September 17, 2014

ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය වලින් සිදුවන පරිසර හානිය


දෛනික ජීවිතයේදී අධික විද්‍යුත් උපකරණ ප්‍රමාණයක පරිහරණය කරයි .අපගේ රටේ නිවාස අතරින් 90 % කට වඩා අධික ප්‍රමාණයකට විදුලි සැපයුම ඇති බැවින් අපට නැතිවම බැරි මේ විදුලි උපකරණ භාවිතය දිනෙන් දින ඉහල යමින් තිබේ.
විදුලි බුබුළු දුරකතන  රූපවාහිනි යන්ත්‍රශීතකරණ පරිගණක ආදි විවිධ  විදුලි උපකරණ විශාල ප්‍රමාණයක් නිවෙස් තුල කාර්යාල  තුල වෙළඳ ව්‍යාපාර තුල කර්මාන්තශාලා තුල රථ වාහන ආදියේ භාවිතා කරයි.  
මෙම විදුලි උපකරණ අතරින් සමහරකගේ ආයු කාලය ඉතා අඩුද සමහරක සාපේක්ෂව වැඩිය. නමුත් මෙම කුමන විදුලි උපකරණයක් වුවත් භාවිතයෙන් පසුව බැහැර කිරීම ගැන අප සැලකිලිමත් විය යුතුයි.
භාවිතයෙන් පසු ඉවත දමන විදුලි උපකරණ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය (e- Waste) ලෙස හඳුන්වයි

 ඉලෙක්ට්‍රෙනික අපද්‍රව්‍යවල පාරිසරික හා සෞඛ්‍ය බලපෑම
1-රසදිය - CFL හා වෙනත් ප්‍රතිදීප්ත විදුලි බුබුළු ඇතැම් බැටරි වර්ග
2- ඊයම් - කැතෝඩ කිරණ නල බැටරි මුද්‍රිත පරිපථ පුවරු
3- කැඩිමියම් - නිකල් කැඩ්නියම් බැටරි කැතෝඩ කිරණ නළතීන්ත වර්ග
4- බ්‍රෝමීනිකෘත  ගිනි විකර්ෂක ද්‍රව්‍ය පරිපථ පුවරු ප්ලාස්ටික් ආවරණ
5- PVC - කේබල් ආවරණ ප්ලාස්ටික් ආවරණ ආදිය
6-නිකල් - නිකල්-කැඩ්මියම් බැටරි කැතෝඩ කිරණ නල
7-බෙරිලියම් - විදුලි බල සැපයුම් පද්ධති
මෙවැනි විදුලි උපකරණ අනිසි ලෙස පරිසරයට බැහැර කිරීමෙන් විවිධ රසායනික ද්‍රව්‍ය පරිසරයට එකතු වීමෙන් පස ජලය සහ වාතය දූෂණය වේ. එමගින් අපගේ සෞඛ්‍යයට අහිතකර බලපෑම් ඇතිවේ.

  අපට කල හැකි දේ

1-  ආයු කාලය වැඩි ගුණාත්මක බවින් ඉහල විදුලි උපකරණ මිලදී ගැනීම සහ භාවිතය
2-  විදුලි උපකරණ හැකි සෑමවිට යාවත්කාලීන කර හෝ අළුත්වැඩියා කර භාවිතයට ඵලදායි ලෙස යොදා ගැනීම
3-  විෂ සහිත වායු නිකුත් වන නිසා සහ හානිකර ද්‍රව්‍ය ඉතිරිවන නිසා මේවා විවෘතව දහනය කිරීමෙන් වැලකිය යුතුය
4-  විදුලි උපකරණ ප්‍රතිචක්‍රීකරණය සඳහා එකතු කරන ස්ථාන වලට විදුලි උපකරණ ලබාදීම
5-  විවිධ සංවිධාන සහ රජයේ ආයතන ඉලෙක්ට්‍රොනික අප ද්‍රව්‍ය එකතු කරන අවස්ථා වලදී අප සතු  භාවිතයෙන් ඉවත් කල විද්‍යුත් උපකරණ ලබා දීම
                                                                   උපුටා ගැනීම - www.archives.dailynews.lk
                                                                                             www.thesundayleader.lk

0 comments:

Post a Comment