිදුවිය යත්තක් බව පෝෂණවේදීහු පෙන්වා දෙති.
ස්කන්ද දේහ දර්ශකය එහෙත් නැත්නම් ඉංග්‍රීසියෙන් Body Mass Index වශයෙන් හැඳින්වෙන්නේ පුද්ගලයාගේ බර සහ උස අතර සම්බන්දය විදහා දැක්වෙන දර්ශකයකි. මේ සම්බන්දය ඇසුරින් කෙනෙකුට තමන් ස්තූලතාවයෙන් යුතුද නැද්ද යන්න සොයා ගන්නට පුලුවන. ඒ සඳහා ඔබ කල යුත්තේ ඔබේ උස සහ බර නිවරදි ව ලබාගැනීමයි උස මීටර් වලිනුත් බර කිලෝග්‍රෑම් වලිනුත් ලබාගත්තේ නම් පහත සඳහන් සමීකරණයට ඒ අගයන් යොදන්න.
දේහ ස්කන්ද දර්ශකය              =          ස්කන්ධය (කිලෝග්‍රෑම්)
                                                                        උස2


දේහ ස්කන්ද දර්ශකය(වර්ගමීටරයට කිලෝග්‍රෑම්)
වර්ගීරණය
18.50 ට අඩු
බර වැඩියි
18.50 – 24.99
සාමාන්‍ය බර
25.00 – 29.99
බර වැඩිය
30.00 – 34.99
පලමු පන්තියේ ස්තූලතාවය(තරමක් බර වැඩිය)
35.00 – 39.99
දෙවන පන්තියේ ස්ථූලතාවය(ඉතාමත් බර වැඩියි)
40 ට වැඩි
තෙවන පන්තියේ ස්ථූලතාවය(අධික ලෙසම බර වැඩියි)
මෙම ගණනය කිරීමෙන් ලබාගන්නා අගය මතු දැක්වෙන වගුවේ සඳහන් අගයන් සමග සංසන්දනය කරන්න. එවිට ඔබ සිටින්නේ කොතන දැයි කියා ඔබටම තීරණය කල හැක.
විවිධ රට වල ජීවත්වන  අයගේ දේහ ස්කන්ධ දර්ශනයේ අගයන් විවිධය. ඒ වගේම ලමයින් සඳහා වෙනම දේහ සකන්ධ දර්ශකයක් තිබේ.




නව යුගය සගරාව ඇසුරින්
ඒ.ජී.බණ්ඩාරනායක,විද්‍යා හා තාක්ෂණ නිලධාරි,අගුනුකොලපලැස්ස.

0 comments:

Post a Comment