September 12, 2014

මවගේ කිරත් පෝෂණය කරන පොල්තෙල්

ඈත අතිතයේ සිට අපගේ ආහාර වේලට නැතුවම බැරි අංගයක් බවට පත් වු පොල්තෙල් දැන්  මුතැන්ගෙයට ළගා කරගත යුතු නොවන ද්‍රව්‍යයක් බවට පත්ව ඇත. අධි සංතෘප්ත මේදය 91%  ක් සංයෝග වි ඇති පොල්තෙල් අපගේ ශරිර සෞඛ්‍ය සදහා නුසුදුසුද යන්න ගැටවක් වි ඇත. සියලුම සංතෘප්ත මේද අමිලයන්හි බලපෑම එකම ආකාර නොවේ.
මෙම මේද අම්ලයන්හි අනුක ව්‍යුහය අනුව මධ්‍යම හා දිගු දාම සහිත වු ට්‍රයිග්ලිසරයිඩ් ලෙස වර්ග කර ඇත.දිගු දාම සහිත මේද අමිල වැඩි කොටසක් මේද ලෙස සිරුර තුල තැන්පත් වේ. මධ්‍යම දාම සහිත ට්‍රයිග්ලිසරයිඩ වලින් සිදුවනුයේ වෙනත් ක්‍රියාවලියකි. පොල්තෙල් අයත් වනුයේ මධ්‍යම දාම සහිත ට්‍රයිග්ලිසරයිඩ ගණයටය.ඒවා සිරුර තුළ වැඩියමක් පරිවෘත්තිය ක්‍රියාවලින්ගෙන් අනතුරුව ශක්තිය බවට පත් වේ. 
අප ආහාරයට ගන්නා පොල්වල විටමින් A,B,C,  රයිබෝප්ලෙවින් , නියැසින්,යකඩ, කැල්සියම්, පොස්පරස්, කාබෝහයිඩ්ඩ්‍රේට, මේදය,ප්‍රොටින් යනාදියෙන් සමන්විතය. පොල්තෙල් වල ඇති මේද අම්ලයෙන් අඩකට (50%) වැඩියෙන් නියෝඡනය කරනුයේ ලෝරික් අම්ලයයි.  බැක්ටීරියා හා වෛරස වලට එරෙහිව ක්‍රියාකරන මෙම අම්ලය වඩාත් ප්‍රසිද්ධව ඇත්තේ මව්කිරිවල තිබෙන ප්‍රධාන සංඝටක ලෙසය.

මව්කිරිවල මේද සංයුතිය

සංතෘප්ත මේදය                       45% - 50% අතර
ඒකල සංතෘප්ත මේදය              35%
බහු සංතෘප්ත මේදය                  15% - 20% අතර
මෙම සංතෘප්ත මේදයෙන් 18%ක්ම අයත් වන්නේ ලෝරික් අම්ලයයි. මෙම වටිනා අමිලය  අළුත උපන් දරුවෙකු විවිධ වෛරස, බැක්ටිරියා හා ප්‍රොටසෝවා ආසාදන වලින් වලක්වයි. 
                    
පොල් හා පොල්කිරි ආශ්‍රිත ආහාර නිෂ්පාදන වලින්  පිරිපුන් ආහාර වේලකට කිරිදෙන මව්වරු හුරුවුවහොත් සාමාන්‍ය මවකගේ කිරි වල පවතින ලෝරික් අම්ල සංයුතිය තෙගුණයකින් ඉහළ යන බව පර්යේෂණ මගින් සොයා ගෙන ඇත. එම මවිකිරෙන් පෝෂණය ලබන  නව ඡන්ම දරුවා බැක්ටීරීයා වෛරස් රෝග වලට එරෙහි ආරක්ෂාවෙන් පරිපුර්ණ වනු ඇත. මෙම ලෝරික් අම්ලය මිනිස් සිරුර තුළදි මෙනෝලෝරික් බවට පත්වන අතර එයට බැක්ටීරියා හා වෛරස් වලට එරෙහිව ක්‍රියා කල හැක.
                                    පොල්තෙල් -බැක්ටීරියා ක්‍රියාකරන ආකාරය
තවද මෙම ලෝරික් අම්ලය මගින් කෙලොස්ටරෝල් සහ රුධිර පිඩනයෙන් හදවත ආරක්ෂා කරනු ලැබේ. තවද දිනකට පිරිසිදු පොල්තෙල් තේ හැදි 02 ක් ශරිරගත විම මගින් දිනක විටමින් E  අවශ්‍යතාවය සපුරාගත හැකි බව නවතම පර්යේෂණ මගින් සොයාගෙන ඇත. කාබනිකරණය වු අයඩින් අඩංගුව ඇති බැවින් ගලගණ්ඩය වලක්වා ගැනිමේ හැකියාවක් පොල්වල තිබෙන බව සොයා  ගෙන ඇත.  උගුරෙහි ඇතිවි තිබෙන තුවාල අමාශයේ හා කුඩාඅන්තයේ ඇති වි තිබෙන ගෙඩි හා තුවාල සදහාද මෙම පොල්කිරි මහගු ඖෂධයක් බව හදුනා ගෙන ඇත. තවද පොල් වතුර -වකුගඩු හා මුත්‍රමාර්ගය සමිබන්ධ ලෙඩරෝග සුව කිරිමේ හැකියාවක් ඇති බව ඔබ දැනුවත්ද?

දිනපතාම සම මතුපිට පොල් කිරි ආලේප කිරිම තුළින් සිනිදු බවක් හා දිදුළන පැහැයක් ලැබෙන අතරම හිසකෙස් වර්ධනයටත්  සුමට බවක් ගෙන දිමත් සිදු වේ.

පොල්කිරි මගින් ලබා ගන්නා පොල් තෙල්ද සම සහ හිසකෙස් සදහා ගුණදායකය. පොල්මලෙන් ලබා ගන්නා යුෂ අධික රුධිර වහනය වැලැක්විමට උපකාරි වේ. තවද මෑතක දරුවන් බිහි කල මව්වරුන්ටද ගුණදායක වේ.

මෙවැනි බොහෝ පෝෂණ හා ඹෟෂධීය ගුණයන්ගෙන් පිරිපුන් පොල්තෙල් සංතෘප්ත මේදයෙන් සාරවත් බැවින් රුධිරගත කොලොස්ටරෝල් මට්ටම ඉහළ දමන බවට පැතිර ඇති මතය නිසා මෑතක සිට බොහෝ දෙනා පොල්තෙල් භාවිතයෙන් ඉවත් වි ඇත.


උපුටා ගැනිම   www.wikipedia.com
                      www.coconutoil.com/coconut-oil-heart-desease
                      www.Natural.homemedia.com
කේ.එච්.එම්.එම්.එම්.ඡයවර්ධන
විද්‍යා හා තාක්ෂණ නිලධාරි
හාරිස්පත්තුව

0 comments:

Post a Comment