September 27, 2014

මොළ‍යක් ඇති විස්මිත බඳුනක්

මේ කාලයේ සෞඛ්‍යය හා සම්බන්ධ අලූත් මෙවලම් රාශියක් හැම තැන ම දැක ගත හැකියි. ඔබ ගන්නා ආහාර ගැන සෙවිල්ලෙන් ඉන්න පුළුවන් අත් වළල්ලක් පසුගිය දා ලෝකය පුරා කාගේත් අවධානය දිනා ගත්තා. ඒ හැරෙන්නට ඔබේ සෞඛ්‍ය තත්වය ගැන කිව හැකි අත් වළලූ රාශියක් තියෙනවා. ඒවා ඔබට ටෙලිෆෝන ලෙසත් පාවිච්චි කරන්නත් පුළුවන්.


දැන් ඇවිත් තියෙන අලූත් මෙවලම වෙසිල් (Vessyl) කියලයි ඔවුන් හඳුන්වන්නේ.
ඇමරිකාවේ සැන් ෆ්රැන්සිස්කෝහි පිහිටි ‘මාක් වන්’ කියන භාණ්ඩ අලෙවි නියෝජිතායතනය විසින් තමයි, මේ නව භාණ්ඩය ඉදිරිපත් කර ඇත්තේ. ජස්ටින් ලී (Justin Lee) හා යේ බෙහා (Yves Behar) දෙදෙනා ප‍්‍රමුඛ ෆියුස්ප්‍රොජෙක්ට් (Fuseproject) කණ්ඩායම තමයි, මේ නව නිර්මාණයට වගකිවයුත්තේ.


බැලූ බැල්මට මෙය සාමාන්‍ය වතුර බොන කෝප්පයක් වගෙයි. ඒත් මේකට ‘මොළේ‘තියෙනවා. ඒකයි, මේකට අප ස්මාර්ට් කෝප්පයක් කියා කියන්නේ. මෙහි දමන කිසිම දෙයක් එහි ඇලෙන්නේ නැහැ.
මේ කෝප්පයට හැකිියාව තියෙනවා, ඕනෑම දියරයක් ඊට වත්කර තත්පර කීපයක් ඇතුළත එහි පරමාණුක ව්‍යුහය විශ්ලේෂණය කර එහි ඇත්තේ මොනවාදැයි කියන්න. නිදසුනක් වශයෙන් කිරිද, නැත්නම් වෙනත් යුෂ වර්ගයක්ද කියා කියන්න. වෙන එකක් තියා පෙප්සි හා කොකාකෝලා දෙක වෙන් වෙන්ව හඳුනා ගන්නත් එයට පුළුවන්.


එහි අඩංගු කැලරි ප‍්‍රමාණය කෙතෙක්දැයි කියන්නත් පුළුවන්. ඊට අමතරව, එහි ඇතුළත් සීනි, මේද, ප්‍රෝටීන්, සෝඩියම් හා කැෆේන් ආදියෙහි ප‍්‍රමාණයන් කියන්නත් පුළුවන්.
මේ බඳුනෙහි ඇති බැටරිය පැයක් ආරෝපණය කළා ම සතියක් පාවිච්චි කළ හැකියි.
මෙම විස්මිත භාජනය නිෂ්පාදනය කිරීමට පෙර අලෙවි කිරීම සඳහා අනුග‍්‍රාහකයන් සෙවීමට හා අරමුදල් රැුස් කිරීමට ප‍්‍රචාරක වැඩ සටහනක් දැන් අන්තර්ජාලය හරහා දියත් කර තියෙනවා.

https://www.youtube.com/watch?v=lu4ukHmXKFU

0 comments:

Post a Comment