September 11, 2014

ඇඳුම , බැටරියක් කරන වයර්

තඹ රැහැන් හොඳ සන්නායකයක් බැවින් විද්‍යුත් ධාරා ඒ තුලින් ගමන් කරන බව අපි දනිමු. බැටරිය යනු විදුලිය ගබඩා කර ඇති භාණ්ඩයකි.  ඒ නිසා බැටරියක් සහ තඹ රැහැනක් යන දෙකම භාවිතයෙන් විදුලි බුබුළු දැල්විය හැකිය. නව සොයා ගැනීම අනුව නව විශේෂිත  තඹ රැහැනට සන්නායකයක් ලෙස මෙන්ම විදුලිය ගබඩා කරන (බැටරියක් ) භාණ්ඩයක් ලෙසද ක්‍රියා කිරිමේ හැකියාව තිබේ. එනම් විශේෂිත තඹ රැහැන පමණක් විදුලි බුබුලක් දැල්විමට ප්‍රමාණවත්ය (බැටරියක් නොමැතිව).

අනාගතයේ දී බැටරි නොමැතිව රැහැන මඟින් පමණක් උපකරණ  පණගැන්වීමට සහ ක්‍රියාත්මක කිරීමට හැකිවනු ඇත. එවිට බැටරි මඟින් ක්‍රියාත්මක වන උපකරණ ප්‍රමාණයෙන්  ඉතා කුඩා වනු ඇත. බැටරි මඟින් ධාවනය වන වාහන සැහැල්ලු වන අතර ඒවායේ ඉඩකඩ වැඩිවේ. ශක්තිය ගබඩා කරන රැහැන් මඟින් රෙදි නිෂ්පාදනය කිරීමෙන් ජංගම දුරකථන හදිස්සියකදී ආරෝපණය කිරීමේ හැකියාව ඇති ඇඳුම් නිර්මාණය වනු ඇත.

 මෙම විශේෂිත තඹ රැහැන්, මධ්‍යම  ෆලොරිඩා විශ්ව විද්‍යාලයේ ද්‍රව්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥ කණ්ඩායමක් විසින් සංවර්ධනය කර තිබේ. මේ සඳහා ඔවුන් සුපිරි ධාරිත්‍රයක්, (Super capacitor ) සාමාන්‍ය සන්නායක තඹ රැහැන් වලින් ඔතා ඇත.


සුපිරි ධාරිත්‍ර ආවරණයේ නැනෝ - කෙඳි (Nano – fiber) ස්ථර දෙකක් තිබේ. මෙම ස්ථර දෙකහි රැහැන් මතුපිටින් එළියට විහිදි ඇත්තේ බ්‍රෂ් (Brush) එකක කෙඳි පිහිටා ඇති ආකාරයටය. මෙමඟින් රැහැන් වල මතු පිට ක්ෂේත්‍ර ඵලය සිය ගුණයකින් වැඩිවීම ශක්තිය ගබඩා කිරීම සඳහා ප්‍රයෝජනවත් වේ.

නවතම රැහැන් තවමත් පර්යේෂණාගාර ආකෘති මට්ටමේ පැවතියද ඒවායේ සමහර ගුණාංග සත්‍ය ලෝකයේ විවිධ නිර්මාණ සඳහා ප්‍රයෝජනවත් වී තිබේ. නිෂ්පාදකයෝ මෙම රැහැන් විවිධාකාරයෙන් නමා පන්සිය වාරයකට වඩා ආරෝපණය කිරීම සහ විසර්ජනය කිරීම (Discharge) සාර්ථකව ක්‍රියාත්මක කර තිබේ. ඒවායේ ස්ථාවර සහ කල් පවත්නා බව එමඟින් සනාථ වේ. සාමාන්‍ය වෙළඳ පොළට නිරාවරණය කිරීමට පෙර මෙහි සුපිරි ධාරිත්‍ර ස්ථරයේ වැඩි විදුලියක් ගබඩා කිරීමට අවශ්‍ය බව ඒ පිළිබඳ වැඩි විස්තර (Advanced materials) නැමැති සඟරාවේ පළ කරමින් නව රැහැන් නිර්මාණ කණ්ඩායමේ මුලිකයා වු නැනෝ තාක්ෂණ විද්‍යාඥ ජයන් තෝමස් පවසයි.

උපුටාගැනීම :
Two-In-One Wires could turn clothes into Batteries - by Francie Diep


0 comments:

Post a Comment