September 15, 2014

ගණිතයට නොබෙල් සම්මානය ලද ප්‍රථම කාන්තාව

ගණිතය විෂයෙහි සුවිශේෂි දස්කම් දක්වන, වයස අවු 40 ට අඩු පුද්ගලයන්ට පිදීම සඳහා අන්තර්ජාතික ගණිතය සංගමය මඟින් විශේෂිත සම්මානයන් ස්ථාපනය කර තිබේ.කැනේඩියානු ගණිතඥ ජෝන් සී.ෆිල්ඩ් ගෙන් පසුව නම් කරන ලද මෙම සම්මානය ගණිතය පිළිබඳ නොබෙල් සම්මානය ලෙස සලකනු ලැබේ. වර්ෂ 1936 සිට සෑම වසරක්ම මෙම සම්මානයෙන් ගණිතඥයින් පිදුම් ලබයි. එක් වරකට සුවිශේෂ ගණිතඥයින් සිව් දෙනෙකු දක්වා වූ ප්‍රමාණයකට සම්මාන ලබාදිය හැකි නමුත් මෙම සම්මානය සඳහා කාන්තාවන් සුදුසුකම්  ලැබු ප්‍රථම අවස්ථාව මෙය වේ. ස්ටැන්ෆෝඩ් විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරියක් වු මාරියම් මිර්ෂාකානි (Maryam Mirzakhani) 2014 වර්ෂයේදී මෙම සම්මානයෙන් පිදුම් ලද ලොව ප්‍රථම කාන්තාව බවට පත්විය. මෙහිදී ගති විද්‍යාව (Dynamics) , රිමන් පෘෂ්ඨ සම්බන්ධ ජ්‍යාමිතික (Geometry of Riemann  Surfaces) සහ ඒවායේ මොඩියුල අවකාශ  (Moduli Spaces)  ක්ෂේත්‍ර වලදි ඇයගේ අසහාය දායකත්වය අගය කරන ලදි.

ඉරානයේ, ටෙහෙරාන් නුවර උපත ලද මිර්ෂාකානි පාසැල් අවධියේ සිටම ගණිතයට සුවිශේෂි දස්කම් දක්වන ලදි. International Mathematical Olympiad නම් ලොව වඩාත්ම පිළිගැනීමට ලක් වු (Pre - Collegiate) පෙර විද්‍යාපිඨ සිසුන් සඳහා වු ගණිත තරඟාවලියේදී එක් වරක් නොව දෙවරක්ම ඇය රන් සම්මානය දිනා ගැනීමට සමත් විය. 1995 තරඟාවලියේදී 100% ක ප්‍රතිඵල ලබාගැනීමෙන් ඇය වඩාත්ම සිත් ගන්නා නිපුණත්වයක් ප්‍රදර්ශනය කරන ලදී.

ටෙහෙරානයේ සැරිකා තාක්ෂනික විශ්ව විද්‍යාලයෙන් පළමු උපාධිය ලද ඇය හවාඩ් විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා ගන්නා ලදි. එහිදි ගණිතය පිළිබඳ නොබෙල් ත්‍යාගලාභියෙකු වු Curtis McMullen ( කර්ටිස් චැක්මුලින්) ඇයගේ ගුරුවරයෙකු  විය.
ඇය ,රිමන් පෘෂ්ඨ (Riemann surfaces) ලෙස හැඳින්වෙන සංකීර්ණ ඒකමාන  (One dimensional) තලයන්ට මොඩියුල අවකාශ පරිමාව සොයා ගැනීම පිළිබඳව ගෞරවයට පාත්‍ර විය.  Teichmuller theory, Hyperbolic geometry, Ergodic theory, Symplectic geometry. (ටීමුලර් න්‍යාය, බහුචලියිත ජ්‍යාමිතිය, එර්ගෝඩික් න්‍යාය, සිම්පලටික් ජ්‍යාමිතිය) වැනි ගණිත ක්ෂේත්‍ර තුල ඇය සුවිශේෂි දස්කම් දක්වා තිබේ.
නව ඔප්පුකිරිම් නිර්මාණය කිරිම සඳහා මට විශේෂිත වට්ටෝරු තිබුණේ නැහැ.ඒ නිසා මෙම පර්යේෂණ අභියෝගිකාරි මෙන්ම ආකර්ෂණියයි එය හරියටම කැළැවේ අතරමං වී එළියට ඒමට දඟලනව වගෙයි. එවිට තමාට එක්කර ගත හැකි සියලු දැණුම මඟින් නව උපක්‍රම සාදා සමහර විට වාසනාවද සමඟ වනයෙන් පිටතට ඒමට හැකිවෙනවා යැයි ඇය ප්‍රකාශ කරන්නීය.

උපුටාගැනීම
Iranian Becomes First WomanTo Ever Win The Nobel Prize Of Mathematics- Lisa Winter
 http://www.iflscience.com/technology/iranian-becomes-first-woman-ever-win-nobel-prize-mathematics.

https://www.youtube.com/watch?v=kifqPl024uU

0 comments:

Post a Comment