September 5, 2014

ක්ෂණිකව රුධිරය සැපයීම

උත්තර ද්‍රවයේ අධික සීතල වතුරේ ජීවත් වන කොඩ් (cod) වැනි මත්ස්‍යයින් ඝනීභවනය (ගල්වීම) නොවී ජිවත් වන්නේ කෙසේද? මේ පිළිබඳ පරීක්ෂණ වලදි මෙම මත්ස්‍යයින්ගේ රුධිර ධාරාවේ ඇති ප්‍රෝටීන රුධිරය ඝනීභවනය වීම වළක්වන බව හඳුනා ගෙන තිබේ. මෙම ප්‍රෝටීන ක්‍රියාත්මක වන ක්‍රමය පිටපත් කළ බ්‍රිතාන්‍ය විද්‍යාඥයින් ලේ දන්දීමෙන් ලද රුධිරය ශීත කර ආරක්ෂා කිරීමට සහ පාරවිලයනයට සුදුසු තත්ත්වයට ශීත කළ රුධිරය නැවත පත් කිරීමට ක්‍රමයත් නිර්මාණය කර ඇත. රුධිරය ශිත කර ආරක්ෂා කිරිමේ ක්‍රමයක්  දැනට ක්‍රියාත්මක වේ. එහෙත් එම රුධීරය නැවත භාවිතා කිරිම සඳහා සකස් කිරීමට පියවර කිහිපයක් අවශ්‍යය. ශීතකරණය වීමට ප්‍රථම රුධිරය සමඟ 1:1 අනුපාතයෙන් කාබනික ද්‍රාවණයක් එක් කළ යුතු අතර රුධිරය නැවත ප්‍රකෘති තත්ත්වයට පත්කරන විට එයින් එම කාබනික ද්‍රාවණය ඉවත් කළ යුතුවේ. මෙම ක්‍රියාවලිය සඳහා දින කිහිපයක් ගතවීම එහි ඇති දුර්වල තාවයයි. රෝගීන්ට රුධිරය ලබා දීමට අවශ්‍ය වු විට එය සඳහා දින ගණනක් බලා සිටිය නොහැක.

මේ සඳහා පිළියමක් ලෙස කාබනික ද්‍රාවණයට ආදේශකයක් ලෙස පොල්විනිල් මධ්‍යසාර (Polyvinyl alcohol) කෙරෙහි වෝර්වික් (Warwick) විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන්ගේ අවධානය යොමු විය. දැව ගම් වලින් ව්‍යුත්පන්න  කළ පොලිවිනිල් මධ්‍යසාරයෙන් කෘතිම බහු ක්‍රියාකාරීත්වය cod මත්ස්‍යයාගේ හිමාවරණය (antifreezing) මෙනි.

කාබනික ද්‍රාවණය මෙන් එය රුධිරය දියවීමේද ක්‍රියාකරන නමුත් කාබනික ද්‍රාවණ වලට වෙනස් ලෙස එය රුධිරය තුළ කිසිදු හානියකින් තොරව පවති. එනම් රුධිරය නැවත ද්‍රව වු සැනකින් භාවිතය සඳහා සුදුසු වේ. මීට අමතරව රුධිර ප්‍රමාණයෙන් 0.1% ප්‍රතිශතයක ප්‍රමාණයකට පමණක් එය අවශ්‍ය වේ. විශ්ව විද්‍යාලය මෙම තාක්ෂණය වාණිජ කරණය (ප්‍රසිද්ධ ) කිරීමට බලාපොරොත්තු වේ. එවිට එය සෛල ආශ්‍රිත ප්‍රතිකාර සහ පර්යේෂණ ව්‍යාපෘති සඳහා භාවිතා කළ හැකිවේ. විද්‍යාඥයින්ගේ මේ පිළිබඳ සොයා ගැනීම් විස්තරයන් Nature Communication සඟරාවේ පළකර තිබේ.

උපුටාගැනීම :
Cod inspire potentially life-saving cold storage tech for human blood - Ben Coxworth

0 comments:

Post a Comment