September 3, 2014

දීර්ඝාසුෂ විදීමේ රහස...........

දිගු කල් නිරෝගී ව ජීවත් වීම බොහෝ දෙනෙකුගේ සිහිනයකි. නමුත් කිසිවෙකුත් නොදන්නා රහසක් වනුයේ ද එයමයි. තවමත් සැග වී පවතින රහසක් හෙලිදරව් කිරීමට විද්‍යාඥයින් පිරිසක් ගත් උත්සහයක ප්‍රතිඵලයක් වශයෙන් අඩු ප්‍රෝටීන භාවිතය වැඩි ආයුෂ ලබා ගැනීමට මගක් බවසොයා ගන්නා ලදි.
මස්, බිත්තර සහ කිරි සහිත නිෂ්පාදන අඩුවෙන් භාවිතය නිසා දිගු කල් ජීවත් වීමට හැකි බව නවතම සොයා ගැනීම්වලට අනුව හෙලිදරව් වී ඇත. මේ පරීක්ෂණය සදහා මිනිසාට අමතරව තවත් සත්ත්ව විශේෂයක් යොදා ගැනුනා. ඒ අප කවුරුත් හොදින් දන්නා කිරි නිෂ්පාදනවලට බෙහෙවින් ගිජුකමක් දක්වන මීයොයි. මේ කොට්ඨාශ දෙකෙන් ම අවසානයට තීරණය වූයේ වැඩි ප්‍රෝටීන අඩංගු ආහාර භාවිතා කළ අයගේ මරණය ඉක්මන් බවයි.
ප්‍රෝටීන ජීවීන්ගේ පැවැත්මට අත්‍යවශ්‍ය ම සාධකයක් ලෙස සැලකිය හැකි ය. සෛල, පටක හා මාංශ පේශිවල හැඩය ඇති කිරීමේ ප්‍රධාන නිර්ණායකය ප්‍රෝටීනයි. එසේ ම සිරුරට අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථයකි. ප්‍රෝටීන අඩංගු ආහාර හා ඒවා ආහාරයට එක් කර ගත යුතු ආකාරය පිළිබද ව මිනිසුන් දැනුවත් කිරීම පිලිබද ව නවත ම අධ්‍යන මගින් යෝජනා වී ඇත. රසවත් මස්/මාළු සහ පරිප්පු යන ආහාර දෙකේ ම ප්‍රෝටීන අඩංගු බවත් මස්/මාළු වෙනුවට පරිප්පු ආදේශ කිරීමත් උදාහරණයක් ලෙස සැලකිය හැකි ය.
එමෙන්ම තවත් සමීක්ෂණයකින් පෙනී ඇත්තේ මැදිවියේ සිටින අයගෙන් වැඩි ප්‍රෝටීන් භාවිතයක් ඇති අය මිය යාමට ඉහල අවධානමක් පවතින බවයි. එම අවධානම වැඩිපුරම ඇත්තේ සත්ත්ව ආහාර භාවිතයට ගන්නා පුද්ගලයින්ටයි. එම නිසා නිර්මාංශික වූවන් ඉන් අපහසුතාවයට පත් නොවේ.
එහිදී අන්තර්ජාතික විද්‍යාඥ කණ්ඩායමක් මගින් වයස අවුරුදු 50ට වැඩි මිනිසුන් 6300ක් යොදා ගෙන මේ සමීක්ෂණය කරන ලදී. ඔවුන් අවන්හල් හා දුම්රිය භෝජන මැදිරිවල වසර 18ක් පුරා සැරිසරමින් මෙම දත්ත එක් රැස්කර ඇත. එම පිරිසෙන් ප්‍රෝටීන්වලින් 10%ක් තම කැලරි ප්‍රමාණ ලබා ගත්  පිරිස අනිත් මැදි වියේ පුද්ගලයින්ට වඩා කාර්යශූර බවින් වැඩි වී දියවැඩියාව හා පිලිකාවලට ගොදුරුව මිය යෑමේ ප්‍රවණතාවය අඩු විය.
 කෙසේ හෝ ප්‍රෝටීන අඩුවෙන් ආහාරයට ගැනීම සැමටම ගුණදායක නොවේ. වයස අවුරුදු 65ට වැඩි අයට අඩු ම වශයෙන් සිරුරට අවශ්‍ය කැලරි ප්‍රමාණයෙන් 20%ක්වත් ප්‍රෝටීන්වලින් සපුරා ගන්නේ නම් පිලිකා වැලදීමේ අවදානම අඩු ය.
වයස අවුරුදු 65 වන තෙක් ප්‍රෝටීන වැඩියෙන් ආහාරයට ගැනීම සුදුසු නොවේ.”  දකුණු කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස් විශ්ව විද්‍යාලයේ සේවය කරන වෝල්ට(ර්) ලො‍ගෝ පවසයි. පමණට වඩා ප්‍රෝටීන අඩංගු ආහාර ගැනීමෙන් දුම් පානයෙන් ලැබෙන අහිතකර ප්‍රථිඵල ම ලබා දෙන බව ද ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කලේ ය. එසේ ම මෙම විද්‍යාඥයින් ප්‍රෝටීන් අපේ සතුරා බව ප්‍රසිද්ධියේ ම ප්‍රකාශ කරයි.
එසේ ම හාවඩ් විදුහලේ විද්‍යාඥයන් පවසන්නේ ප්‍රෝටීනවල ඇති මේ අවධානම ඔවුන් පුදුමයට පත් කළ බවයි.එමෙන් ම මේ පිලිබදව තව දුරටත් පරීක්ෂණ පවත්වා එය තවත් සනාථ කල යුතු බව ද ඔවුන් පවසයි.
දෙවෙනියට යොදා ගැනුනු සත්ත්ව කොට්ඨාශය ද ලබා දුන්නේ එවැනි ම නිගමනයකි. එනම් ඔවුන් යොදා ගත් මීයන් 858 දෙනාට ම විවිධ වර්ගයේ කාබෝහයිඩ්‍රේට, මේදය හා ප්‍රෝටීන අඩංගු ආහාර සපයා දෙන ලදී. සාමාන්‍යෙයන් වැඩිපුර ප්‍රෝටීන අඩංගු ආහාර ගත්තවුන් වැඩි වයසක් නොගොස් ම මිය ගිය හ. එමෙන් ම කාබෝහයිඩ්‍රේට අඩංගු ආහාර ගත්තවුන් වැඩි කල් ජීවත් වූහ.
කලින් කල අධ්‍යනයකින්(පලතුරු මැස්සන්, බල්ලන් හා මීයන් යොදා කල පරීක්ෂණයකි.) අවධාරණය වූයේ ද යොදා ගත් අයගෙන් 25%ක් පමණ මිය ගියේ වැඩි ප්‍රෝටීන භාවිතය නිසයි. ඔවුන් කල නව අධ්‍යනය තුලින් ඔවුන් විවිධ නිර්මාණයන් කර ඇත. ඒවායින් අදහස් වන්නේ දීර්ඝායුෂ විදීමේ යතුර වනුයේ අඩු ප්‍රෝටීන භාවිතය යන්නයි.
වැඩෙන දරුවන්ට ප්‍රමාණවත් තරම් ප්‍රෝටීන අඩංගු ආහාර අවශ්‍ය පමණට දිය යුතු ය. නමුත් වැඩිහිටියන් අවශ්‍ය පමණට ස්වල්ප ප්‍රමාණයක් ප්‍රෝටීන අඩංගු ආහාර ගත යුතු ය. මානව අධ්‍යන අංශයේ සේවය කරන විද්‍යාඥ ලෝගෝ පවසන්නේ වැඩිහිටියන් ධාන්‍ය වර්ග හා ශාක ආශ්‍රිත නිෂ්පාදන වලින් අවශ්‍ය ප්‍රෝටීන සපයා ගැනීම වඩාත් උචීත බවයි. තව දුරටත් ඔහු තර්ක කරන්නේ “අපි වැරදි නම් ප්‍රෝටීන භාවිතය අඩු කිරීමෙන් කිසි ම අහිතකර බලපෑමක් සිදු නොවේ. නමුත් අපි නිවැරදි නම් එහි අර්ථය වන්නේ පිලිකා හා දියවැඩියාව මගින් සිදු වන මිනිස් මරණ ප්‍රමාණය අඩු වන බවයි.

උපුටා ගැනීම - https://student.societyforscience.org/article/low-protein-longer-life-for-some   

1 comments:

අපි හිකන් ඉන්ෙන් ඩැඩිෙයන් ෙප්‍රා්ටීන කැවාම හරි කියලෙන්. good article.

Post a Comment