September 30, 2014

හෘදයේ පොම්පකිරීමේ ශක්තියට දිගුකාලයක් සඳහා කාබන් නැනෝනාලිකා පැලැස්තර


කාබන් නැනෝනාලිකා පැලැස්තර මගින් ඔබේ හෘදයේ පොම්පකිරීමේ ශක්තිය වඩාත් හොදින් ශක්තිමත්ව දිගුකාලයක් පවත්වාගන්න.1985 වර්ෂයේදී රයිස් විශ්වවිද්‍යාලයේ රිචඩ් සම‘ලි විසින් කාබන් වල නවතම ආකාරයක් සොයාගත් අතර එය “බක්මිනිස්ටර්ෆලුවරන්ස්“   (buckminsterfullerene) ලෙස හෝ සරලව C60 ලෙස හඳුන්වන ලදී. පසුව ඔහු කාබන්වල නැනෝනාලිකා සංස්ලේශණය කිරීමේ නවතම ක්‍රමවේදයක් සොයාගන්නා ලදී. මෑත කාලීනව රයිස් හි ජීව ඉන්ජිනේරුවන්  හෘදයේ සිදුරු නිසා රෝගීවූවන්ට උපකාරී වන ශක්තිමත් මෙන්ම සංනායකතාවය සහිත අවහිරකිරීමක් (පැලැස්තරයක්) නැනෝනාලිකා මගින් නිර්මාණය කිරීම පිළිබඳ පර්යේෂණ සිදුකර ඇති අතර එය ඔවුන්ගේ පරීක්ෂණ පත්‍රිකාවක් වන  ACSNano හි විස්තර කර ඇත. ඔවුන්ගේ මෙම විශිෂ්ඨ කාඩියැක් පොටි විශේෂය ඉහත රූපයේ පෙන්වා ඇත.
ලොව සියළු දෙනාම පාහේ සිය ශරීරයේ භෞතික වෙනස්වීමකට අදාල විශීෂ්ඨ වූ දුෂ්කර ක්‍රියාවලියක් ඉවසා දරාගෙන සිටී. එනම් උපතේදී හෘදයේ වම් හා දකුණු කර්ණිකා අතර පවතින දොරටුව (සිදුර) වැසී යාමයි. මෙම සිදුරට හේතුව ගැබෙහි වූ දරුවා ඔක්සිජන් ලබාගනුයේ මවගේ කලල බන්ධය හරහා වන අතර එබැවින් ඔහුගේ පෙනහළු භාවිතයට නොගැනීමයි. මෙලොවට බිහිවන විටම පෙනහළු ක්‍රියාකාරී වන අතර ඒ සමගම හෘදයේ දකුණු පසින් ඇතිකරන පීඩනය වේගයෙන් පහලට ගමන් කිරීමෙන් සංකීරණ භෞතික හා රසායනික ක්‍රියාවලි පෙලක් සිදුවේ. නමුත් ඇතැමුන්ගේ මෙම ක්‍රියාවලිය නිසි ආකාරයෙන් සිදු නොවන අතර එනිසා හදවත නමැති පොම්පයේ ප්‍රසස්ථ ක්‍රියාකාරීත්වය නොලැබේ. මෙම ගැටළුවට අමතරව වෙනත් අවධානයට ලක් නොකිරුණු හෘදයේ සංකුලතා බොහෝමයක් පවතී.

රිච් පර්යේෂකයන් මීට පෙර කයිටොසාන් (chitosan) පදනම්කරගත් හයිඩ්‍රොජෙල් පැලැස්තර විශේෂයක් වැඩිදියුණු කරන ලද අතර එය හෘදයේ සිදුරු වැසීම සඳහා භාවිතය පිළිබඳ පර්යේෂණ සිදුකර ඇත. (කයිටොසාන් යනු ඉස්සන් වැනි කවච සහිත ජීවීන්ගේ භාහිර ආවරණයේ පවතින කයිටීන් වලින් නිෂ්පාදනය කරනු ලබන සංයෝගයකි.) මෙම කයිටොසින් මගින් නිර්මිත දැලෙහි පවතින සිදුරු අතරට හෘත් සෛල ගමන් කිරීමෙන් හෘත් සිදුරු සාර්ථකව අවහිර වීමක් සිදුවූ නමුත් මෙහි ඇති ගැටළුව නම් මෙම පැලැස්තරය විද්‍යුතය සංනයනය නොකිරීමයි. මින් හෘදය හෘත් ප්‍රිබ්‍රිලේශන් (state of fibrillation) නම් අවධානම් තත්වයට පත්වේ. පැලැස්තරය සඳහා නැනෝ නාලිකා නියමිත සාන්ද්‍රණයට සම්බන්ධ කලේ නම් එමගින් හෘත් කොන්ක්‍රීට් ව්‍යුහයට වැරගැන්වූ සැකිල්ල්ක් ලැබෙනු ඇත.[DOI: 10.1021/nn503693h]



වෙනත් පර්යේෂකයන් පිරිසක් විසින් ස්වභාවික ක්‍රියාකාරිත්වය සහිත හෘත් පටක නැනොනාලිකා යොදාගෙන නිපදවීම පිළිබඳ පර්යේෂණ සිදුකර ඇත. මෙහිදී හෘත් සෛල මගින් නැනෝනාලිකා විකර්ෂණය කල හැකි බැවින් ඒවායේ සාන්ද්‍රණය ඉතා අඩු මට්ටමක (67 ppm) පවත්වා ගත යුතු වේ. කයිටොසාන් හා නැනෝනාලිකා වඩාත් හොඳ මිශ්‍රණයක් බව රයිස් හි ඉන්ජිනේරුවන් පවසයි. කයිටොසාන් හි ජලකාමී හා ජලභීතික කොටස් දෙකම පවතින බැවින් ඒවා නැනෝනාලිකා සමග මනාව ආකර්ෂණය වේ. මෙයට පර්යේෂකයන් විසින් පෙර භාවිත ජෛව පදාර්තයේ පැවති පොලිකැප්රොලැක්ටෝන් (polycaprolactone) නමැති සංයෝගයද එක් කර ඇති අතර එය මූලික ව්‍යුහයට ආධාරකයක් ලෙස ක්‍රියා කරයි. 

මෙලෙස නිර්මිත පැලැස්තර වල විද්‍යුත් සංනයන වේගය ස්වභාවික හෘත් පටල වල වේගයට (22 ± 9 cm/s) වඩාත් සමානව සිදුවන බව හා හෘදයේ බිත්ති හා සමානව ශක්තිමත්ව ක්‍රියාකිරීමේ හැකියාව පවතින් බව ඉහත කණ්ඩායම සොයාගෙන ඇත. මේ හේතුවෙන් මෙම ප්‍රතිකාර ක්‍රමය හෘදය ආශ්‍රිත බොහෝ රෝග හා සින්ඩ්‍රෝම තත්වයන් සමනය කිරීමට හේතුවනු ඇත. නමුත් මෙහි තවදුරටත් පරීක්ෂණ කටයුතු සිදුකරනු ලබන අතර නුදුරු අනාතතයේදී මෙම සන්නායක පටක පැලැස්තර  (conductive tissue patch) ලොව හෘද රෝගීන් බොහෝමයකගේ ජීවිත බේරාදෙනු ඇත. 

උපුටා ගැනීම.:
www.extremetech.com/extreme/190939-carbon-nanotube-patches-can-keep-your-heart-pumping-longer-better-stronger       
By John Hewitt on September 26, 2014 at 1:28 pm

0 comments:

Post a Comment