September 18, 2014

මන්ද පෝෂණය මැඩීමට සුපිරි කෙසෙල්

ක්වීන්සලන්ඩ් තාක්ෂණ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ජේමිස් ඩේල් පවසන පරිදි ලොව පුරා සිටින දරුවන් 650,000700,000 අතර ප්‍රමාණයක් Pro – Vitamin A හිඟකම නිසා සෑම වසරකදීම මරණයට පත්වේ. මෙයින් බහුතරයක් උගන්ඩාව වැනි නැගෙනහිර අප්‍රිකාවේ ළමයින් බව හඳුනාගෙන තිබේ. එම ප්‍රදේශවල දැනට බහුලව වගාකරන සහ ආහාරයට ගන්නා ආහාරයක් ජානමය නවීකරණය මඟින් Pro – Vitamin A ලබාදිය හැකි තත්වයට පත් කිරීමෙන් මෙම ගැටළුවට කල් පවත්නා විසදුමක් ලබා දිය හැකි බව ඩේල් යොජනා කරයි. එය ප්‍රායෝගීකව ක්‍රියාත්මක කිරීම සඳහා ඔහු සුපිරි කෙසෙල් (super bananas)” නිර්මාණය කර තිබේ. දැන් එය එක්සත් ජනපදයේදී මනව පරිභෝජනය සඳහා සුදානම් කර ඇත.

ඕස්ට්‍රේලියානු රජයේ සහ මෙලින්ඩා ගේට්ස් පදනම් ආයතනය(Melinda Gates foundation) ලබා දුන් ඇමරිකානු ඩොලර් මිලියන 10 ක ප්‍රතිපාදන මත මෙම ව්‍යපෘතිය ක්‍රියාත්මක කිරිම ඩේල් සහ කාණ්ඩායම 2005 වසරේදී ආරම්භ කරන ලදී. කෙසෙල් පිසිමෙන් සකස්කර ගන්නා ආහාරය නැගෙනහිර අප්‍රිකානු ජාතින්ගේ ප්‍රධාන ආහාරයක් ලෙස සැකේ. එම නිසා කෙසෙල් වලට හිඟ පෝෂ්‍යජනක එක් කිරීම මඟින් එම ජනතාවගේ සෞඛ්‍ය තත්වය නගා සිටුවීම සඳහා  වඩත් ඵලදායීව කටයුතු ක හැකිය.
උතුරු  ක්වීන්සලන්තයේ වගා බිම් වල සුපිරි කෙසෙල් වගාව පර්යේෂණ මට්ටමෙන් සාර්ථකව වගා කර තිබේ. නැ‍ගෙනහිර අප්‍රිකානුවන් පිසීම සඳහා යොදා ගන්නා සාමාන්‍ය කෙසෙල් මෙන්ම සුපිරි කෙසෙල්ද පිටතින් කහ පාටය (කෙසෙල් ලෙල්ල) එහෙත් කෙසෙල් ගෙඩිය තැඹිලි පාට වේ.   Pro – Vitamin A බහුලව එහි තිබේ. සුපිරි කෙසෙල් වල විටමින් ප්‍රමාණය ග්‍රෑම් 1 කට මයික්‍රො ග්‍රෑම් 20 දක්වා වැඩි කිරිම ඩේල්ගේ බලාපොරොත්තුවයි.

එක්සත් ජනපදයේදී මොන්ගොලියානු පස් සහිත බිම්වල කරන ලද සුපිරි කෙසෙල් වගා ව සාර්ථක ප්‍රතිඵල ලබාදී තිබේ. කෙසේ වෙතත් මේවා මනුෂ්‍ය පර්භෝජනය සඳහා සති 06 ක කාලයක් පර්යේෂණය ක්‍රියාත්මකය.මිනිස් කණ්ඩායමක් මෙම පර්යේෂණයට භාජනය වෙමින් දායකත්වය දක්වයි.
තවද විශේෂිත වර්ගයේ කෙසෙල් පැළෑටියන් හඳුනාගැනීම සඳහා උගන්ඩාවේ ගොවි බිම් වල සුපිරි කෙසෙල් පර්යේෂණාත්මකව වගා කෙරේ. එමඟින් ඉදිරි වසර කිහිපය තුලදී මුළු ලොවටම සුදුසු වඩා පෝෂ්‍යදායි කෙසෙල් හඳුන්වාදිමට බලාපොරොත්තු වේ. මෙම ජානමය නවීකරණය කරන ලද කෙසෙල් හෙවත් සුපිරි කෙසෙල් පිළිබඳව උගන්ඩා රජය අදාල නිකභාවය ලබාදෙනු ඇතැයි ක්වන්සලන්ත විශ්ව විද්‍යාලය අපේක්ෂා කරයි.
උපුටා ගැනීම:-
Human trials planned for genetically – modified super bananas – by Ben Cox worth.    http://www.gizmag.com/genetically-modified-super-bananas/32581/

0 comments:

Post a Comment